(ඉන්දිකා රාමනායක)
බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් පෙරළී සිසුන් දෙදෙනකු මියගොස් , තවත් සිසුන් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියේ කැබ් රථය පැදවූ රියැදුරු සිසුවාට ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
තාවකාලික රියදුරු බලපත්‍රයක් හිම සිසුවෙකුට නිවසේ තිබූ කැබ් රථයක් රැගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් එම සිසුවාගේ දෙමාපියන් වගකීම් පැහැරහැර අනවදානයෙන් කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිසුවා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී එම රියදුරු බලපත්‍රය ලැබෙන තෙක් ඔහුට නිකුත් කර ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය,
මෙම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන් පොලිසිය සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදි මෙම කාලය තුළ සිසුන්ට රථ පෙළපාලියේ යාමට පොලීසිය අවසර ලබානොදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එසේ තිබියදි ඉහත සිසුවා නිවසේ තිබු කැබ් රථය රැගෙනවිත් මේ ආකාරයෙන් සිසුන් පිරිසක් නංවාගෙන ක්‍රීඩාංගනය ගමන් කරමින් සිටියදී, කැබ් රථය කුඩා සිමෙන්ති කණුවක ගැටීමෙන් ගැටීමෙන් එය පාලනය කර ගැනීමට නොහැකි ව මෙලෙස පෙරළී ඇති බවද පොලිස් මාධ්‍ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ.
මෙම සිද්ධියෙන් කැබ් රථය පැදවූ සිසුවා ද තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළේ අද (3) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිග් මැච් අනතුරේ රියදුරුගේ තොරතුරු එළියට
Goda Monday, 03 April 2023 10:49 PM
දෙමව්පියන්ටත් දඩුවම් දෙන්න ඕන. වාහනය නිදහස් කිරීමට ඔවුන් වගකිව යුතුය.
Rasi Tuesday, 04 April 2023 05:16 AM
ලංකාවේ වැඩියෙන්ම හරක් දෙමවුපියෝ
JayasekaraTuesday, 04 April 2023 12:16 PM
ඔව් වැඩියෙන්ම ඉන්නේ දෙමවුපියෝ හරක්.තමුන්ගේ ළමයි තරවටු කරලා හදාගන්න බැරි තරමට හීනමානයක් තියෙන්නේ .පොඩි කෙල්ලොන්ට කොටට අන්දලා ඇඟ පේන්න එක්ක ගිහින් ..ස්ත්‍රී දූෂණ ඇතිකරන්න අනුබල දෙනවා
pakeer Tuesday, 04 April 2023 11:42 AM
අපිත් ඉස්කෝලේ යනකොට ඔයාවගේ වාහන වල එල්ලිලා ඕනේ තරම් ටවුන් වලයි පිට්ටනි වලයි හුරේ දාලා තියනවා .කොළ අතු ඇඳගෙන වාහන හප්පන් ඒවා අමාරුවෙන් හදාගෙන ගෙවල් වලට අහු නොවී.. කොල්ලෝ කාලේ කරන වැඩ.. මොනවා කරන්න..ද හරිම දුකයි