(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පි.සි.ආර්. පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක් කිසිදු පරීක්ෂණයකින් තොරව පානදුර තොටවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරිම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශවාසීන් අතර අද (15) දැඩි ආන්දෝලනයක් ඇති විය.
මෙලෙස මියගොස් තිබුණේ පානදුර උතුර තොටවත්ත කලිෆා මාවතේ පදිංචිව සිටි 72 පුද්ගලයෙකි.
දිනෙන් දින කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන පානදුර තොටවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු නිවස තුළදී මියයාමෙන් අනතුරුව එම මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයට භාජනය නොකර මිහිදන් කිරීමට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ දැඩි ආන්දෝලනයක් මේ වන විට හටගෙන ඇත.
ඉකුත් 13 වෙනිදා මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර අද( 14) උදේ එම ප්‍රදේශය හදිසි මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත මියගිය පුද්ගලයාගේ ඥාතීන් පානදුර උතුර පොලිසියට පැමිණීමෙන් අනතුරුව එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි එම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ ද , පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මළ සිරුර පි සි ආර් පරීක්ෂණ සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාර වෙත යොමුකර තිබිණි.
මළ සිරුර එම පරීක්ෂණ සඳහා තිබියදී වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඊයේ දින රාජකාරි යෙදී සිටියදී මෙම මළ සිරුර පි සි ආර් පරීක්ෂණයකින් තොරව රැගෙන ගියේ කාගේ බලපෑමකට දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරති.
මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේම නිවෙස් කීපයක පුද්ගලයන් කීපදෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර තොටවත්ත ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයන් පනහකට ආසන්න ප්‍රමාණයක් දින කීපයක් තුළ දී වාර්තා වී තිබූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනෙන් දින කොරෝනා ආසාදිතයන් වාර්තා වන මෙම ප්‍රදේශයේ සංචරණ සීමා හෝ හුදෙකලා තත්ත්වයට පත්කිරීමට හෝ පියවර නොගෙන මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පි සි ආර් පරීක්ෂණ වලින් තොරව ලබාදීම එකම රටක් එකම නීතියක් යටතට නොගැලපෙන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවතී.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පී.සී.ආර්. නොකළ මළ සිරුරක් නිසා පානදුරේ කලබලයක්
ruwan Wednesday, 16 December 2020 03:32 AM
මෙ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුව වගේ විසිල් විතරයි. බල්ටි නැහැ වගේ. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ වෙන ආකාරය වගේම අනෙක් කාරණාත් සිදුවන ආකාරය හා මන්දගාමී බව දුටුවම ඇතිවෙන්නේ කළකිරීමක්... බලයට එනවිට තිබූ ප්‍රතිරූපය දැන් කෙමෙන් කෙමෙන් බිද වැටෙමින් තිඛෙන බව පෙනී යයි. මෙ ආණ්ඩුවට ඡන්දය දුන් පුද්ගලයෙක් හැටියට ඇතිවන්නේ මහා කලකිරීමක්... අන්තිමට අපිටත් වෙන්නේ පැණියක් බීලා උඩබලාගෙන ඉන්න තමයි.
BamunuarachchiThursday, 17 December 2020 02:13 PM
යහපාලන කාලේ වගේ නොවෙයි මේ ගොල්ලෝ පාස්කු බෝම්බය ගැන සෙවීම මන්දගාමීයි නේද? යහපාලන කාලේ බෝම්බේ ගැන සොයන්න පත්කළ කාරක සභාවට බෝම්බ ගැසූ ජාතියේ මිනිස්සුත් හිටියා.. එ්කෙන් හොඳට මේ ගැන සොයා බැලුවා නේද? මම දැක්කා කාදිනල්තුමත් ආණඩුවට මොනවද කියලා තිබුණා. හලෝ කකුල් දෙක අස්සෙන් රටේ වෙනදේවල් බලන්න එපා... කෙලින් සිටගෙන බලන්න. එවිට හරිදේ හරි විදිහට පෙනේවි.