(ජේ.ඉඳුරුවගේ )
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ඒ අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න මහතා සබරගමුව පළාතට භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
සුභසාධන දිසාව භාර රාජකාරි ඉටුකිරීමේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. පද්මිණි මහත්මිය කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරු කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස් සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවක සහ යුවළක් හදිසියේ ඇතිවූ වමනය තත්ත්වයක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළ
මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්ත
වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අැදවැටී මියගොස් අැතැයි වවුනියාව පොලිසිය
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු