IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ඇති අප කෙදිනකවත්  යුද්ධය පිළිබඳව විශ්වාස නැහැ. එහෙයින් ඉන්දියාව කලාපයේ සාමය ඇති කිරීමට සැමවිටම උත්සාහ කරනවා. 

එමනිසා ඉන්දියාවේ ස්ථාවරය සැමවිටම පැහැදිලියි. මේ එලැඹ තිබෙන්නේ යුද්ධයේ යුගය නොව සාමය යුගයයි. 

වසර 40 කට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයේ නිල සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාවද මෙය විය.

ඉන්දීය ආර්ථික වර්ධනයට සහ සංස්කෘතික උරුමයන් ව්‍යාප්ත කිරීමට දායක වන තානාපතිවරුන් ලෙස කටයුතු කරන ලෙස පෝලන්තයේ සිටින දෙමළ ඩයස් පොරාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක්ද කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය 21 සහ 22 වැනිදා පෝලන්තයේ නිල සංචාරයක නිරත විය.



අදහස් (31)

‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘

Lakshitha Friday, 23 August 2024 01:24 PM

ඒ රටේ මිනිස්සු බුදුදහම සොයා යද්දී අපේ රටේ හරක් නිරාගමික ගංජා කාරයො, කුඩ්ඩො පස්සෙ යනවා. ඉන්දියානුවන් පිං කරල තියෙනව මේ වගේ නායකයො ලබන්න. තමන්ගේ ආගම හින්දු උනත් ඒ මනුස්සය බුදුදහමට ගරු කරන්නේ ඒකෙ වටිනාකම දන්න නිසා.

:       21       227

ABFriday, 23 August 2024 05:52 PM

ඉන්දිය අගමැතිවරයාගේ ප්‍රකශය අගය කළයුතුවෙමු. සමස්ත ආසියානු කලාපයම සාම කලාපයක් වශයෙන් පවත්වාගෙන යාමට සියලු රටවල් එක්ව මානුෂිය / මනුෂත්වය වෙනුවෙන් ආසියානු කලාපය වසර 5ක යුද්ධයක් නොමැතිව පවත්වාගෙන යාමට එකඟත්වයක් පළකර ඉන්පසු සෑම වසර 5කට වරක් එය සක්තිමත් කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමට Peace treaty සඳහා එකඟත්වයකට පැමිණීමට කටයුතු කළයුතු වෙමු.

:       1       83

AmaFriday, 23 August 2024 06:10 PM

දේශපාලකයින් ආගම තමන්ගේ මනාප වැඩි කරගන්න පාවිච්චි කරනවා කැනඩාවේදි මරා දැම්ම ඉන්දියාවට විරුද්ධ පුද්ගලයා පිළිබඳව ඔය සිතිවිල්ල තිබුණේ නෑ. මොවුන් කොහේ හිටියත් එකයි...!

:       30       28

JanahithaSaturday, 24 August 2024 10:58 AM

වැරැදියට තේරුම් ගන්න එපා. මේකෙ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන මිසක් බුද්ධාගම ගැන නෙවෙයි... බුද්ධ ධර්ශනයයි, ආගමයි පටලවාගන්න එපා.

:       4       7

ප්‍රිනා වීරෝSunday, 25 August 2024 12:39 PM

අනේද කියන්නේ මෝදිගේ වැදි බණ. දේශපාලුවන්ගේ සුරංගනා කතා විශ්වාස කරන මෝඩයින්ට හොඳයි. මෝඩි තමුන්ගේ රටේ තමුන්ගේ විරුද්ධවාදීන්ව ඉතා දැඩි ලෙස මර්දනයට ලක් කරමින් ඉන්නා අන්තවාදියෙකුම මිස අන් කවරෙකුත් නොවෙයි. පසුගියදා ඔහුට විරුද්ධව පෙලපාලි ගිය ගොවියන්, අරගලකරුවන් ආදීන්ගේ ගෙවල් බුල්ඩෝසර් කරලා ඒ මිනිසුන්ව ඝාතනය කරපු කෙනා සාමය ගැන කතා කරනවා විහිළුවක්...

:       2       0

kamal Friday, 23 August 2024 01:40 PM

වැරැදියට තේරුම් ගන්න එපා. මේකෙ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන මිසක් බුද්ධාගම ගැන නෙවෙයි... බුද්ධ ධර්ශනයයි, ආගමයි පටලවාගන්න එපා.

:       24       70

ChandhimaFriday, 23 August 2024 02:13 PM

වැරැදියට තේරුම් ගත්තු කෙනාම කියනවා වැරදියට. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල තියෙන්නෙ ඒ උතුම් දර්ශනයනේ...

:       3       59

chamaraFriday, 23 August 2024 04:48 PM

ඔබ අදහස් කරන දේ පැහැදිලි කරන්න පුළුවන්ද?

