IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බඩු මිලට එරෙහිව පොහොට්ටුවේ පිරිසක් සටනට

 

(සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල  අඩු කර ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉතා දැඩි ඉල්ලීමක් කිරීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයා මෙරටට පැමිණී වහා එම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචි  යන මහත්වරු ජනාධිපතිවරයාගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කළහ.

ජගත් කුමාර මහතා  එම ඉල්ලීම කළේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. විමලවීර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම්  දෙකකදී එම ඉල්ලීම කර තිබිණ.

එසේම ජනතාවගේ වී මිලදී ගැනීම සඳහාද විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විමලවීර දිසානායක මහතා ඇතුළු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා ඇත.

මේ අතර භාණ්ඩ මිල අසීමිත ලෙස වැඩි කරන ව්‍යාපාරික මාෆියාව පරාජය කිරීම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.



අදහස් (13)

බඩු මිලට එරෙහිව පොහොට්ටුවේ පිරිසක් සටනට

de silva Saturday, 01 October 2022 01:48 PM

පාර්ලමේන්තුව විසුරුවලා අලුත් ඡන්දයකට ගියා නම් ජනතාව කැමති කෙනෙක් පත්කරගනීවි. එවිට විදේශ ශ්‍රමිකයන් මුදල් එවාවි. ආයෝජකයෝ ඒවි. ආර්ථිකය නැවත ගොඩයාවි.

:       3       14

sanjeewa Saturday, 01 October 2022 01:51 PM

පාර්ලමේන්තුවේ බහුතරය තිබෙන්නේ පොහෝට්ටුවට. ඔබලා එකතුවෙලා සුදුසු වැඩ පිළිවෙලක් හදලා පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න. බොරු පුවත් මවන මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ.

:       2       14

siri Saturday, 01 October 2022 02:14 PM

පොහොට්ටුව කියලා එකක් දැන් ඉතුරුවෙලා තියෙනවැයි...?

:       0       0

sena Saturday, 01 October 2022 02:50 PM

එතකොට දැන් මේ ඉන්න ජනාධිපතිවරයා හොරාකාපු නිසාද බඩුමිල වැඩි වුණේ.

:       0       6

ravin Saturday, 01 October 2022 02:50 PM

කිඹුල් කඳුළු... ඉස්සෙල්ලාම හොරාකෑම නතර කරපල්ලකෝ..! ව්‍යාපාරිකයෙක් ගෙවන සන්තෝසම් නැවත ලබාගන්නේ පාරිභෝගිකයින්ගෙන් මිස හොරකම් කරන අයගේ අම්ම, අප්පගෙන් නොවේ...

:       0       0

මොට්ටපාල Saturday, 01 October 2022 04:04 PM

යකුනේ තොපිලාගේ මහ එකාල රටම කෑවම දුවන කෝච්චියට බෙල්ල තියල යන්තමින් කෝච්චිය බ්‍රේක් කරපු එකා මොනවා කරන්නද තොපිලාගේ මහ එවුන් කල වැරදි වලට පිළිතුරු දෙන්න කියලා උන්ට කියපල්ලා 69 ලක්ෂයක් ගත්තු එකාට බැරිදේ රනිලා කොහොම කරන්නද

:       2       22

Hafeel Saturday, 01 October 2022 04:38 PM

කිසිම ජනවරමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කල සහ ඔයාල පත් කල ජනාධිපතිට පොඩ්ඩක් මතක් කරන්න, ඔහු ජනතාවට තුන් වේල කන්න දෙනවයි කියල ආව කියල. ජනාධිපති වුනෙන් පසු ඔහුට ඕක අමතක වෙලා. තවද ඔයාල මේ කරන්නේ හොරාගේ අම්මගෙන් පේන ඉල්ලන්න වගේ වැඩ.

:       3       5

sanjeewa Saturday, 01 October 2022 08:43 PM

රනිල්ට බැහැ කියලා අවුරුදු 10 කට වඩා කාලයක් ඔබලා රටපුරා වේදිකාවල කිය කියා ඇවිද්දා, පොස්ටරුත් ගැහුවා. නමුත් ඔබලා සියලු දෙනාම එකතු වෙලා බැරි එකා ජනාධිපති කරගත්තා. දැන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා. වයසට ගිය රනිල් කොහොමද ඔය ඔක්කොම කරන්නේ ? රනිල්ව පුළුන් මළ ගෙවල්, දාන ගෙවල් පිරිත් ගෙවන් වල නම් යවන්න.

:       1       6

de silva Saturday, 01 October 2022 08:49 PM

ඔබලාගේ පාර්ශ්වයේ හිටපු සාධාරණ මනුස්සයෙක් ලෙස පක්ෂ විපක්ෂ බහුතරයක් පිලිගන්න මහාර්ය චරිත හේරත් ජනාධිපති කරගත්ත නම් ඔහුට යම්කිසි කාර්ය භාරයක් කරන්න තිබුණා. හැමදාම පැරදුන ෆේල් මිනිස්සු කොහොමද මේවා කරන්නේ.

:       3       4

KAUTILYA. Saturday, 01 October 2022 08:57 PM

බහුජාතික/දේශීය සටකපට බූවල්ලගෙ අඩුකඩලා දැමිමොත් අසරණයින්ට හුස්ම ගන්න ඇහැක් වෙයි.ඒක කරන්න නමෝ විත්තියෙන් පෙල ගැහෙන්න පියවර මනින එක හැරෙන්න විකල්පයක් තියේද?

:       0       5

Perera Saturday, 01 October 2022 11:37 PM

ඔයාලගේ ජගත් කුමාර නේද මීට ටික කාලෙකට ඉස්සෙල්ලා කිව්වෙ ජනතාවට වේලක් ඇර වේලක් කන්න කියලා. ඉහේ ඉඳන් මුන්ව පටට ගහන්න ඕන එවුන්.

:       0       7

fairoos Sunday, 02 October 2022 12:04 PM

දැන් එහෙනම් පොහොට්ටුවේ අයත් විපක්ෂයේද ඉන්නේ..? නිකන් පච වෙන්නේ නැතිව කට්ටියම තොලොංචි වෙලා යන්න...

:       0       0

කරුණාසේන Sunday, 02 October 2022 05:04 PM

මේ අයට ලබන වසරේ ඡන්දය මතක්වෙලා වගෙයි. ජනාධිපතිවරයාට ඡන්දය තිබ්බොත් වාසිදායකයි. එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 26 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 7 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2576 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2452 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 917 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2391 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site