IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් ඇතැයි පොලිසිය කියයි. 

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද සිද්ධිය වූ ස්ථානය අසල වැටී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (5)

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට

Perera Tuesday, 23 April 2024 07:48 AM

පොලිසිය කියන කතාව හරි වෙන්නත් පුළුවන්... ගොතපු කතාවක් වෙන්නත් පුළුවන්...

:       0       0

පුරවැසියා Tuesday, 23 April 2024 09:09 AM

ගස මුදුන් මුලෙන් උගුල්ලන්නේ නැතිව අතු කපා දැමීමෙන් පලක් නැත

:       0       0

Dinesh Tuesday, 23 April 2024 10:23 AM

අපරාධකරුවන් සමාජයෙන් තුරන්විය යුතුමයි. ඒත් මේ එක රැයට කටයුතු කිරීමේදී නිවැරැදි පුද්ගලයකු වුවත් වැරැදිකරුවෙක් ලෙස හංවඩු ගසා මරණයට පත්විය හැක...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 23 April 2024 12:18 PM

දැන්ම කියන්න බැහැ.. පොලිස් ප්‍රකාශකත් ඕකම කියාවි. හැබැයි සත්‍ය වෙනස්ම සිදුවීමක් වෙන්න පුළුවන්, මතකනේ කුරුණෑගල වඩුබාස්ට කිව්ව ඒවා...!

:       0       0

නිහාල් Tuesday, 23 April 2024 03:39 PM

නව පිටපතට ස්තූතියි. අපි කම්මැලිකමේ හිටියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 623 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1749 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site