:       4       1

Buddika Friday, 23 August 2024 01:47 PM

හින්දු ආගමිකයෙක් වුණත්, එතුමා බුදු දහමේ හරයාත්මක වටිනාකම සහ සත්‍යය දකිනවා. ඒත් මේ රටේ අපේ බුදු දහමට වැඩිම හානිය කරන්නේ නමට පමණක් චීවරය දරාගත් වෘත්තීය සමිති, දේශපාලනය, ආගමේ නමින් ව්‍යාපාර කරන චීවරධාරීන් සහ ඒ දෙස බලාගෙන ඉන්නා මහා නායකවරු..

:       5       82

jayantha Friday, 23 August 2024 01:54 PM

හක්කේ බුදුරැස්... බොක්කේ දඩමස් කියන්නේ මේකට... පාස්කු ප්‍රහාරය කළේ මෙයාලා..

:       56       51

යෝගාFriday, 23 August 2024 02:22 PM

ඇත්ත. ඒත් කියලා කරේ. අපේ හිටං වැඩේ වෙන්න ඇරලා සිංගප්පූරුවට ගියා සැපගන්න...!

:       3       37

Sunil Perera Friday, 23 August 2024 02:07 PM

බුදුදහම යනු ආගමක් නොවේ... මිනිසුන්ගේ යහපැවැත්මට ඇති දර්ශනයක්... මෙයා කිසිම ආගමකට නිගා නොකරන අති උතුම් දර්ශනයක්... ආගම් භේදයකින් තොරව ඕනෑම අයෙකුට පිළිපැදිය හැකි ප්‍රායෝගික දර්ශනයක්...

:       5       68

උකුස්සා Friday, 23 August 2024 02:47 PM

ජාතිවාදය විශ්වාස කරමු..

:       20       10

sukitha Friday, 23 August 2024 02:53 PM

මොහු ඉන්දියාව තුළ උග්‍ර හින්දු භක්තිකයෙක්. පසුගිය මැතිවරණයට පෙර මුහුදු පතුලට පවා ගොස් දෙවියන් වැන්ඳ කෙනෙක්. පිට රටවල් වලදී පාට වෙනස් කරනවා වාසියට. ලංකාවේ සම්පත්වලට කෙළ හලනකොටත් බුද්ධාගම සිහිවෙනවා...

:       13       50

Buddika Friday, 23 August 2024 04:32 PM

මේවාට ඩිස්ලයික් කරන්නේ ආගමක්, දහමක් නැති ජන්මයකුත් හරි හැටි නැති අයයි...

:       32       24

උපාසක Saturday, 24 August 2024 12:17 AM

ඔබ හරි. Dan ඉන්නේ අම්මා, තාත්තාටවත් ගරු නොකරන පිරිස් අයට මොන ආගමක්ද? හින්දු වෙලත් බුද්ධ දේශනාවල වටිනාකම මේ මනුස්සයාට තේරෙනවා...!

:       0       1

Nimal ... Friday, 23 August 2024 07:03 PM

කාටවත් මතකද දන්නේ නෑ... අබ්දුල් කලාම් ඉන්න කාලේ ඉන්දියාවේ න්‍යෂ්ටික පිපිරවීම් වැඩි හරියක් කරලා තියෙන්නේ වෙසක් පොහෝදාට එළි වෙන්නයි. ඔවුන් අගමැතිට යවන රහස් පණිවිඩය වුනේ “ බුදුන්වහන්සේ සිනාසුන සේක“ කියලයි.

:       6       14

JanahithaSaturday, 24 August 2024 11:00 AM

ලංකාවේ අයට වඩා හින්දු ආගමිකයින් මුල අමතක කරන්නේ නෑ...

:       0       2

JayaSaturday, 24 August 2024 11:22 AM

දැම්මොත් දාන්නේ මේ වගේ මෝඩ ප්‍රතිචාර තමයි.

:       0       0

සෙනෙවිරත්න Friday, 23 August 2024 08:59 PM

මෙතැන බොහෝ දෙනා වලිගේ පාගගෙන, බුද්ධාගම නම ඇහුණු ගමන් හිතන්නේ හන්දියක් ගානෙ පිළිම හදන, බෝගස් වලට ඔලුව ඔබාගෙන වඳින, චෛත්‍යය ලඟ පෙරැලි පෙරැලි වැඳ වැටෙන එකක් කියලා, මෝදි කිව්වේ බුදුන්ගේ අහිංසක දර්ශනය මිසක් ආගම වෙනුවෙන් මරාගන්න අනික් ආගම් වලට ඇනුම්පද කියන මානසික රෝගීන් අදහන ආගමක් ගැන නෙවෙයි.

:       1       0

Chandima Friday, 23 August 2024 09:57 PM

මෙදාපාර ධර්මයෙන් දෙන්න යන්නේ අපේ පුෂ්ප කුමාර නම් අන්තිමට වාෂ්ප වෙලාම ගියා.

:       2       0

shelton Saturday, 24 August 2024 05:26 AM

යුද්ධ නොකර රටවල් ආක්‍රමණය කරන විදිය ඉන්දියනුවෝ හොඳට දන්නවා මුස්ලිම් වරු වගේම. ඉන්දියාව කියන්නේ සතයකටවත් විශ්වාස නොකළ යුතු රටක්, ජාතියක්...

