IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට

(ෂේන් සෙනෙවිරත්න)

අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී මියගිය පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට  මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා අනාවරණය කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පෙළ නාඋල්ලේ පදිංචි 30 හැවිරිදි අවිවාහකයෙකි.

කඩුගන්නාව නාවුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වී හොර රහසේ පුවක් ගසකට නැග පුවක්වල්ලක් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී සැකකරු  එම පුවක් ගසෙන් ඇද වැටී පෙරේදා (13) මියගියේය.

ආහාරයක් නොමැති නිසා පුවක්වල්ල කැඩීමට යන්නට ඇතැයි සැක කෙරේ.   

මියගිය අය පුවක් ගසකට නගිමින් සිටියදී එසේ ඇද වැටී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

කාත්කවුරුත් නැති මොහුට ස්ථීර ආදායක් නොමැති බව ද මරණ පරීක්ෂණයේදී ඔහුගේ ඥාතීන් පවසා ඇත.

පුවක් ගසෙන් වැටීමෙන් සිසුම්නාවට දැඩි හානි සිදුවීම නිසා මෙම මරණය සිදුව ඇතැයි ද මරණ පරික්ෂණයේදී අනාවරණය විය.



අදහස් (7)

බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට

Nihal Sunday, 14 January 2024 07:04 PM

හරිම කණගාටුයි,කාත්කව්රුත් නැති බව ඤාතීන් පවසයි,රටෙන් අඩක්ම කුසගින්නේ

:       0       5

චන්දන Sunday, 14 January 2024 07:31 PM

ඉතාමත්ම ශෝචනීයයි. පාලකයන්ගෙන් අහන්න තියෙන්නේ දැන් හරිද කියලා. ඔබ නැවතත් මේ කාලකණ්නි ඉන්න භූමියේ නොඉපදේවා...!

:       0       30

pjMonday, 15 January 2024 02:58 AM

කාත් කවුරුවත් නැත්නම් ඥාතීන් කියන්නේ කවුද. මීට කළින් කපපු කසෙල් කැන් මිලදී ගත්තේ කවුද?. බඩගින්නෙ හිටියත් නැතත් හොරා හොරා මයි. සුදු හුණු ගාල තමන්ගේ තුච්ච ගඳ ගහණ දේශපාලන ඉලක්ක වල ට යාම හිරිකිතයි.

:       6       0

මහින්දයියාහ්Monday, 15 January 2024 04:37 AM

පාලකයන්ගෙන් අහන්න තියෙන්නෙ දැන් හරිද කියලා නොවෙයි දැන් ෂැපද කියලා තමයි

:       0       3

අප්පුහාමි Sunday, 14 January 2024 07:32 PM

දින දෙකක් නොවෙයි, එකක් කුසගින්නේ හිටියත් පුවක් ගහකට නගින්න බැහැ.. මේවා රටේ පාලකයින්ට තේරුම් ගන්න බැහැ. මේවාට හේතුවක් හිතාගන්න ඔවුන්ට බැහැ... සාමාන්‍යයෙන් සජිත් කියනවා වගේ හොරාකාපු සල්ලි ගන්න පුළුවන් නම් ඒවා උසස් අධ්‍යාපනය නැතුව රැකියා පුහුණුවක් නැතුව පාසල් හැරයන පිරිස්වලට රැකියා දීමට / පුහුණුව සඳහා පසු විපරමක් සහිත සැලසුම් කරන්න හැකියාව ඇත්නම් ඉතාමත් හොඳයි...

:       0       18

Pradeep Kumara Monday, 15 January 2024 08:21 AM

අවුරුදු 30ක තරුණයෙක් දින දෙකක් තිස්සේ කුසගින්නේ.. අහෝ රටට ගිය කල. පාලකයිනි තොපට ශාප වේවා...

:       0       8

නිසංජන Monday, 15 January 2024 02:52 PM

මේ තරුණයට බැරි උනාද රැකියාවක් කරන්න. අධ්‍යාපන සුදුසුකම් මදිනම් ඒත් මොකක් හරි දෙයක් කරන්න පුළුවනේ.අසල්වැසියෙක්වත් හිටියේ නැද්ද කෑම ටිකක් දෙන්න. .ඔබ‍ට නිවන්සුව ලැබේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 310 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 726 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 123 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 424 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1245 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site