IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


'බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවෙලා නැහැ'

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා  නැමැත්තිය කිසිවිටකත් ප්‍රකාශ කර නැතැයි  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇයගේ කට උත්තරය සභාගත කරමින්  පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.

බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවූ බවට ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇතැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා  වරප්‍රසාදවලට මුවාවී මැතිසබයේදී   කළ එම ප්‍රකාශය පිටතදී කර පෙන්වන්නැයි ඒ මන්ත්‍රීවරයාට තමා අභියෝගයක් කරන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක්  සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප්‍රකාශය යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාස්කු ප්‍රහාරයට පෙර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කර තිබූ බවත් ශානි අබේසේකරගේ සීඅයිඩිය  එදා ඒ පරීක්ෂණ හරියාකාරව සිදු  කළේ නම්  මෙවැනි විශාල විනාශයක් සිදු නොවනු ඇති බවත් සරත් වීරසේකර මහතා කීවේය.

හරීන් කියන්නේ නිවැරදිභාවයේ  සංකේතය නොව බොරුවේ සංකේතය බවද  හෙතෙම සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේදී හරවා යැවූ බව කියන  සැකකටයුතු ලොරියක් පිළිබදව  හරීන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ බව පැවසූ වීරසේකර මහතා  එය සැක කටයුතු ලොරියක් නොව චීනයේ සිට ගෙන එන ලද විසිතුරු මසුන් හොරණට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් බවද  පැවසුවේය.

ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ද  අමාත්‍යවරයා  මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අද පවතින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන බොරු චෝදනා බොරු කතා වැඩි වැඩියෙන් ප්‍රචාරය වන කාලයක් බවද අද සමහරුන් පාර්ලිමේන්තුවේ වීරයන් වීමට උත්සාහ දරන බවද  ඔහු ප්‍රකාශ කළේ‍ය.

බල්ලන්ට, බූරුවන්ට , හිවලුන්ට මේ රටට ආදරය කිරිමට හැකියාවක් නැතැයි  සඳහන් කළ විරසේකර මහතා ජාතික ආරක්ෂාව හෑල්ලු කිරීමට කටයුතු නොකරන්නැයි  සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද  පැවැසීය.

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා මේජර් ජෙනරාල්  සුරේෂ් සලේ   ගැන විවිධ අවලාද මතු කරන බවත්  ඔහු අවංක දක්ෂ රටට ආදරය කරන නිලධාරියකු බවත් අමාත්‍යවරයා කීවේය.



අදහස් (10)

'බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවෙලා නැහැ'

Nuwan Thursday, 11 November 2021 01:23 PM

එතකොට සහරාන්ලට බුද්ධි අංශෙන් පඩි ගෙව්වා කියන්නේ අර අබ්දුල් රාසික් ටත් ගෙවලා නේද ?

:       8       33

දාස Thursday, 11 November 2021 01:24 PM

මහත්තයො ඔහේ කියන ඒවා අපි කොහොමද පිලිගන්නෙ. බුර්කා තහනම් කලා කිව්වා , අනුර කුමාරට පුස් වෙඩි වෙනුවට ජීව උන්ඩ වලින් ගේම දෙනව කිව්වා , මහ මොල කාරය කුදලෙව්ව කිව්වා . ඔක්කොම ටෝක්ස් , ඔහේගෙ ලොක්ක වගේ.

:       7       42

Hafeel Thursday, 11 November 2021 01:56 PM

මෙයා එදා පාර්ලිමේන්තුවේ කිව්වා සාරා නැමති පුලස්තිනි ඉන්දියාවට පැනල ගිහින් නැතිලු. එහමනම් ඇයි සාරා ඉන්දියාවට පැනල යන්න උදව් කලයි චෝදනාවට පොලීස් නිලධාරියක් අත්අඩංගුවේ තියං ඉන්නේ? කෙසේවෙතත් මේ ආණ්ඩුවෙනුත් අගතියට පත්වූවන්ට යුක්තිය ඉටු වෙන්න නැහැ කියන එක පැහිදිලියි.

:       0       12

de silva Thursday, 11 November 2021 03:05 PM

සිනමා නිළියන්ට ඇඳුම් ගෙන යමින් ආදරය කරන්න දන්නේ ඔබ පමණි .බල්ලෝ සහ බූරුවෝ ආදරය කරන හැටි ඔබෙන් ඉගෙන ගත යුතුය

:       1       18

fairoos Thursday, 11 November 2021 03:33 PM

පුස් වෙඩිල්ල ,පලිගැනීම් විතරයි දන්නේ මෙයා

:       1       14

rocky Thursday, 11 November 2021 03:39 PM

ඔය මහත්තයා උපන් දා ඉඳලා එකම එක ඇත්තක්වත් කියලා නැද්ද?

:       0       10

ලමය Thursday, 11 November 2021 04:25 PM

නිකන් ශානි අබේසේකර වගේ මිනිසුන්ට මඩ ගහන්න එපා. රටම දන්නවා ඒ මනුස්සයගේ අගේ, ඔහේ වගේ වාචාල දොඩවන මිනිහෙක් නෙමෙයි ඒ...

:       1       10

de silva Thursday, 11 November 2021 05:42 PM

බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ... කිසිම සම්බන්ධකමක් නැතිව රාජ්‍ය බුද්ධි අංශ විසින් ඔත්තු කරුවන්ට මුදල් ගෙවනවද? ඔබ සිතා සිටින්නේ මේ රටේ ජීවත් වන බහුතරයක් මෝඩ බයියන් කියලද?

:       0       6

Royfedricks Thursday, 11 November 2021 07:27 PM

සරත් වීරසේකර වෙඩි හඬක් ඇසෙන තැනක සිට නැහැ. සිවිල් බලකායේ සිටියේ කියලා සරත් ෆොන්සේකා කිව්වා. ඒ වුණාට උණුවෙන හදක් තිබෙන රත්තරන් මනුස්සයෙක්...

:       2       2

Bamunuarachchi Friday, 12 November 2021 08:48 PM

විකාරද ඇමතිතුමෝ? සහරාන්ගේ බිරිඳ එක්ක කතාකරලා තිබෙනවා.. එ්කෙන් තමයි දැනගෙන තිබෙන්නේ බෝම්බ ගහනවා කියලා. ඒ අය බොරු කියනවා නම් අපිත් බොරු කියමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2041 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4453 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 782 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1762 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23938 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site