IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න

( කීර්ති ප්‍රනාන්දු  )

බිත්තර මිල අඩු වීමේ වාසිය  පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා  බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල පුළුවන් ආකාරයෙන් අඩු කිරීමට පියවර ගන්නයි  සියලුම  බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ . ජයවර්ධන මහතා පවසයි  .

බිත්තර මිල ඉහල යාම හමුවේ බේකරි හිමියන් කිසිම අයුරකින් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමට පියවර නොගත් බවද ඔහු කියා සිටී  .

බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ දිනවල මිල අඩු වුණාට ඉදිරියේදී මිල වැඩිවීමක් සිදුවුවහොත්  බිත්තර යොදා  නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නොහැකි බවද  පැවසීය  .

අද වන විට බේකරි හිමියන් බිත්තරයක් රුපියල්  30 ක තොග මිලකට මිලදී ගැනීම සිදු කරන බවත් ඔහු කියා සිටියි  .

කෙසේ වෙතත් බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි  වනු ඇති බවත්  කේක් මිලද රුපියල්  100 කින්  අඩු කළ හැකි බවත් සභාපතිවරයා පැවසීය  .

විශේෂයෙන් බේකරි නිෂ්පාදන  පාරිභෝගික ජනතාවට දැනෙන මිලකින් අඩු කිරීමට නම් බිත්තර මිල පමණක් නොව පාන් පිටි සහ මාගරින් මිලද අඩුවිය යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා  එම ද්‍රව්‍යවල මිල පහත දැමීම රජය මගින් සිදු කළ යුතු බැවින්  වත්මන් රජය ඒ සඳහා මැදිහත් වනු  ඇති බවට  තම සංගමය බලාපොරොත්තුවෙන් පසු වන බව ද වැඩිදුරටත් පැවසීය  . 



අදහස් (3)

බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න

රම්බොඩ Thursday, 26 September 2024 11:25 AM

එයාලාම පාලනය කරගෙන හිටපු බිත්තර මිලත් අඩු කරගත්තානේ. දැන් බේකරි නිෂ්පාදන මිලත් අඩු කරයි. කොහොමද මෙයාලාගේ න්‍යාය...? අඩු වෙනවා නම් එච්චරයි.

:       2       3

B Amarasinghe Thursday, 26 September 2024 11:36 AM

චූන් පාන් කාරයෝ අන්තිම අසාධාරණයි. වෑන් එකේ මිල දර්ශකයක් ගහන්න නියම කරන්න ඕනේ...

:       1       5

ගුණරත්න Thursday, 26 September 2024 06:20 PM

බේකරි නිෂ්පාදන පාලන මිලකට දෙනවා නම් මේ මාෆියා කරුවන්ගේ ග්‍රහණයට අප අසුවන්නේ නැහැ. පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 3ක් පමණ නිෂ්පාදනය කරන්න පුළුවන්, එහෙම වුනත් පිටි කිලෝවක් පාන් ගෙඩියක මිලට තිබෙනවා. මෙය ඉතා අසාධාරණයි, එම නිසා පාන් සඳහා පාලන මිලක් අවශ්‍යයි..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 100 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 240 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 163 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 337 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 547 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 547 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site