(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් (finance center) අරඹනවා යැයි කීම විහිලු කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොළඹ පෝට් සිටියේ නම කොළඹ මූල්‍ය නගරය(colombo financial city) කියා වෙනස් කරන බව කිව්වත් එය නොකළ යුතු දෙයක් බව තමා සිතන බව කී මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ සහ ඩුබායි වල මෙවැනි මූල්‍ය නගර පිහිටා තිබෙන බවද එවැනි නගර දෙකක් මැද්දේ තවත් මූල්‍ය නගරයක් කිරීම පහසු දෙයක් නොවේ යැයි ද පැවසීය.
එන සතියේ ඩුබායි ගොස් කොළඹ මූල්‍ය නගරය කියා දෙයක් හඳුන්වා දෙන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය නැවත පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉන්දියාවට වත් එවැනි මූල්‍ය මධ්‍යස්ථානයක් දාගන්න බැරි වූ බව කී හර්ෂ ද සිල්වා මහතා මූල්‍ය මධ්‍යස්ථාන දමනවාට වඩා වරාය නගරයේ Knowledge Center (දැනුම් මධ්‍යස්ථානයක්) පිහිටුවීම උචිත බවට යෝජනා කරන්නේ යැයි කීය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බංකොලොත් රටේ මූල්‍ය මධ්‍යස්ථාන විහිලු කතාවක්
prasanna Tuesday, 19 September 2023 02:30 PM
හැමදේටම බෑ........... නොදකින් තොපි
krishna Tuesday, 19 September 2023 02:49 PM
බංකොලොත් කියලා මොකවත්ම නොකර ඉමු...නොකලොත් දෙස්තියනවා...කරන්න ගියොත් බයිලා ගහනවා
City Wednesday, 20 September 2023 06:48 AM
ඔබ බංකොලොත් දේසපාලකයෙක් බංකොලොත් රටේ.