IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අගමැති බංගලාදේශයට ගොස් ඩොලර් ණයක් ඉල්ලා තිබෙන බව කෑගල්ල මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"බංගලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලද?මේ තත්ත්වය යටතේ ආයෝජකයන් අප රට ගැන හිතන්නේ මොනවාද? අතීතයේ දී අප බංග්ලාදේශයෙන්  ලංකාවට ගෙන්නුවේ  ගෝනි නූල් පමණයි.

මේ තත්ත්වය යටතේ ලාංකික ජනතාවට ඒ ගෝනි නූල් වලින් බෙල්ලෙ වැල දාගන්නට සිදුවී තිබෙනවා. ඉදිරියේදී අපේ අගමැති නේපාලය ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ගියොත් ඒ නායකයන් හැංගේවි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (19)

‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද‘‘

චමින්ද ජයනාන් ජයසූරිය Tuesday, 23 March 2021 10:58 AM

ඔව්, ඇයි ඔබතුමා ඒක දන්නේ නැද්ද..?

:       2       21

sharm warn Tuesday, 23 March 2021 10:59 AM

ඔව්.. ඒ තරම් පහතට වැටිලා තමයි. තව ටික දවසකින් ඉතියෝපියාවෙනුත් ඉල්ලන්න ඉන්නේ... ඒකට ඔයාලත් 50%ක් වගකියන්න ඕනෑ කියලා දන්නවද?

:       6       67

බංගා බංගා Tuesday, 23 March 2021 11:06 AM

රට කාලා විනාශ කරලා දැන් කෑ ගහනවා අපි වැටිලා කියලා.. මහ බැංකුව කඩලා එතන මහ විනාශයක් කළා, පාස්කු ප්‍රහාරය කරලා එතනින් සංචාරක කර්මාන්තයයි, ආර්ථිකයයි විනාශ කරලාම දැම්මා... දැන් කිසිම ලැජ්ජාවක් නැතුව උපදෙස් දෙන්නත් එනවා.

:       23       57

SL Tuesday, 23 March 2021 11:11 AM

එයාලා අවුරුද්දයිනේ හිටියේ. අවුරුද්දෙන් රට බංකොළොත් වුණේ නැහැනේ... ඔයාලාටත් රෙදි නැතිව එල්ලෙන්න තමයි වෙන්නේ...

:       17       57

නුවන් Tuesday, 23 March 2021 11:22 AM

අපේ රටට ගෝනි නූල් එවමින් පමණක් නොසිට ඔවුන් යම් දියුණුවක් ලබා ඇත. ඉතාම අඩු කම්කරු වැටුප් නිසා ආයෝජනයන් වඩවඩාත් බංග්ලාදේශයට පැමිණ ආයෝජනය කළහ. ලැකාවේ ආයෝජනයන් ද ඒ අතර ය. කම්කරු වැටුප සොච්චමක් වූවත්, ආයෝජකයන්ට එය බලපෑවේ නැත. සේවක අයිතිවාසිකම් ගැන ඔවුන් එතරම් තකන්නේ නැත. රතු කල්ලිය මෙහෙය වූ වැඩ වර්ජන නිසාත් බොහෝ ආයෝජකයින් අපව හැර ගියහ. බංග්ලාදේශය යනු ලොව දෙවැනියට ඇඟලුම් අපනයනය කරන රටකි...

:       11       68

Hafeel Tuesday, 23 March 2021 11:48 AM

ඕගොල්ලොත් ඒ දේමයි නේද කලෙත්. දෙගොල්ලම එකයි.

:       6       39

fairoos Tuesday, 23 March 2021 12:35 PM

මෙතුමා කියන එක ඇත්ත වුණොත් බයියන්ට නම් තේරෙන එකක් නැහැ.

:       57       33

BamunuarachchiWednesday, 24 March 2021 03:03 AM

2015 සිට 2020 දක්වා රටට අබමල් රේණුවක දෙයක් නොකර අසාමාන්‍ය ලෙස වැටුප් දීමනා වැඩිකරගෙන රට තවත් ට්‍රිලියන 7 කින් ණය කරපු ඔහෙලා අහනවා ‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද..‘‘ කියලා 6.50%ට තිබුණු ආරථික වර්ධනය 1.5 %ට බැස්සුවේ ඔහෙලගේ ආර්ථික ඔස්තාර්ලා නේද? කොහේවත් ඉන්න හම්බ රැලකගේ ආර්ථිකය ශක්තිමත් කළේ ඔහෙලා නේද?

:       5       3

BamunuarachchiWednesday, 24 March 2021 03:06 AM

මෙතුමා? කව්ද මෙතුමා මේ ගොයියද?

:       3       3

aka Tuesday, 23 March 2021 12:41 PM

වැටිලා තමයි. උදාහරණයක් කියනවා නම් බංග්ලාදේසේ අයි.ටී. ෆීල්ඩ් එකට අවුරුද්දකට අලුතෙන් 65,000ක් එනවා. ලංකාවේ 11,000. දැන් ඔවුන් අපි වගේ පස් ගුණයක් විතර ආදායම් ගන්නවා අයි.ටී. වලින්ම. යහපාලනේ තිබ්බ කාලේ පුද්ගලික අංශෙ අධ්‍යාපනය බාර ගනී කියලා බකන් නිලාගෙන හිටියා. යහපාලනේ එන්න කලින්ම ප්ලෑන් කරලා තිබ්බ තාක්ෂණ උපාධි, එන්.එස්.බී.එම් ඇරුණාම ආණ්ඩුවෙන් වෙන එකක්වත් අලුතෙන් පටන් ගත්තේ නැහැ..

