IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බුදුන්ට නිගා කළැයි සන්නස්ගල අධිකරණයට

(නිමන්ති රණසිංහ)

බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කළේය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය අද (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සදහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.

 



අදහස් (40)

බුදුන්ට නිගා කළැයි සන්නස්ගල අධිකරණයට

කිරි පුතා Saturday, 30 April 2022 08:52 AM

ඔවුන් මිනිසා හදාගත් නීතියෙන් ගැළවෙයි. නමුත් මහපොළොව වන් සීලයකට විශ්වය වන් ප්‍රඤ්ඤාවකට නිගා කළේ නම්, එහි කර්මයෙන් ගැළවිය නොහැක. මේ භවයේදීම වැඩිකල් නොගොස් මේ හිස් මිනිසුන්ට එම කර්ම විපාක ආරම්භ වනු ඇත.

:       23       45

P. D Goonawardena Saturday, 30 April 2022 08:56 AM

මෙවන් අය තවත් මව්බිමට බිහි නොවේවා...!

:       29       46

sankaSunday, 01 May 2022 10:54 PM

උබල වගේ කොන්ද කැඩුන එවුන්ට වඩා පොත ලියපු එකයි එක ප්‍රින්ට් කරපු එකයි හොදයි

:       0       0

ජුනයිඩ් Saturday, 30 April 2022 09:24 AM

මදෑ.... අවුරුදු තුනහමාරකට පස්සේ...!

:       9       28

රන්ජිත් පනාන්ද්‍රSunday, 01 May 2022 12:27 AM

ඔබේ අාගමික නායකයාට අපහස කොලොත් මොකද්ද ඉරනම?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 April 2022 09:38 AM

ගරු අධිකරණයේ තීන්දුවට හිස නමමි. රාජපක්ෂ මහතා, මේ ඔබතුමාට මතක්කොට දෙන්නේ, මේ රටේ තවත් බොහෝ දෙනා බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා. බුද්ධ චීවරය දාගෙන රට වනසන ඇතැම් දේශපාලකයින්ට හිරිකිතයක් නැතිව උදව් කොට බුදුදහමට නිගා කරනවා. තවත් බොහෝ දේ මේ රටේ සිදුවෙනවා. මෙවැනි දේ තවමත් නොපෙනීම ගැන කණගාටු වෙනවා.

:       9       45

Deepal Nirosh Saturday, 30 April 2022 09:50 AM

ආ මේක මේ 2019ට කලින් කරපු පැමිණිල්ලක් නොවැ, දැන් 2022, මේ පැමිණිලිකරුයි, විත්තිකරුයි දෙන්නාම දැන් එක පැත්තෙනේ...

:       6       29

Prase Saturday, 30 April 2022 09:59 AM

වහාම සිරගත කරන්න.

:       25       35

නෙළුම් පුෂ්පසිරි Saturday, 30 April 2022 10:46 AM

දශක ගණනාවක් තිස්සේ පන්තියක සිංහල විෂය උගැන්වූ ඒ අතරතුරේ නවකතා ටිකක් ලියු ඉන් පසුව ගීත රචනා කළ වර්ථමානයේ දී තමන්ගේ වටිනාකම තමන්ට වටහා ගන්න නොහැකි අය ඉන්න රටක අපට පාඩමි කියා දෙන මෙත

:       0       0

Sharn Saturday, 30 April 2022 10:47 AM

සිතීමේ සහ බිනීමේ නිදහස තිබූ පලියටම උතුම් ශාස්තෘවරයෙකුට හා උන්වහන්සේගේ දර්ශනයට නිගාකිරීම පිළිකුල් සහගතයි. තම පහත් අපේක්ෂාවන් මුදුන් පමුණවා ගැනීමට කවර හෝ ආගමකට, ශාස්තෘවරයෙකුට නින්දා කිරීම නොකළ යුතුයි.

