(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සොරා ගෙන අනියම් බිරිඳ සමඟ පලාගිය මුදල් රැගෙන ආ කැබ් රියේ රියදුරු අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරු රැකියාවට පැමිණ දින 15ක කාලයක් වන බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු සමඟ සොරාගත් මුදලින් ලක්ෂ තිහකට හා ආසන්න මුදලක් සහ මුදල් දමා තිබූ බෑගය ,ජංගම දුරකථන දෙකක් සහ චෙක්පත් හතරක් මෙන්න එම මුදල් වලින් ඔහු මිල දී ගත් රෙදි පිළි පොලිස් බාරයට ගෙන ඇත.
එම සොරකම සඳහා ආධාර අනුබල දුන් බව කියන සැකකරුගේ අනියම් බිරිඳ ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .
ඉකුත් මස 26 වැනි දින අවිස්සාවේල්ල රන්වල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මුදල් අයකැමි වරයෙකු රුපියල් කෝටියකට අධික මුදලක් චෙක්පත් කිහිපයක් බෑග් දෙකක අසුරා බැංකුවෙන් තැන්පත් කිරීම සඳහා කැබ් රථයකින් පැමිණ තිබූ අතර එහි රියදුරු වශයෙන් සැකකාර කටයුතු කර යුතු කළ තිබූ බව පොලිසිය කියයි.
පෞද්ගලික බැංකුවක් වෙත පැමිණ කැබ් රථය තුල තිබු මුදල් වලින් කොටසක් එම බැංකුවේ තැන්පත් කිරීම සඳහා පිටව යාමේ දී අයකැමි වරයා රියදුරු අමතා පිටුපස අසුනේ මුදල් බෑගයක් තිබෙන බවත් තමන් ඉක්මනින් පැමිණෙන බව පවසා පිටව ගොස් මද වේලාවක දී පැමිණීමේදී කැබ් රථය නැවතූ තැන මැති බව දැක අවට විමසිලිමත් වීමේදී කැබ් රථය අතුරු මාර්ගයක නවතා තිබෙනු දැක තිබූ බව පොලිසිය කියයි.
අයකැමි කැබ් රථය අසලට ගොස් රියදුරු පිළිබඳ සොයා බැලීමේ දී ඔහු සහ මුදල් බෑගය ද නොමැති බව දැක පොලිසියට පැමිණිලි කර තිබිණි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැංකුවට ගෙනා ලක්ෂ 50 රැගෙන පළාගිය රියදුරු අල්ලයි