IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


බුද්ධි මාරඹේ කෘෂි අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවතට

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල  දරන තනතුරු සියල්ලෙන් ඉවත්  කරන ලෙස  කෘෂිකර්ම  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇත.

මේ අනුව  මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන්ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන්ද  වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට  කටයුතු කෙරෙනු ඇත.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව,  ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන්ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී  ඇතැයි  එම අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අමතරව ඔහු  රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින්  රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී ඇත. 



අදහස් (23)

බුද්ධි මාරඹේ කෘෂි අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවතට

පැරකුම් Tuesday, 26 October 2021 01:23 PM

හොඳ පාඩම දැන් සනීපද? මාලුවා නහින්නේ කට හින්දලු…!

:       7       1

ගුණරත්න බණ්ඩා Tuesday, 26 October 2021 01:32 PM

දයාබර මහාචාර්යතුමනි..., රට, ජාතිය, හා අනාගත පරපුර වෙනුවෙන් දංගෙඩියට ගිය ඔබතුමා වෙනුවෙන් අපගේ ප්‍රණාමය. නූගත් දේශපාලුවන් මේ විනාශ කරන්නේ දේශයේ අනාගතයයි. ජනතාව හාමත් වූ විට සතුරන්ට රට ආක්‍රමණය කිරීම පහසුයි...

:       0       8

මැක්ස් Tuesday, 26 October 2021 01:33 PM

රසායනික පොහොර සමාගම්වල ලොක්කො කොහොමද රසායනික පොහොරවලට කඩේ නොයා ඉන්නෙ? එහෙම කෙනෙක් මෙච්චර කල් මේ තනතුරේ තියා ගත්තෙ ඇයි කියන එකයි ප්‍රශ්නෙ.

:       5       3

දාස Tuesday, 26 October 2021 01:42 PM

කසේරුවක් තියෙන මිනිසුන්ට එහෙයියකු වීමට නොහැක. මහත්මයානනි .ජනතාව ඔබ සමගයි.

:       1       4

Chandima Tuesday, 26 October 2021 02:11 PM

රජා උදහස් වෙලා හිස ගසා දාලා වගේ

:       0       4

pradeep Tuesday, 26 October 2021 02:33 PM

හොඳ වැඩේ...

:       2       2

ravin Tuesday, 26 October 2021 02:46 PM

තමන් උගත්නම් යන්තම් අට පාස් කරපු උන් දෙන තනතුරු අගු මුල්ලට තල්ලු කලානම් ඉවරනේ .නිදහස් අධ්‍යාපනයෙන් රට වැසියෙකු ලබා ගත් උගත්කම ප්‍රයෝජනයට ගන්න දන්නේ නැති අට පාස් කරපු එවුන්

:       0       4

siri Tuesday, 26 October 2021 03:06 PM

වැඩ නොදන්නා අයට වැඩේ දන්න කට්ටිය එක්ක වැඩකරන එක හරිම අමාරු දෙයක්.

:       0       4

කිරි පුතා Tuesday, 26 October 2021 03:06 PM

කතාව ඇත්ත නම් එයාව අල්ලා ඇති රසායනික පොහොර , රසායනික ද්‍රව්‍ය විකුණන ආයතන මගින්. කෝටි ගණන් ගෙවලා ඇති.

:       1       3

kamal Tuesday, 26 October 2021 03:16 PM

මෙයා මොනවද දන්නේ. නාමල් බේබිව ඕකටත් පත් කරානම් තමයි 69 ලක්ෂයේ පැතුම් මල් පුදින්නේ.

:       0       1

Casmir Tuesday, 26 October 2021 04:46 PM

හිතවත් මහත්මයා දේශපාලන තීන්දු විවේචනය කරලා ලොකු වරදක් කරලා තියෙනවා. ඔබ මතක තබා ගත යුත්තේ මෙය ශ්‍රී ලංකාව වන අතර සාමාන්‍ය ජනතාව දේශපාලන විද්‍යාව සමඟ සිටින අතර තවමත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරති. සාමාන්‍ය ජනතාව හොඳ නරක තීරණය කරන්නේ කෙසේදැයි නොදනිති. ඔවුන් තවමත් තම දේශපාලන පක්ෂවලට ගරු කරමින් දේශපාලනඥයන් ගන්නා ඕනෑම තීරණයක් සාධාරණීකරණය කරති. අනාගත පරපුරේ උන්නතිය සඳහා ඔබට ඕනෑම දෙයක් විවේචනය කළ හැකි වෙනත් රටකට සංක්‍රමණය වීම වඩා හොඳය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට කිසිවක් නැත...

:       30       10

ranjith Tuesday, 26 October 2021 04:56 PM

මේ රටේ සැබෑ වියතුන්ට අද පත්වෙලා තියෙන ඉරණම.

:       18       13

Shashika Tuesday, 26 October 2021 05:34 PM

ජනපතිට ඕනි විදිහට වැඩ කරොත් ජොබ් එක ෂුවර්.

:       18       10

nihal Tuesday, 26 October 2021 07:23 PM

ඉවත් වෙනවා අලුත් කෙනෙක් එනවා. වැඩක් වෙන්නේ නැහැ

:       11       8

චන්දිම ෆොන්සේකා Tuesday, 26 October 2021 07:42 PM

බුද්ධි මාරඹේ මහතා පරම්පරා ගණනාවක පේරාදෙණි කෘෂි උපාධිධාරීන්ගේ ගුරුවරයෙකු වෙනවා. මට මතක විදියට ඒ 1987 සිටයි. ඒ විදියට බැලුවහම සමහරවිට කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයාත් ඔහුගෙන් උගත් අයකු විය හැකියි. එහෙම උනොත් මොනවා වෙයිද ?

