IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්

(අංජුල මහික වීරරත්න)

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම  23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව මෙය සංවිධාන කරයි.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය මහා වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු, ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විතය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල සහ බිස්කට්, තේ පැන් දන්සල  23,24 සහ 25 යන දිනවල රාත්‍රී 7 සිට පැවැත් වේ.

මැයි 23,24 සහ 25 යන දිනවලදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී, ෂැංග්‍රිලා හරිත භූමියේ දී  සහ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත වෙසක් කලාපයේ දී බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ භක්ති ගීත කණ්ඩායම් විසින් එය ඉදිරිපත් කරනු ලබයි.

බාලදක්ෂ මාවත හා බේරේ වැව ආශ්‍රිත බිම්තීරයේ “චුල්ල ධර්මපාල” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ සහ දර්ශනීය පහන්කූඩු මැයි 23,24 සහ 25 යන තෙදින ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි 23 වැනිදා පස්වරු  7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එය විවෘත කිරීමට නියමිතය.

ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවන “මඝ මානවක” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ මැයි 23,24,25 සහ 26 දිනයන්හිදී ප්‍රදර්ශනය කෙරේ.

පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන “සතිමත් භාවය” පිළිබඳ වැඩසටහන හෙට (20) පෙ.ව 7.30ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ. 



අදහස් (1)

බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්

☔ ☔ Monday, 20 May 2024 09:42 AM

මෙවර වෙසක් උත්සවය සාර්ථකව කරන්න බැරිවෙන බවක් තමයි පවතින වැස්සෙන් කියන්නෙ

:       32       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 7 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 53 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 57 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2505 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 18 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1424 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site