IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ලට අනුව නීති උපදෙස් ලබාගන්නවා

( නිමන්ති රණසිංහ )

පාස්කු ප්‍රහාර මාලාව  සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා  විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) අධිකරණයට කරුණු වාර්තාව  කළේය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අවසන්ව නොමැති බවත් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ලබා ගත යුතුව ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම  සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් බවත්, තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශව කිහිපයක් තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් නඩුව කල් තැබීය.



අදහස් (3)

බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ලට අනුව නීති උපදෙස් ලබාගන්නවා

Bamunuarachchi Thursday, 25 November 2021 09:47 PM

සිරිල් ගාමිණීට සාක්ෂි කුඩුවට නගින්න වේවි වගේ.

:       0       0

sharm warn Friday, 26 November 2021 10:04 AM

ප්‍රහාරයෙන් සදාකාලික අබාධිත අය ගැනවත් මෙහෙම දුකක් දැනුනද මන්දා.

:       0       0

BamunuarachchiSaturday, 27 November 2021 10:50 AM

දෙවියන් වහන්සේට බේරගන්න බැරිවුනේ මොකද කියලා හිතන්න බැරිද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 91 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 176 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 211 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 450 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1731 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 331 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site