IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බොකලගම ජාජබ කාර්යාලයට ගිනි තියලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බල වේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්‍යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

කිසියම් පුද්ගලයකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්‍රචාරක පුවරුවලට අද 28 සවස  ගිනි තබා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පල්ලේවෙල පොලීසිය පවසයි. ගොඩනැගිල්ලට ද සුළු අලාභානී සිදුවී ඇත .

ගිනි තැබූ පුද්ගලයා දැනටමත් හදුනා ගෙන ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද පල්ලේවෙල පොලීසිය කියයි .

 



අදහස් (8)

බොකලගම ජාජබ කාර්යාලයට ගිනි තියලා

සෙනෙවිරත්න Wednesday, 28 August 2024 09:48 PM

ඉවසන්න බැරි තැන කරන බාල වැඩ, ඕවායින් එන් පී පියට ප්‍රචාරයක් ලැබෙනවා, වැඩක් නැහැ, මොනවා කරත් කොපමණ ගේම ඉල්ලුවත් එන් පී පීය ගල් කැටයක්වත් අතට නොගන්නා බව සහතික වෙනවා...

:       0       0

Nishan Thursday, 29 August 2024 06:34 AM

මේ වගේ වැඩ 87-89 වකවානුවේ කලේ ජේවීපී එක විසින්. එයාලා ඒ කාලේ මේ වගේ වැඩවලින් නැවතුනේ නෑ. දැන් ඒවා එයාලාටම පාරාවලල්ලක් වෙලා. සමහරවිට ගම්වල මිනිස්සු එදා ඔවුන් කරපු දේවල් වලට පලි ගන්න කරනවා වෙන්න පුළුවන්.. ඒත් අපි මේ වැඩ අනුමත කරන්නේ නෑ.. එදත් අදත් කවදත්...

:       0       0

මැක්ස් Thursday, 29 August 2024 08:42 AM

පාහර වැඩක්! අන් මත ඉවසීම නොදන්නා මුග්ධයින්ගේ අමන ක්‍රියාවක්...! කෙසේ වුවත්, අවධානය දිනා ගැනීම සහ මෙන්න අපට ගහනෝ වැනි අඳෝනාවක් මගින් ඡන්ද ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් සිදු කළ ස්වයං ක්‍රියාවලියක්දැයි සොයා බැලීමත් වටී...

:       0       0

Bunny Preena Thursday, 29 August 2024 09:23 AM

මේ වගේ මෝඩයින්ව ඡන්ද ව්‍යාපාර වලට ගාව ගත්තොත් වෙන දේවල් තමයි මේවා

:       0       5

Asanga thiththagalla gamage Thursday, 29 August 2024 10:13 AM

මේව මේ අය විසින්ම කරගන්න දේවල්

:       13       1

Dammika Thursday, 29 August 2024 01:50 PM

රට අඳුරට යනඑක එහෙමහරි කළයුතු තමා......

:       9       0

ගමේ එකාලා Thursday, 29 August 2024 03:18 PM

ඡන්ද කාලේ මේ වගේ දූෂිත වැඩ කරන උන් වැඩිපුරම උන්නේ කා එක්කද කියලා දන්නෝ දනිති.

:       2       11

කැලිස්ටා ප්‍රනාන්දු Friday, 30 August 2024 03:37 AM

එතරම් පිස්සු නෑ... ජාතික ජනබල වේගයේ සමාජිකයින්ට පක්ෂ කාර්යාලයට ගිනි තබා ගැනීමට දේශපාලන අඳ බාලයෝ තමයි ඕවා කරන්නේ... ජනතාව කුපිත කිරීමට නමුත් ඕවාට කලබල නොවිය යුතුයි. තව දින 22යි..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2133 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2211 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2770 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5799 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1897 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6541 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18466 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 90 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site