(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථ රියදුරකුගෙන් පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකා මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බව අධ්‍යක්ෂවරයා කීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් පැද වූ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඉතිරි මුදල් පසුව දෙන ලෙස දන්වා ඔහුගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය සැකකාර කොස්තාපල්වරයා ඇපයට තබා ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පුද්ගලයා අද පෙරවරුවේ වාද්දුව පොලිසියට ගොස් සැකකාර කොස්තාපල්වරයා හමුවී ලබාදීමට නියමිත රුපියල් 7000ක මුදලින් 2000 ක් අඩුකරගෙන ඉතිරි මුදල රුපියල් 5000 පසුව ලබා දෙන බවට පොරොන්දු වී පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එකී මුදල ත්‍රීරෝද රථ රියදුරු ගෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පී.සී. ත්‍රිරෝද රියැදුරාන්ගෙන් අල්ලස් ගනින්දී මාට්ටු
Perera Wednesday, 28 December 2022 08:40 PM
බිලියන ගණන් අල්ලස්, කොමිස් ගහන දේශපාලකයෝ අල්ලන්න ඔය අල්ලස් කොමිසමටවත්, පොලිසියටවත් කොන්දක් නැහැ. හැමදාම සිල්ලර ගණන් ගන්න හාල්මැස්සන්ව තමයි මොවුන්ට අල්ලන්න කොන්ද තියෙන්නේ...
Aruna Ramanayak Thursday, 29 December 2022 10:09 AM
මේ වගේ අල්ලස්වලට වඩා මහාපරිමාණ අල්ලස් ආණ්ඩුවේ ඇමැතිවරු ගන්නවා. ඒක මුළු රටම දන්නවනේ. අන්න ඒ වගේ ඇමැතිවරු ඔක්කෝටම කළින් අල්ලන්න. එතකොට තමයි ලංකාවේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන්නේ..