(දයාරත්න ඇඹෝගම)
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් 2331 වන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි.
මෙවර පොසොන් සතිය හෙට සිට ආරම්භ වේ.
මෙදින සිට ජුනි 06 වනදා දක්වා පොසොන් සතිය ලෙස නම්කර තිබේ.“නැගෙමු, පිඹිදෙමු, යෙදෙමු , සුරකිම් මිහිදු මා හිමි දෙසූ දහම්”යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාවයි.
පොසොන් ආගමික වැඩසටහන යටතේ ආගමික වතාවත් මැයි මස 25 වනදා මිහින්තලේ සති පිරිත් දේශණයෙන් ඇරඹිණි. එහි දොරකඩ අස්න මංගල්‍ය මැයි මස 31 වනදා පැවැත්වෙන අතර පසුදා උදෑසන හීල් දානයෙන් මිහින්තලේ සති පිරිත් පිංකම අවසන් වේ.
මිහිදු පෙරහර වීථි සංචාරය කරන්නේ ජුනි මස 2 වැනිදායි. පොසොන් සතිය පුරා මිහින්තලා පුදබිමේ දී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට ද කටයුතු යොදා ඇත. ජුනි මස 2,3හා 4 යන දිනවල මිහින්තලා ආලෝක පූජාව පැවැත්වේ.
ශ්‍රී මහා බෝධීන් වහ්නසේ අභියස ද පොසොන් සතිය නිමිත්තෙන් සුපුරුදු පරිදි ආගමික වැඩසටහන් පැවැත්වේ. රුවන්වැලි සෑ ආලෝක පූජාව ඇරඹෙන්නේ ජුනි මස 2 වැනිදා සන්ධ්‍යාවේ දී ය. පොසොන් පොහොය යෙදෙන ජුනි මස තුන්වනදා රුවන්වැලි සෑ රදුන් අබියස ධර්ම සාකච්ඡා කිහිපයක්ම සංවිධානය කර තිබේ.
එදින සවස 7.00 සිට 8.00 දක්වා ධර්ම සාකච්ඡාව පවත්වන්නේ කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේ යි. පස්වරු 8.00 සිට 9.00 දක්වා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමියන් වහන්සේ ගේ ධර්ම දේශනාවකි. එදින රාත්‍රි 9.30 සිට 10.30 දක්වා ධර්ම සාකච්ඡාව පවත්වන්නේ මහාචාර්ය ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි , ආචාර්ය ය නුගේතැන්නේ පඤ්ඤානන්ද , ආචාර්ය කල්ලංචියේ රතනසිරි යන නාහිමිපාණන් වහන්සේලා විසිනි.
ජුනි තුන්වනදා සවස 2.00 සිට 3.30 දක්වා කාලයේ අභියගිරිය විහාරස්ථානය අබියස ධර්ම සාකච්ඡාව සිදුකරන්නේ ආචාර්යය කල්ලංචියේ රතනසිරි නා හිමිපාණන් වහන්සේ , මහාචාර්ය තුසිත මෙන්ඩිස් , මහාචාර්ය අජිත් තල්වත්ත යන විද්වත් පිරිසයි. පස්වරු 5.00 සිට 06 දක්වා කාලයේ අභියගිරි ස්ථූපය අසල නෙළුම් මල් පූජාවක් පැවැත්වේ.
මීට අමතරව මිරිසවැටිය ,ලංකාරාමය ,ථූපාරාමය , ජේතවනාරාමය ඇතුළු සිද්ධස්ථාන රැසක ආගමික වතාවත් පැවැත්වේ.
විජය පුවත්පත් සමාගහ හා ලංකාදිප පුවත්පතේ අනුග්‍රහයෙන් තන්තිරිමලේ ආලෝක පුජාව ජුනි මස 02,03 හා 04 දින පැවැත්වේ. ඒ හා සමගාමිව තන්තිරිමලේ පුදබිම තුල ද ධර්ම දේශනා , බුද්ධ පූජා , බෝධි පූජා , භක්තිගීත ආදිය ඇතුළුබෞද්ධ ආගමික වැඩසටහන් රැසක් පුජය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන
මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල
කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
පොසොන් සතිය හෙටින් ඇරැඹේ