IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම  බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහලේකම් කාර්යාලයේ තේරීම් භාර නිලධාරීවරයාට භාරදීමෙන් පසුව අතුරුදහන් විම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා චෝදනා කරමින් පැවසීය

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිල මුද්‍රාව තබා අත්සන් කරන ලද පිටුව එලෙස අස්ථානගතවි ඇති බව සංවිධායකවරයා කීය

අපි  නිශ්චිත ඒ ක්‍රියාදාමයට අනුකූලව සකස් කරපු ඒ වගේම පක්ෂයේ නීතිඥ මඩුළු තුනකින් අධීක්ෂණය කරපු, පක්ෂ නායකයා වගේම , මහ ලේකම් තුමා අධීක්ෂණය කරපු , ඒ වගේම මගේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කටයුතු කරලා සකස් කරපු නාම යෝජනා පත්‍රය නිවැරදිව අපි බාරදීම සිද්ධ කළා.

මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරී ජනක. කේ. ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

අපේ කාර්ය මණ්ඩලයට කිසිම අවශ්‍යතාවයක් නැහැ පිටුවක් හංගන්න. ඒගොල්ලෝ දැනගන්න ඕන හරියට බාර දෙන්න. ඡායා පිටපත් ඕන තරම් තියාගන්න පුළුවන්.

අපිට කොළ ටික හරියට දුන්නයි කියලා සහතිකයක් තියෙනවද? ඒගොල්ලොන් ගාව. අන්තිම මොහොතේ 110 ක් බාර දුන්නා. කච්චේරියේදී කොලේ නැති වුණා කියලා ඔප්පු කරන්න කියන්න. හැසිරීම පවා සැක සහිතයි. මුදල්වලට බඩු විකුණනවා.

 



අදහස් (1)

බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ

Nishan Monday, 24 March 2025 03:27 AM

දිස්ත්‍රික් තේරීම් බාර නිළදාරියාගේ උත්තරේ නම් කිසිම වගකීමක් නෑ. එයාලගේ අතින්නැති උන එකක් කොහොමද අනිත් අය ඔප්පු කරන්නේ? දුන්නා කියලා ඔප්පු කරන්න කියන ගමන් සහතික පිටපත් ඕන තරම් තියා ගන්නත් පුළුවන්ලු. මාර උත්තරයක් ඒක. එයාලා ඕනේ ඔප්පු කිරිමේ වගකීම ගන්න. මෙහෙම නිළදාරින් එක්ක ස්වාධීන චන්ද තියන්වා බොරු.

:       4       11

ඔබේ අදහස් එවන්න

 

දියත

කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට
2025 මාර්තු මස 25 64 0

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය


දේශබන්දු නෙරපීමේ යෝජනාව අට වැනිදා මැති සබේට?
2025 මාර්තු මස 25 76 0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට


ස්කෑන් යන්ත්‍රයක් රේගුවේ සිරවීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ගේ
2025 මාර්තු මස 25 140 0

කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය


මත් ජාවාරම්කරුගේ ගෝලයා ‘අයිස්‘ සමඟ මාට්ටු
2025 මාර්තු මස 25 148 0

විදේශගතව සිටින මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන පුද්ගලයකු ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා අලෙවියෙන් උපයාගත් රුපියල් 64,200 ක මුදල් සමඟ ගල්කිස්ස


ලෝකයේ දැනුම අත් කර ගන්න සිසු පිරිසක් හදනවා
2025 මාර්තු මස 25 112 0

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍ර


අයවැයෙන් විශ්‍රාමිකයන් ආමාරුවේ දාලලු
2025 මාර්තු මස 25 656 0

මෙම වසරේ අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ ව


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 299 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 591 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1261 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site