:       1       0

අශෝක Saturday, 24 August 2024 05:54 AM

විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉන්න දේශපාලන තක්කඩි අගම්වල ඉගැන්වීම් තමන්ගේ වාසියට යොදාගන්න කට්ටිය, දැක්කනේ මෝඩි ව විවේචනය කරපු මාලදිවයිනට කරපු දේ? ලංකාවේ දේශපාලනයේත් ඉන්නවා ඒ වගේ බුදු බණ හොඳට කටපාඩම්... හැබැයි ක්‍රියාවෙන් හාත්පසින්ම වෙනස් වයසට ගිය අය...

:       1       0

සරත් Saturday, 24 August 2024 08:30 AM

ඉන්දියාවට නායකත්වය දෙන මෝදි මැතිතුමාගේ ප්‍රකාශය සෑම රටකම නායකයෝ ආදර්ශයට ගත යුතුයි. සැඟවුන තේරුමක් නෑ. ඊශ්‍රායලය හා මුස්ලිමි රටවල යුද්ධය, රැසියාව හා යුක්‍රේන යුද්ධය මිනිසුන්ගේ දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරයි. සම්පත් විනාශ කරයි. සාමය බුදුන්ගේ මාර්ගයයි. යුද්ධ කරන රටවල නායකයෝ යෙහෙන් වැජඹෙති. ජීවිත විනාශ වී ලේ හලාගන්නා දිනුමක් නැත...

:       1       3

sudda Saturday, 24 August 2024 11:11 AM

ලනු කන්න එපා. මෝඩි කියන්නේ උග්‍ර හින් දු අන්තවාදියෙක් හැටියට ඔහුගේ පක්‍ෂය මෙහෙයවලා දිනපු කෙනෙක්. අපේ උතුරේ සමහර අය වගේ..1992 අයෝධ්‍යාවේ ඇතිවුනු මුස්ලිම් සංහාරයට ඔහුගේ පක්‍ෂයත් මුල්වුණා. මෝදි ගැන තිබෙන ලිපිවල කියැවෙන්නේ ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති කාලයේ 2002 ඇතිවූ වාර්ගික ගැටුම් සිදුවුනේ ඔහුගේ ප්‍රකාශ නිසා කියලා. ඔහුගේ මූලික අරමුණ හින්දු ආගම වගේම ආර්ථික හේතු. අදානි යනු ඔහුගේ මිතුරෙක්. දැක්ක පලියට අහපු පලියට විශ්වාස කරන්න එපා...!

:       1       5

fairoos Saturday, 24 August 2024 11:16 AM

අනේ නිකන් යන්න මෝදී.. ලංකාවේ බයියන්ට හොඳයි මේවා...!

:       4       2

Tony Saturday, 24 August 2024 02:48 PM

බුදුන් උපන්නේ සහ ජීවත් වුනේ ලන්කාවේ බව ඔප්පු වෙලා නිසා දැන් මේ කට්ටිය බයයි ඔවුන්ගේ ආදායම් මාර්ග නැතිව යන නිසා. මෝදි මහතා මොනවා කිව්වත් සත්‍ය ඉතිහාසය දැන් මතුව ඇත. බුදුන් වහන්සේ වැඩ නොසිටිය බව පැහැදිලි ලෙස ප්‍රකාශ කළේ මොහුමයි.

:       4       1

පිටරැටියා Saturday, 24 August 2024 03:16 PM

මෝදි කියන්නේ අපි හිතන විදියේ සුද්දවන්තයෙක් නෙවෙයි. මහා ජාතිවාදියෙක්.

:       2       3

ගමේ එකාලා Saturday, 24 August 2024 04:42 PM

බුදුන්ගේ මග යන කෙනෙක් නම් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන ගුණාංග වලින් එකක්වත් තියෙන්න එපැයි...!

:       3       1

sunil Saturday, 24 August 2024 05:38 PM

ඉන්දියාව, ලංකාව යා කරලා පාලම් හදන්න යන්නේ භික්ෂූන් වහන්සේලා වඩම්මවන්නද?

:       2       1

Karu මයා Saturday, 24 August 2024 07:11 PM

මෝදි අගමැතිතුමා බුදුන් ගැන පළමුවෙන්ම මතක්කළේ ඔස්ට්‍රියාවේදී.. ඒ තමයි (ග්‍රීසියේ අඳුරු යුගය කියන): ඉන්දියාවේ බුද්ධකාලයේ තාවතිංස අධිරාජ්‍යයේ සක්විති අධිරාජයාගේ පාලන සීට් එක. එහි වැසි ත්‍රවස්තිංතවරු තාවතිංස වැසියෝ කියා ධම්මචක්ක සූත්‍රයේ සඳහන්වන බව මට දැනෙන්නේ මනස අවුල් නිසායි..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 28 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 192 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 106 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 186 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 475 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 518 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site