IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බුදුන්ට අපහාස කළ දේවගැති ගැන පරීක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා  පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාල දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර ඇත.

දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා  පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දුන්නේය.

ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත නියෝගය නිකුත් කළේය.



අදහස් (15)

බුදුන්ට අපහාස කළ දේවගැති ගැන පරීක්ෂණයක්

Samitha S. Aluthgamage Monday, 15 May 2023 05:56 PM

බුදුන් වහන්සේ ඉවත්වූ දේශපාලනය උන්වහන්සේගේ චීවරය දාගෙන ඇතැම් දෙනා සිදුකිරීම, චීවරය දාගෙන පෙළපාලි යාම, ගොවිතැන් හා ව්‍යාපාර කිරීම, යූ ටියුබ් එකේ කුණුහරුප කතා කීම, බණකීමට ලක්ෂ ගණන් මුදල් අයකිරීම වැනි දේ බෞද්ධයින් කළද එයින්ද සිදුවනුයේ, බුදු හිමියන්ට අපහාස කිරීම් බව පෙනේ. ඒ නිසා ඉහත කී දේටද නිසි පරිදි ක්‍රියාකළ යුතුයි...

:       29       75

සුජිත් පල්ලේවත්තMonday, 15 May 2023 06:36 PM

කවුරු කෙසේ මොනවා කළත් අටලෝ දහමට කම්පා නොවන සිත්ඇති බුදුන් වහන්සේට අපහාසයක් කළ නොහැක... පිටරටින් ලැබෙන වැටුපකට ඕනෑම බොරුවක් දේශනාකර මුදල් උපයාගන්නා මෙවැනි සියල්ල කළහැකි බව පවසමින් මිනිසුන් මුලා කළද සියල්ල කෙසේ වෙතත් දේශනාවකට එන අයටවත් ආරක්ෂාවක් දීගත නොහැකි බවට මනාවට ඔප්පු වී ඇත...

:       7       100

SL Monday, 15 May 2023 06:16 PM

එයාගේ දේවබලේ පෙන්නාලා ජැක්සන් ඇන්තනිව සුවකරන්න කියන්න ඕනේ... කරන්න බැරි නම් මෙයාට කටට ඉබ්බෙක් දාලා වහන්න ඕනේ. ක්‍රිකට් එක නැතිම නැතිකළා. යාපනේ හින්දු කොල්ලන්ට, මුස්ලිම් කොල්ලන්ට, බෞද්ධ කොල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට එකතුවෙන්න බැරි මෙයා හින්දා තමයි ගොඩක් අය කියන්නේ... මේ තත්වේ මුස්ලිම් සමාජය හොඳට දන්නවා...!

:       8       76

SAM Monday, 15 May 2023 06:18 PM

බුදුන්ට අපහාස කළ මෙවන් පුද්ගලයින් ජාතින්, ආගම් අතර ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ දරනා බවක් පෙනෙන්නට තිබේ. නීතිය ක්‍රියාත්මක කළයුතුවේ. ඔහු යළිත් මෙවැනි ප්‍රකාශ නොකරන බවට සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගෙන් සහ ඔහුගේ ප්‍රකාශය නිසා කිතුණු බැතිමතුන්ටද යම් අපහසුතාවක් ඇතිවේ නම් ඒ පිළිබඳවද කණගාටු වන බව සහ නැවත මෙවැනි ප්‍රකාශ නොකරන බවට ප්‍රසිද්ධියේ සමාව ගත යුතු වේ..

:       8       50

aravinda Monday, 15 May 2023 06:36 PM

බොහෝවිට අන්‍ය ආගමිකයින් තවත් ආගමක් විස්තර කරන්නේ තමන්ගේ නැණ පමණින්ය. කෙසේවෙතත් මෙවැනි ආන්දෝලාත්මක ප්‍රකාශ සිදු කිරීම නොයෙකුත් ආකාරයේ පලිගැනීම් වලට හේතු විය හැකි බැවින්, ඒවා නොකිරීමට වගබලා ගැනීම වඩාත් සුදුසුයි...