:       5       47

හසිත Tuesday, 23 March 2021 01:12 PM

බංගලාදේශය, නේපාලය දියුණුවෙන්නේ ඔවුන්ගේ සංස්කෘතිය අනන්‍යතාව නැතිකරගෙන. සිංගප්පූරුව වගේ. අපි දියුණු වුණේ නැතත් අපේ හෙළ සංස්කෘතික අනන්‍යතාවව තවදුරටත් රැකගෙන තියෙනවා. නොකා මැරුණත් අපි හිපියො වෙලා නෑ මහත්තයෝ. කැපුවත් හෙළ. සල්ලි තිබුණාට නිවන් යන්න බෑ. අපි ජීවත් වෙන්න ඕන අනිත්‍යතාව ස්පර්ශ කරන්න පුළුවන් අත මායිමේ.

:       37       27

RohiniTuesday, 23 March 2021 04:36 PM

ඔව්. අපේ අනාගත පරපුරට බඩහින්නේ හරි මැරෙන්න රටක් තියෙනවානේ.

:       0       0

දිමුත්Wednesday, 24 March 2021 06:04 AM

හා.... ඔයා එහෙම ජීවත්වෙලා අනිත්‍යට මුහුණ දෙන්න. අපිට නම් බැහැ.

:       0       3

Rocky Wednesday, 24 March 2021 12:59 AM

මම නම් හිතුවේ අගමැතිතුමා එහෙ ගියේ... කොමිසමට ඡන්දෙ ලබාගන්න.. එහෙ ලොක්කිට පගාවක් ගහන්න කියලයි..!!! 

:       1       0

Mann Wednesday, 24 March 2021 01:14 AM

බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉතාමත් සංවර්ධිත රට බවට පත් වන්නේ තම දුර්වලතා හඳුනාගෙන ප්‍රතිපත්තිමය තීරණ දේශපාලන වාසි මත වෙනස් නොකරන නිසායි...

:       0       0

මුණසිංහ Wednesday, 24 March 2021 02:06 AM

ඇයි තමුන් මේ රටට ආවේ අදද? තමුන්ලා ආණ්ඩු කරපු කාලේ රට දියුණු කළා නම් අද මොකටද ණය ගන්නේ? ජාතිවාදය පතුරුවන්නේ කාටත් නොදැනී. මාවනැල්ලට මොකද කලේ?

:       0       3

ජනිත් Wednesday, 24 March 2021 02:50 AM

යහපාලන ආණ්ඩුව කරගත්ත මෝඩ වැඩේ රජයේ සේවකයින්ට අනවශ්‍ය විදියට වැටුප් වැඩි කිරීමයි. එම වැටුප් වැඩි කිරීම සඳහා අනිකුත් සියලුම වැඩ කරන ජනතාවට දරාගත නොහැකි විදියට බදු ගහන්න සිදු වුණා. පහු ගිය අවුරුදු 4 1/2 ට අනිකුත් සේවකයින්ට සහ ගොවියාට කරපු දෙයක් මට නම් පෙනුනේ නැත. ඒ වගේම වැඩි පඩි නිසා ආයෝජකයන් බංග්ලාදේශය වගේ අඩු පඩි ගෙවන රටවල් හොයාගෙන ගියා. ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේමත් පිටරටින් ආනයනය කලා. සරුංගලය පවා... පොල් පිට රටින් ගෙනැල්ලා පොල් මිල රු 18ට බස්සලා පොල් වගාකරුවන්ට පෝර දමා ගන්නවත් බැරි කරපුවෑ විපාක තමයි දැන් පොල් හිඟයට හේතුවත්...

:       1       4

Bamunuarachchi Wednesday, 24 March 2021 03:02 AM

2015 සිට 2020 දක්වා රටට අබමල් රේණුවක් දෙයක් නොකර අසාමාන්‍ය ලෙස වැටුප් දීමනා වැඩිකරගෙන රට තවත් ට්‍රිලියන 7කින් ණය කරපු ඔහෙලා අහනවා ‘‘බංග්ලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලාද‘‘ කියලා... 6.50% ක් තිබුණු ආර්ථික වර්ධනය 1.5 %ට බැස්සුවේ ඔහෙලගේ ආර්ථික ඔස්තාර්ලා නේද? කොහෙවත් ඉන්න හම්බ රැලකගේ ආර්ථිකය ශක්තිමත් කලේ ඔහෙලා නේද?

:       3       3

Bamunuarachchi Wednesday, 24 March 2021 03:10 AM

ගම්මිරිස් හොයාගෙන ආව ඔහෙලගේ කට්ටියට නේද රටේ වැදගත් අමාත්‍යාංශ 42 දීලා රට කෑවේ. අපේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරන්න දීලා ඒ කර්මාන්තයත් විනාශ කලේ... ඔහේලාගේම ඒ කාලේ බැටළුවන් බලපු ඔහෙලා නේද?

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 9 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1236 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 168 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 971 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 469 2

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site