:       17       49

අජිත් පෙරේරා Saturday, 30 April 2022 11:27 AM

ගුණදාස ලියනගේ ලියූ " තෙවන සිල් පදය නොකඩමි " පොතටත් ඒ කාලේ මේ වගේ නඩු දැම්මද? ආගම් යනු ඓතිහාසික සොච්චමක අර්ථකථනයන් ම වේ. එම අර්ථකථනය පිළිගන්නා අය එකතු ව ආගමික සංස්ථා බිහි කරගනිත්. එම අර්ථකථනයට මෙන් ම වෙනත් අර්ථකථනයන් ද තිබිය හැක. ඊට නිදහස තිබිය යුතු ය. මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ "බව තරණය"ට ද එකල විරෝධතා ඇති විය. ඔහු ඇතැම් ගතානුගතික බෞද්ධ මතයන් එමගින් තාර්කික ව නිශේධ කරයි. මම සන්නස්ගලයන්ගේ කෘතිය කියවා නැත්තෙමි. එහෙත් වෙනස් අදහස් දරන්නට මෙන් ම නිර්මාණකරණයේදී නිර්මාණකරුවා සතු විය යුතු නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටිමි. මෙලෙස පටු ලෙස සිතන ලෝකයක දාවිත් මෙන් ම ඉසුරුමුණි පෙම් යුවල හා සීගිරි අප්සරාවන් ද හුදෙක් කලා නිර්මාණ නොව කුණුහරුප පමෙණකි.

:       0       0

Lalla Saturday, 30 April 2022 11:35 AM

බුදුදහමට ඇත්තටම අපහාස කරන්නේ දේශපාලනයේ යෙදෙන චීවරධාරින් තමයි.

:       9       50

ලංකාමාතා Saturday, 30 April 2022 12:01 PM

පැමිණිලි කරලා අවුරුදු හතරයි,කොහොමද ලංකාවේ සංවර්ධන වේගයේ තරම.මේක ලියපු එවුන් දෙදෙනාට පමණක් නොවෙයි මුද්‍රණය කල එවුන්ටත් දඩුවම් දියයුතුය මතකද පකිස්තානයේදී මෙහෙම අපහාස කලා කියලා ප්‍රියන්ත මැරුවා.ඒකෙ තීන්දුව මාස ගණනක් ඇතුලත දුන්නා අපි තවමත් විමර්ශනය කරනවා,

:       0       0

Bamunuarachchi Saturday, 30 April 2022 12:07 PM

මේ දැන් ඉන්න මහා බක පණ්ඩිතයෙක් මෙයා ඉස්ලාම් ආගමට මෙවන් අපහාසයක් කලානම් මෙලහකටත් ගල් ගහලා මරලා. රට ගියානම් මේවගේ හැකරයින් ත්‍රිපිටකයත් ගිනිතියයි.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 30 April 2022 12:16 PM

බුදුන්ගේ නෑයෝ එක්තරා ලන්කාවේ පවුලක් කීවේ මෙයාද....?

:       0       0

kalum Saturday, 30 April 2022 01:59 PM

ඕකා ගංජාකාරායා කියල කියනවා ඒක ඇත්තද මංන්දා, ඕකා එකපාරක් බයිපාස් කරලා බේරුණා කියලා කියනවා, ඕකා යන්නෙ කොහෙද මල්ලෙ පොල්, ඕක දනිනවද බෞදිත දර්ශණය ගැන, ඕකට යන්න වෙන්නෙ නිරයටත් එහා නිරයකට ඔකත් එක්ක ඊට සම්බන්ධ වුණු අනෙත් එකාටත් එසේමයි, උන් මොනවද බෞද්ධ දර්ශපය ගැන දන්නෙ. ඕකා ඕකා අමිමට ස ක ත් නැහැ කියන්ණෙ ඇත්තද ඕකා මහින්ද රාජපක්ෂගෙ වැරදි හොයන්න ඉස්සල්ලා උගේ වැරදි හොයා ගත්තනම් නරකද, ඕකා මන්ද බුද්ධිකයෙකි වගේකථා කරන්නෙ, ඕකාට මිනිස්සු කියන්නෙ සංස්කෘතික ගාතකයා කියලා. මලපෙරේතයා හිකලනලා වගේල.

