(අංජුල මහික වීරරත්න)
කෘෂි කාර්මික ක්ෂෙත්‍රයේ කටයුතු විධිමත් සහ වේගවත් කිරීම සඳහා ලාංකිකයන් කරන ලද නව නිර්මාණ රැසක් හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
මෙම නව නිෂ්පාදන අතර පසෙහි විද්යුත් සන්නායකතාව (Electric Conductivity) මැනීමේ නව උපකරණයක් තරුණ නව නිපැයුම්කරුවෙක් වන විදුලි ඉංජිනේරූ කසුන් සිරිවර්ධන මහතා විසින් හදුන්වා දෙනු ලැබීය.
පසේ පී.එච්. අගය මැනීමට මෙන්ම පසෙහි ලවණතාවය පහසුවෙන් පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගත හැකි බවත් මෙවැනි උපකරණයක් විදේශ රටකින් ආනයනය කරන්නේ නම් රුපියල් 90,000ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත් සිරිවර්ධන මහතා පැවසීය.
මෙම නව නිපැයුම රුපියල් 6000ක් වැනි මුදලකට සාදා ගත හැකි බවද ඔහු කීය.
එමෙන්ම එළදෙනුන්ගෙන් සවස් කාලයේ දොවා ගන්නා කිරි පැය 24ක් යන තෙක් ආරක්ෂිතව තබා ගත හැකි උපකරණයක් ද මෙහිදී හඳුන්වා දුන්නේය.
පශු සම්පත් පාලනයෙහි යෙදෙන ඇතැම් අය කිරි කල් තබා ගැනීමට උචිත පහසුකම් නොමැතිකම නිසා කිරි දොවන්නේ උදය කාලයේ පමණක් නමුත් දෙනුන්ගෙන් සවස් කාලයේ කිරි දෙවීම මගින් උදේ කාලයේ ලබා ගත හැකි කිරි ප්‍රමාණය ඉහළ යන බව නව නිපැයුම්කරුවෝ මෙහිදී පැවසූහ.
කුඹුරුවලට යෙදිය යුතු මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර රටෙි නොමැති නිසා ගොයම් ගසේ කිරි මුල් පද්ධතිය ශක්තිමත් කරන නව පොහොර විශේෂයක් ද එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව නිපදවා ඇති අතර එම පොහොර විශේෂය හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.
මීට අතරව සහල් පිටි යොදා ගනිමින් රසකැවිලි සැකසීම පිළිබඳව කළ නව හඳුන්වා දීම් ද අමාත්‍යවරයාට මෙහිදී බාර දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේ කෘෂි අංශයේ නව නිපැයුම් අගය කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ සහභාගීත්වයෙන් ලබන වසරේ දී සම්මාන පිරිනැමීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඩගින්නට තිත තබන්න අලුත් අලුත් දෑ තනයි
sharm warn Monday, 19 December 2022 03:59 PM
මේ රටේ ඉන්න නව නිපැයුම් හපන්නු පහුගිය වසර 20-25ක් තිස්සේ හදපු දේවල්වලට හරිතැනක් දුන්නා නම් අද මේ රට මේ රට මෙහෙම කුණු කොල්ලයකට වැටෙන්නේ නැහැ.. දැන් වුණත් මේ කරන්නේ ඉදිරියේ එන ඡන්දෙට මිනිස්සුන්ට ඇමක් දාන්න. වෙන කිසිම දෙයක් නෑ...
mangala Monday, 19 December 2022 04:16 PM
ජනාධිපතිට කියලා සම්මාන දීලා ඇති වැඩක් නැහැ... ඔය ඔක්කොම නව නිපැයුම් සල්ලි දීලා අරගෙන හැම ගොවිජන කාර්යාලයකටම දීලා ගොවියන්ට විකුණන එකයි කරන්න ඕනෑ...
කිරිපුකා Monday, 19 December 2022 04:39 PM
මේ හැම නිපැයුමක්ම ප්‍රායෝගිකව භාවිතයට ගෙන තව තවත් වැඩිදියුණු කරමින් ඔවුන්ගේ හැකියාවටත් වටිනාකමක් දී එයින් සමස්ථ රටටමත් මහත් සේවයක් වන්නේ නම් කොපමණ අගේද ? වසර පුරා වැසි ඇද හැළෙන ඕනෑම බීජයක් පැළවෙන මේ පුන්‍යභූමියට අවශ්‍ය වෙහෙස වී වැඩ කර භෝගයෙන් අටු කොටු පුරවන මානසිකත්වයක් විනා ණයටම කන්න බලන් ඉන්න දීන මානසිකත්වයක් නොවෙයි.
C.K.Lankaputhra Tuesday, 20 December 2022 06:28 AM
ගොනාට ඇන්දීම කරන්න මේ මැති ඇමතියෝ හරිම දක්ෂයිනෙ. ඒයාල අන්තිමට බලන්නේ ඔය කියන උපකරණ පිට රටින් ගෙන්නුවම අපට ලැබෙන සම්තිං එක ගැනයි. ඔවුන් ගැන සත පහක විශ්වාසයක් තියන්න එපා.
Thusitha jayathilaka Tuesday, 20 December 2022 10:09 AM
ඉතාම හොඳ වැඩක්, සුභපැතුම්