:       2       28

යෝගා Monday, 15 May 2023 06:47 PM

කලින් කලට මේ වගේ කාලකන්නි බිහිවෙනවා. කාගෙන් හරි ගුටිකාලා මැරෙන්න ඉස්සෙල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න...

:       6       67

C.K.Lankaputhra Monday, 15 May 2023 07:00 PM

බුදුන් වහන්සේට අපහාස කරන භික්ෂූන් වහන්සේලා කොයිතරම් ඉන්නවාද? මත්පැන් පානය කරන, ප්‍රසිද්ධ ස්ථාන වල රඟන, කාමේසු මිච්ඡාචාරයේ යෙදෙන, බාලවයස්කාර දරුවන්ට නොයෙකුත් වදහිංසා කරන චීවරධාරීන් කොතෙක් ඉන්නවාද? ඒ අය බුදුන් වහන්සේට අපහාස නෙවෙයිද කරන්නේ...? ඒ දේවල් ගැන වගේ වගක් නෑ.

:       45       40

රංජිත් Monday, 15 May 2023 11:29 PM

එක එක මිනිස්සු වැරදි වැඩ කලා කියලා බුදුන්වහන්සේට අපහාස වෙන්නෙ කොහොමද

:       0       2

BamunuarachchiTuesday, 16 May 2023 09:48 AM

ගොන් මැට්ටෝ තවත් මිනිස්සු හොරකම් කරනවා මිනී මරනවා කියා අතට අහුවෙච්ච මිනී මරුවා නිදහසේ යවන්න බැහැ. මේකා ප්‍රසිද්දියේ මේ අපහාසය කරලා තිබෙන්නේ. ක්‍රිස්තියානි ආගමට අපහාස කලයි කියලා Dan Brown ලියපු The Da Vinci Code කියන පොත හෝ movie එක ලංකාවට ගෙනෙන්න පාදිලියෝ ඉඩ දුන්නේ නැහැ. එහෙමනම් මේ පාදිලියාට බුද්දාගමට අපහාස කරන්න ඉඩේ දෙන්න පුලුවන්ද?අරය කළා ඒ නිසා මෙය කලාට කමක් නැහැ කියන ගොන් කතා කොහෙන්ද ඉගෙනගත්තේ? මේකා මුස්ලිම් ආගමට ප්‍රසිද්දියේ අපහාස කලානම් දැනටමත් කුරුසේ ඇන ගහලා.

:       2       3

මොහන්දාස් Monday, 15 May 2023 07:41 PM

පළමුවෙන්ම කරන්න ඕනෑ මෙයාව අත්අඩංගුවට ගන්න එක... මෙයා තමයි ක්‍රිකට් වලටත් හෙනයක් වුණේ... බලමු අත්අඩංගුවට ගන්න ඉක්මන සුදු ලෝගුකාරයින්ටත් තියෙනවාද කියලා...

:       7       37

ගමේ එකාලා Monday, 15 May 2023 08:27 PM

බුදුන් වහන්සේට අපහාස වෙන විදියට කටයුතු කරන ප්‍රසිද්ධ චීවරධාරියෝත් ඔය ඉන්නේ?

:       0       0

Nihal Monday, 15 May 2023 08:56 PM

මොහු අත්අඩංගුවට අරගෙන නිදහස් කලොත් කියයි දෙයියන් ඇප දුන්නු බව,දස වද දීලා මරපු පුතාත් විකුනන් කන්නෝ

:       0       2

Sam Tuesday, 16 May 2023 02:12 AM

මෙය ඊනියා දේශප්‍රේම සාටක රැළගේ යටිකුට්ටි කුමන්ත්‍රණයකි , ඔවහුන් සැමවිටම උපායමාර්ගිකව ජාතිය අනතුරේ මොහොතවල් නිර්මාණයකර නැවත බලය එමට උත්සත කර ඇති අවස්ථාවන් බොහොමයි

:       3       4

Demuni Uduwara Tuesday, 16 May 2023 05:44 AM

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ නුසුදුසු හැසිරීම් ගැන කුමක් කිව හැකිද?

:       3       3

samTuesday, 16 May 2023 12:53 PM

උඩුවර කියන්නෙ ඔය හොර ජෙරමගෙ සූප්පුවක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 28 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 194 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 106 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 187 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 477 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 520 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site