(ගයාන් සූරියආරච්චි)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කර මේවන විට මාසයකට අධික කාලයක් ගතවී ඇතිමුත් කිසිදු හෝඩුවාවක් නිශ්චිතව සොයගැනීමට හැකිවී නොමැත.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි එම ඝාතන සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකෙරේ.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පී.එච්.අයි ඝාතන විමර්ශන සී.අයි.ඩීයට