(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බිත්තර බද්ද ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අලුතෙන් පැනවූ එකක් නොවේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පලිහේන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීම දැන් බොහෝ අයගේ සිරිතක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
රටක් පවත්වා ගැනීම සඳහා රජයකට ආදායම් අවශ්‍යයි. ඒ අතර වැට් බදු විශේෂයි. මුළු ආදායමෙන් බහුතර ප්‍රමාණයක් වක්‍ර බදු වලින් ලැබෙන අතර වැඩි ප්‍රමාණයක් වැට් බදු වලින් ලැබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්නවා. මෙයින් සමහර කොටසක් වැට් බදු වලට යටත් වන්නේ නැහැ. මේ සියලු ක්ෂේත්‍රවලට සම තලයක් නිර්මාණය කරමින් මේ සංශෝධන ඉදිරිපත් කරනවා.අපේ රට දුප්පත් වුනේ අපි පාලනය කරලා නොවෙයි.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිත්තර බද්ද අපි දාපු එකක් නෙමෙයි
Nirodha de silva Wednesday, 09 April 2025 12:34 PM
දැම්මේ කවුරු වුණත්, ඔයාලාට ඒක අයින් කරන්න පුළුවන් වෙයි...
යෝගා Wednesday, 09 April 2025 12:38 PM
කිව්වේ කොහොමද, සියලු ආහාර වැට් බද්දෙන් නිදහස් කරනවා කියලා. බිත්තර කියන්නේ ආහාරයක් නෙමෙයිද සීයේ?
ගුණරත්න Wednesday, 09 April 2025 01:07 PM
ඉතිහාසේ පළමු වතාවට බිත්තර සඳහා බද්දක් පැනෙව්වේ මේ ආණ්ඩුව, එහෙම කරලා දැන් අපි දාපු බද්දක් නෙවේ කියනවා? මොන වර්ගයේ බොරු කාරයෝ ද මේ? චේතිය රජ්ජුරුවොත් මුන් එක්ක ළඟින් තියන්න බැහැ.
Don perea Wednesday, 09 April 2025 01:23 PM
මාර උත්තර, අපි දෙන්නේ
පලිපාන Wednesday, 09 April 2025 01:27 PM
මේ රට දුප්පත් වුනේ අපි පාලනය කරල නෙවෙයි සහෝදරයිනි 1975 අප්‍රේල් 05 වෙනිදා සිට ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩු පාලනය කරද්දී ඒවා පෙරලා දැමීමට අපි විසින්ම කැරලි දෙකක් ඇතිකිරීම රජයේ දේපල වැනසීම විරුද්ධව සිටි ජනතාව මරාදැමීම සේවකයින් වැඩබිම් වලින් බැහැරව වර්ජනයන්ට යොමුකිරීම වගේ දේවල් අපිවිසින් අවුරුදු 53 ක් කිරීම නිසා කියල නුඹලට තේරුම්ගන්න බැරිද?
සිල්වා Wednesday, 09 April 2025 01:53 PM
ගාල්ලෙන් එක්කෙනෙක් බොරු කියනවා. දැන් අනුරාධපුරයෙනුත් කියනවා.
S. Udda Wednesday, 09 April 2025 02:37 PM
ඔහෙලා නොවෙයි නම් කිකිලි දාපු එකක් වෙන්න ඇති. මේ මිනිස්සු මෙහෙම ගිහින් කියාවි මහජනයා දාගත්තු බද්දක් කියලා...
Roshan Wednesday, 09 April 2025 02:51 PM
එහෙනම් ඒක එක පෑන් ඉරෙන් අයින් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවානේ..!
මැක්ස් Wednesday, 09 April 2025 03:03 PM
සෑම සියලු නුගුණ අනුන්ට පැටවීමටත්, අනුන් කළ හොඳ දේ තමන්ගේ ගිණුමට දමා ගැනීමටත් උත්සාහ කරන මෙවන් තකතීරු මෝඩ රැලක් ලෝකයේ වෙනත් කිසිම රටක නැතුව ඇති...!
Nandana Wednesday, 09 April 2025 06:12 PM
අනේ යන්න කවුද මේ...?
Bailable Champion Thursday, 10 April 2025 10:19 AM
අනේ අංකල් , ඔය ගොල්ලෝ හිතුවද අපි නරි නාවනවා කියලා? තොපි තමයි රටේ ඉන්න හොදම නරි ටික!