IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා

(යොහාන් භාසුර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.  

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පසුගිය 26 වැනිදා  පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපළ අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ  මූලිකත්වය ගත්ත මාලිමාවේ ඡන්ද පදනම පහළට වැටිලා තිබෙන බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි කියපු අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී ඒ මහතා පොහොට්ටුවේ නායකයින් උගණ්ඩාවට මුදල් ගෙනිච්චා යැයි බොරු චෝදනා කර  ජනතාව රවට්ටලා, ජනතාව නොමග යවලා  වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිළි බවත් ඔහු කීය.

ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලොකු වෙනසක් ඇති කරන වැරදි නිවරදි කිරීමට හොඳ මාවතක් බව ද ඒ මහා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව පැමිණි කාලයේ පොදුජන පෙරමුණ විරුද්ධ වෙද්දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වී ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ  මහා විකෘතිය ඇති කළ බව කී ඒ මහතා ඒ ඇති කළ විකෘතියේ සෘජු ප්‍රතිපල ඔවුන්ට විදීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට බලය තියෙන මේ අවස්ථාවේදීවත් රට ගැන හිතන ලෙස ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා පැවසුවේ රාජපක්ෂවරුන්ට බොරු චෝදනා කර, පොහොට්ටුවට බොරු චෝදනා කර  ජනමනස  වෛරයෙන් පුරවා, ජනතාව රවටා ජාතික ජනබලවේගය ඡන්ද ලබාගත් බවත්ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය ගන්නා විට රටේ ජනතාව ණය කරනවා, අනාගත පරපුර ණය කරනවා යැයි වර්තමාන ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසූ බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් ණයවලින්  අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරාය, නෙලුම් කුළුණ, මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම, මහා දැවැන්ත සංවර්ධනයක් රටට දුන් බවත් ඒ මහතා සඳහන් කළේය.

රට ණය කරන්නේ නැහැ, ණය ගන්නේ නැහැ කියපු අනුර කුමාර ආණ්ඩුව දිගින් දිගටම විදේශ ණය, බැඳුම්කර ණය ඇතුළු විවිධාකාරයෙන් ණය ගනිමින් සිටින බවත් වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන දීම වෙනුවට තාප්ප කඩලා, ගේට්ටු කඩලා සංදර්ශන පැවැත්වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (2)

පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා

ddd Monday, 28 October 2024 04:51 PM

දවල් හීන, මිනිස්සු ආයෙත් මෝඩවෙන්නේ නෑ. රාජපක්ෂ ගෑවිච්චි තැනකවත් ඡන්දයක් දෙන්නේ නෑ. මේ ගොල්ලෝ තමයි මේ රට ප්‍රපාතයට ඇදලා දැම්මේ...

:       2       22

වික්‍රම විද්‍රර Monday, 28 October 2024 05:15 PM

මම හිතන්නෑ මිනිස්සු බේරේ ඇලේ කක්කා නාන්න ඔච්චර අසා ඇති කියලා.. සාගර මහත්තයා ගිහිං නාලා පෙන්නන්න ඉස්සෙල්ලාම කක්කා නාන්න පුලුවන් කියලා...

:       2       14

ඔබේ අදහස් එවන්න

දියත

විමල්ට එරෙහි නඩුවකට දින දෙයි
2024 ඔක්තෝබර් මස 28 10 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් ප


කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 28 171 0

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂ


දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි
2024 ඔක්තෝබර් මස 28 288 0

නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බ


අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
2024 ඔක්තෝබර් මස 28 536 0

අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 517 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 735 2

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 597 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site