(අංජුල මහික වීරරත්න)
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපයට පැවසීය.
හෙක්ටයාරයකට රුපියල් 25000ක බැගින් ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කළ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම මැතිවරණය අවසන් වන තෙක් නතර කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වූ අතර දේශපාලන පක්ෂ කිහිපයක්ද පොහොර සහනාධාරය ලබාදීමට විරෝධයක් නැති බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබූ බවයි.
මැතිවරණ කොමිසමේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.
අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
Nisha Thursday, 03 October 2024 05:55 PM
හොඳ තීරණයක්. පොහොර සහනාධාරය ගොවීන්ට දෙන එක රජයේ යුතුකමක්... ඒ වගේම රජයෙන් ලැබෙන සහනාධාරය කිසි විටක දේශපාලනය සමග සම්බන්ධ විය යුතු නෑ. ජනාධිපතිට, මැකෝට ගොඩක් ස්තූතියි...!
Rama Thursday, 03 October 2024 07:03 PM
එතකොට ජනාධිපතිවරණයට කලින් රනිල් ඕක දෙන්න ගියාම නැවැත්තුවේ ඇයි?
අරවින්ද මොනරවිල Thursday, 03 October 2024 06:30 PM
මැතිවරණ කොමිසම පොහොර සහනාධාරයට විරුද්ධ වුනේ මොන පදනම මතද කියන එක ප්‍රශ්නයක්, ජනාධිපතිවරයා මැතිවරණ පැවැත්වෙන දින ගැසට් කෙරුවාට තවම නාමයෝජනා බාර ගැනීමවත් ආරම්භ කරලා නැහැ...