IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


බංගලාවලින් නොයන අයට වෙන දේ මහ ලේකම් කියයි

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට  ලිඛිතව දැනුම්දී ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් තිබිණ.

නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස වල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණි.

පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110 ක් පවතී. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පවසයි.

 



අදහස් (4)

බංගලාවලින් නොයන අයට වෙන දේ මහ ලේකම් කියයි

yass Thursday, 21 November 2024 05:08 AM

ක්‍රමය හරි. ඇඳලා එළියට දාන්නත් පුළුවන්. උසාවී නියෝගයකින් පස්සේ.

:       0       1

Lalla Thursday, 21 November 2024 07:11 AM

එතකොට ඇමතිලාට කොළඹ නිල නිවාස නොදෙන කතාව. මන්ත්‍රීලාට විතරද දෙන්නේ?

:       0       0

C.K.Lankaputhra Thursday, 21 November 2024 08:28 AM

ඇයි දැන් දවස් ගණනකට කලින් කීවේ ජල හා විදුලි සැපයුම් විසන්ධි කලාය කියලා. කාටද හැබෑට මේ බොරු කරන්නේ.

:       0       2

Perera Thursday, 21 November 2024 09:49 AM

යන්න කිව්වාට දාලා යන්නේ නැති ලෙඩේ එන අර කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්න හදන අය

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 4 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 162 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට



කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 21 412 0

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව


නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 2512 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 1300 4

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 450 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1953 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site