IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක්

(සුජිත් හේවාජුලිගේ )

රටේ  ආර්ථික  බංකොළොත්භාවය පිළිබඳ  කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ  කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට   විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට  තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා  ලංකාදීපයට පැවැසීය.

ආර්ථිකය සහ  මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් භාවයක් ඇති විද්වතුන් පිරිසක් මෙම මණ්ඩලයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත්භාවයට පත්වීම සම්බන්ධයෙන්   ජනතාවට උපරිම විනිවිදභාවයෙන් යුතුව සත්‍ය තොරතුරු හෙළි කිරීම කාරක සභාවේ අපේක්ෂාව බවද ප්‍රකාශ කළේය.

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා  ඉදිරියේදී රාජ්‍ය ආයතන මෙන්ම යම් යම් පෞද්ගලික ආයතනද කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බලාපොරොත්තු වෙයි.

විශේෂ කාරක සභාව  ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂිත මාර්ග සැලැස්මක්  සකස් කර ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව
සාගර  කාරියවසම් මහතා  වැඩිදුරටත් පැවසීය.

ආර්ථික  බංකොළොත්භාවය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා  දින දෙකක් රැස්විය.

විශේෂ කාරක සභාවේ  සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මෙම  කාරක සභා රැස්වීම්වලට  සහභාගීවීමෙන් වැළකී සිටිති.

ආර්ථික  බංකොලොත්භාවයට වගකිවයුතු පක්ෂයක මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට පත් කිරීම  හොරාගෙ අම්මගෙන් පේන ඇසීම හා සමාන ක්‍රියාවක් බව එම විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

 

 



අදහස් (9)

බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක්

Rata Perata Sunday, 23 July 2023 12:20 PM

ජනතාවගේ තියෙන බදුසල්ලි ටිකටත් කෙළින වැඩ මේවා. සාගරට හොයන්න පුළුවන්ද බංකොළොත් වුණු හේතුව. රටේ මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි ඔය කමිටු වලට වැඩිය හොඳට... කවුද ආර්ථිකය කෑවේ කියලා..!

:       0       16

C.K.Lankaputhra Sunday, 23 July 2023 12:24 PM

අයියෝ මොනවද මේ කතා...? විශේෂිත විද්වත් මණ්ඩලේට කට්ටිය ඔයාලගේ පොදුජන පෙරමුනේ ඉන්නේ. ඒ ගොල්ලන් හොඳට දන්නවනේ රට බංකොළොත් කලේ කවුද කියලා...

:       0       12

Perera Sunday, 23 July 2023 12:39 PM

ඒ වාශේෂඥ කමිටුවට උපදෙස් ගන්න අධි විශේෂඥ කමිටුවකුත් පත්කරන්න තව බත් බැලයෝ සෙට් එකක් දාලා...!

:       0       14

ගයා Sunday, 23 July 2023 12:41 PM

අහිංසක මිනිස්සු හිඟමනට දාලා⁣ දැන් කවුද කරේ කියලා හොයනවා. මේ වගේ ගොන්හරක්... කොහොම ලෝයර් කෙනෙක් වුණාද මන්දා?

:       0       10

ජනා Sunday, 23 July 2023 01:17 PM

හොරාගේ අම්මත් හොරාගේ ආච්චි අම්මාගෙන් අහලා වගේ පේනේ කියන්නේ...

:       0       12

විපරමා Sunday, 23 July 2023 01:30 PM

රටේ ආර්තිකය බංකොළොත් කෙරුවේ දූෂිත, බලලෝභී, දේශපාලුවන් කියලා ලෝකෙම දන්නවා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හිඟමනේ යනවා...

:       0       13

රටවැසියෙක් Sunday, 23 July 2023 02:48 PM

මේ රට හිඟන තත්වෙට එනකන් හොරකම් කරලා, කාලා, දැන් උන්ම හොයනවා කව්ද කෙරුවේ කියලා. මේ රටේ මිනිස්සු කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. මේක දාලා යන්නේ නෑ. මොනවා හරි දාලා එල්ලිලා ඉන්නයි ගැට ගහන්නේ. ගියොත් සෙට් එකටම මහගෙදර උළු ගනින්න වෙනවා කියලා දන්නවා රටට කරපු අපරාධ වලට. මිනිස්සු මොනතරම් අසරණ වෙලාද ඉන්නේ...? මොවුන්ට වගේ වගක් නෑ. ඕවාට වන්දි ගෙවන්න වෙනවාමයි. තවත් කිසිම බලයක් නැතිව බලෙන් එල්ලිලා ඉන්නවා ලැජ්ජා නැතිව. මේ රට හින්දා හොඳයි. තවත් ටිකක් ඔහේ දඟලන්නේ කකුළුවෝ වගේ...

:       0       12

සමන් Sunday, 23 July 2023 05:31 PM

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බැරිබව කවුරුත් දන්නවා. ඒ නිසා මොකටද අතරමැදියන්, ඕක අර විද්වතුන්ටම කරන්න දීලා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ටික අපේ සල්ලි විනාශ නොකර අයින් වෙයව්. පුළුවන් නම් නුඹලා පාර්ලිමේන්තුවෙනුත් යන්න... නුඹලාට කරන්න පුළුවන් හොරා කන්න විතරයි.

:       0       10

සල්ලි Sunday, 23 July 2023 08:40 PM

ඉදකින් මේකා දකින්නත් අප්පිරියයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 783 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 894 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 172 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 650 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 773 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1365 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site