:       29       8

De Tuesday, 26 October 2021 07:52 PM

බුද්ධි කීවට ඔයාට ඇමතිතුමා තරම් බුද්ධියක් නැතුව ඇති. ඒකයි ඔයාව අයින් කලේ

:       22       10

nihal Tuesday, 26 October 2021 07:57 PM

සුදුස්සෝ අස්කර නුසුදුස්සෝ යයි එතනට සෙතක් වෙයිද අපෙ රටට

:       17       9

සමරේ Wednesday, 27 October 2021 03:44 AM

මෙතුමා කියන දේ හරි වුනත් ඒ විවේචනය සිදු කරලා තිබෙන්නේ මහාචාර්ය තනතුරේ සිටිමින් පමණක් නෙවෙයි. අමාත්‍යාංශයක තවත් තනතුරක් දරමින් එයින් වැටුපක් ගන්නා ගමන් එම තනතුරට අදාල විෂය සහ ක්‍රමවේදය විවේචනයක් එතුමා කරේ. ඒ විවේචනය කරපු ක්‍රමවේදය රජයේ සේවකයන් සඳහා බලපාන ආයතන සංග්‍රහය වගේම එතුමා වෙනත් පුද්ගලික ආයතනයක සේවය කරානම් එහි ආචාර ධර්ම පද්ධතිය අනුවත් වැරදියි. රජයේ සහ අනිකුත් බොහොමයක් පුද්ගලික සේවා ස්ථාන වල අපි රැකියාවට යනකොට අත්සන් කරලා පිළිගන්නවා එම ආයතනයෙන් වැටුප් හෝ වෙනත් ආදායම් ලබන අතර ඒ ආයතනය සම්බන්ධ ප්‍රසිද්ධ විවේචන හෝ ආයතනය අගතියට පත්වන දේ නොකරන බවට. ඒ අනුව මෙතුමා මහාචාර්ය කෙනෙක් වෙලත් එය නොදැන සිටීම පුදුමයි. වැරැද්ද කිව යුතුයි. ඇතුලේ කියලා අහන්නේ නැත්නම් එළියේ හෝ කිව යුතු අවස්ථා තියෙනවා. නමුත් මෙතනදි කරන්න ඕන දෙය තමයි අමාත්‍යාංශ තනතුරෙන් අයින් වෙලා එයින් මුදල් නොගෙන තමන්ගේ මහාචාර්ය තනතුරේ විද්වත් බව මගින් අවශ්‍ය කරුණු රටට ඉදිරිපත් කිරීම. ඒ නිසා මෙතන මහාචාර්ය තුමාගේ විවේචන ක්‍රමවේදයේ ප්‍රශ්නය තමයි අමාත්‍යාංශ තනතුරුවලින් අයින් කරන්න මූලික වෙන්න ඇත්තේ.

:       1       2

Perera Wednesday, 27 October 2021 03:48 AM

බුද්ධි මාරඹේ ඉවතට කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය දැන් මන්ද බුද්ධි ආරම්ඹේ කියන එකනේ

:       0       3

Chandima Wednesday, 27 October 2021 06:44 AM

ප්‍රේමදාස මහත්තයා එක්කලා විජේතුංග මහත්තයා උන්නා වගේ උනා නම් කිසි අවුලක් නැහැනේ ?

:       0       1

swene Wednesday, 27 October 2021 07:02 AM

තම උගත් බුද්ධිය හා බැඳුනු විද්‍යාත්මක සත්‍යය හෙළි කිරීම වරදක් වන්නේ කෙසේද? තම සුසුදුකම් ඉස්සරහට දාල හැම දෙයක් පිළිබඳවම කතා කොට ජනතාව සහ පාලකයෝ නොමග යවන වියත්ත්තුත් ඉන්නවා . ගී.එම්.ඕ.ඒ පාදෙණිය ලොක්කත් රජයට ලනු දෙනවා . රජයත් ඒවා හිස් මුදුනින් පිලිගන්නවා. මාරඹේ මහාචාර්ය වරයා අදහස් පලකලේ තම ක්ෂේත්‍රයේ දැනුම සහ පළපුරුද්ද අනුවයි . එවා නොඅසන රටට කුමන අනාගතයක්ද?

:       0       2

සුද්දා Thursday, 28 October 2021 01:36 PM

මෙතුමා CIC පොහොර ආනයන සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2009-2017 දක්වා කටයුතු කළ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ තියෙනවා. ඕවා ඉතින් අර දොස්තරලා බෙහෙත් කොම්පැණි ප්‍රචාරණය කිරීම වගේ තමයි.

:       0       2

Rohana Thursday, 28 October 2021 08:22 PM

දේශපාලකයින් කියන විදියට වැඩ කරන්න නම් රටට හෙනගැහුවත් තමන්ගේ දැනුම පාවාදීමට කැමතිවිය යුතුයි. එසේ නොකළොත් ගෙදර යන්න වෙනවාමයි. මේ රට පාලනය කිරීමට යමක් ගැන දැනුමක් තියෙන අයගේ උපදෙස් අවශ්‍ය නැහැ. අටපාස් අයගේ විශේෂඥ දැනුම හොඳටම ප්‍රමාණවත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2203 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 422 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 726 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1082 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 190 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 655 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site