(නිමල් ජයරත්න)
ප්‍රවාහන පහසුකම් අඩාල වීම නිසා මනම්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් තම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර භික්ෂූන් වහන්සේලා සමග සිව්පස් නමක් 15 වෙනිදා කිලෝමීටර කිහිපයක් දුර දානමය කටයුත්තක් සදහා පාගමනින් වැඩම කළ ආකාරය ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරුණි.
මහා සංඝ රත්නයට විවිධ පිංකම්වලට මෙන්ම අවමංගල්‍ය උත්සව සභාවලට වැඩම කරවමින් පාංශුකූල කටයුතු සිදු කිරීමත්,ආගමික කටයුතුත් සිදුකිරීමට ඉන්ධන හිඟය දැඩි බාධාවක් වී ඇත.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පා ගමනින් දනට වඩින මහා සඟරුවන
දෙරුවන Saturday, 16 July 2022 12:12 AM
එදා පා ගමනින්ම පෙළපාලි යනකොට වැඩිය කසාවත-රුවන නිසා අද රටේ ගරු කරන්නේ බුදු රුවන හා දහම් රුවනට පමනයිද??
BT Saturday, 16 July 2022 12:23 AM
දශක 4–5කට පෙර, මෙරට ගම්වල භික්ෂුන් වහන්සේලා සාංඝික දාන සහ අවමංගල්‍ය කටයුතුවලට රථවාහනවලින් වැඩම කිරීම සුලභ නොවීය. පරිසරයට හානියක් නොවන ලෙස, සරලව ජීවත් වන අන්දම වදාළ බුදුන් වහන්සේගේ අනුගාමික පිරිසට මේ ලැබී තිබෙන්නේ එම මාර්ගයේ ගමන් කිරීමට අනගි අවස්ථාවකි. ඉන්ධන සුලභ වූ පසුව ද මෙම පිළිවෙතම රකිත්වා!
කිරි පුතා Saturday, 16 July 2022 02:45 PM
මහා සංඝරත්නයේ නිරෝගී සුව උදෙසාත්, මේ සසරේ දුක වඩ වඩාත් අවබෝධ කර ගැනීම උදෙසාත් පා ගමනින් පිණ්ඩපාත වැඩීමමයි භාගයවතුන් වහන්සේගේ නියමය...!
BT Saturday, 16 July 2022 06:42 PM
මෙම දසුන තරුණ පරපුරට අරුමයක් වුවද දැනට වසර හතලිහකට, පනහකට පෙර අපගේ ගම්වල සුලභ දසුනක් විය. ලොව පහළ වූ අග්‍රතම පරිසරවේදී ආගමික ශාස්තෘ වහන්සේගේ අනුගාමිකයන් ලෙස මෙය අන් අයටද ආදර්ශයක්ම වේවා!
saki Saturday, 16 July 2022 08:02 PM
අනේකවාරයක් ඔබවහන්සේලාට බොහෝම පින්...!
සෙනෙවිරත්න Sunday, 17 July 2022 05:21 AM
මෙය තමයි විය යුතු... නමුත් වත්මන් ගමේ භික්ෂුව කෙටි දුරක් යාමට පවා දායකයා පහසුකම් සැපයිය යුතුයි... මීට කලකට පෙර බස් කුලිය වුවද දැන් එය රෝද තුනේ වාහන කුලියක් දක්වා වෙනස් කර ඇත. දානෙකට වැඩි භික්ෂුවකට ගමන් පහසුව දෙන ත්‍රිරෝද රියදුරාට දායකයා බත්මුලක් හෝ දෙකක්ද ගාස්තුව සමග දිය යුතුයි. වර්තමානයේ භික්ෂුන් නොදන්නවා වුණාට ගිහිසමාජය මොවුන් පිළිකුල් කිරීමට මෙම තත්ත්වය හේතුවක්ව ඇත...