IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

දේශීය වෙදකම  සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක්  පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර  ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ  රට ගොඩනැගීම සඳහාවූ   යෝජනා ඇතුළත් සංදේශයක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ.

සංගමයේ සභාපති  වෛද්‍යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා  සංදේශය බාරදීම සඳහා   හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි   බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී  පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ සංදේශය කතානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු  නිලධාරියෙක්  පැමිණ බාරගත්තේය.

පාලකයින් හා ජනතාව ධාර්මිකවීම, ස්වයංපෝෂිත ගෙවතු වගා ඇති කිරීම ,ගොවිතැන හා දේශීය වෙදකම නගා  සිටුවීම, ඖෂධ වගාව සහ දේශීය වෙදකම පාසල් විෂයයක් බවට පත් කිරීම,පිටිකිරි වෙනුවට කැඳ කෝප්පය හඳුන්වාදීම, විදේශයන්හි සේවය කරන අයගේ වැටුප් කොන්දේසි මත මෙරටට එවන්නැයි  ආරාධනා කිරීම , රට ගැන සිතා  පරිත්‍යාගශීලී සැමගේ සහාය ලබා ගැනීම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ හොර මැරකම් නැවැත්වීම, සියලු දේශපාලඥයන්, ධනපති  ව්‍යාපාරිකයන් සියලු දෙනාම තමන් සතු සියලු ස්වර්ණාභරණ යම් කාල සීමාවක් සඳහා  කිසියම්  කොන්දේසි මත රජයට බාරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම , මන්ත්‍රී දීමනා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම සහ  අධික ලෙස ණය වීම  හා විදේශ යැපුම් මානසිකත්වයෙන් ක්‍රමානුකූලව ඉවත්වීම ඇතුළු යෝජනා රැසක් එම පිරිස කතානායකවරයාට මෙසේ  බාර දුන් සන්දේශයට ඇතුළත් විය.

මේ නියෝජිත පිරිසේ පැමිණීම නිසා ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ යම් කලබලකාරී තත්වයක්ද අද පෙරවරුවේ  ඇතිවිය.



අදහස් (6)

බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

lakvidu Tuesday, 24 May 2022 02:57 PM

පිස්සු නැත්තම් හොඳයි

:       0       0

Nal8ns Tuesday, 24 May 2022 06:59 PM

ගොඩක් හොඳයි...

:       0       0

Rag Tuesday, 24 May 2022 09:33 PM

පව්.. සීයා. මම මුකුත් කියන් නෑ..!!! 

:       0       0

Bamunuarachchi Wednesday, 25 May 2022 09:09 AM

මොවුන්ගේ මල විකාර...!

:       1       2

Munasigha Thursday, 26 May 2022 07:21 AM

මේ සීයා අපේ ගමේ පෙරහැරට ගෙනියන්න ඕනෑ

:       0       1

Cynic Thursday, 26 May 2022 11:58 AM

අපිට ඩොලර් හිඟ වුණාට විහිලු කරන අයගේ හිඟයක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 156 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 47 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 86 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 528 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 326 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 637 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26429 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18865 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1858 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site