:       0       0

Ruwan R Saturday, 30 April 2022 03:27 PM

පුද්ගලයා කවුරු වුණත් වරද වරදමය. අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුය.

:       24       55

උපාසක Saturday, 30 April 2022 06:37 PM

මෙතෙක් කල් ප්‍රමාදයක් ඇතිවුණේ කාගේ හෝ ඉහළම කෙනෙකුගේ බලපෑම් නිසා වෙන්න ඇති.. ඒ නිසා එයාවත් සොයා සිරගත කළ යුතුයි..

:       5       20

පැරකුම් Saturday, 30 April 2022 04:54 PM

අපේ අධිකරණය ඇයි මෙතරම් මන්දගාමී?

:       0       0

ඇ ස Saturday, 30 April 2022 04:54 PM

මොහු සැබෑ වාසනාවන්තයෙකි. තමා ගන්ජාසහ සිගරැට් බොන බව සහ කුණුහරුප ප්‍රසිද්ධියේ කියද්දීත් දෙමාපියන් තම දරුවන් සින්හල ඉගෙනගැනීමට මොහුගේ පන්තිවලට යවති. මොහු ආශ්චර්‍යමත්‍ය. ලෝකයේ කිසිදු අන්‍යාගමිකයෙකුවත් බුදුපියානන්ට රගසින්වත් නින්දා නොකරති. මොහු තමා බෞද්ධයෙකුයැයි කියමින් ප්‍රසිද්ධියේ බුදුන්ව පවා විවේචනය කරයි. වෙන ආගමක මේ හපන්කම කලානම් මෙතුමා දැනටමත් ඉන්නේ ඊලග තිරිසන් තාත්තාගේ අන්ඩකෝශයේය. මොහු පුදුම සත්වයෙකි. මොහුට මේ ලෝකයේ සියල්ල පෙනෙන්නේ වැරදියටය. කලුවටය. ගදගහන තමාව පෙනෙන්නේ සුදටය. පිරිසිදුවටය. අජාන් බ්‍රහ්මවන්සෝ කීවාක් මෙන්,, Just ignore him. Karma will take the bastard.

:       0       0

S vidanalage Saturday, 30 April 2022 05:06 PM

තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේට අපහාස කල කිසිවකුට .....අවීචි මහා ..නරකාදිය....හැර වෙන තැනක් ...නොමැත.......අන්‍යාගමිකයන්ගේ..මුදල් වලට ....කෑදර කමින් ....කල පවු...ගෙවන්නට වනුයේ ....තනියම බව......මරණ මංචකයට....වැටුණු ...සන්නාට.....තේරෙන විට.....බොහෝ ප්‍රමාදය ........

:       0       0

Lakprasa Saturday, 30 April 2022 05:48 PM

පිස්සෙක් මු ගංජා ගහන එක

:       0       0

සරන කපුවත්ත Saturday, 30 April 2022 06:38 PM

මේ වගේ තව කොච්චර ඉන්නව‍ාද?

:       1       20

Buddika Saturday, 30 April 2022 06:58 PM

මේ වගේ අයට උපරිම දඬුවම් දිය යුතුයි. දෙමව්පියන්ටවත් මෙයා සලකනවද දන්නේ නැහැ..

:       11       30

එව්.කේ.බන්දුසේන Saturday, 30 April 2022 07:15 PM

උගත්කම වැඩි වුණාම පිස්සු තදවෙනවා...

:       10       27

kumaraSunday, 01 May 2022 11:11 AM

මේ අයට ඔබ උගතෙකු යයි කියනවා නම් ඔබ අවංකව රාජකාරිය ඉටුකරන මහාචාර්යවරයෙකුට කියන්නේ කුමක්ද? මොවුන් උගතුන් නොවේ. මෙවැනි අය ඕනෑතරම් අපේ රටේ ඇත. කරුණාකර මොවුන් මහ උගතුන් යයි නොසිතන්න...

:       2       2

ලක්ෂමන් Saturday, 30 April 2022 07:37 PM

අරගල භූමි තරුණයින් මොවුන්ගෙන් පරිස්සම් වන්න...!

:       12       32

Randika thanura Saturday, 30 April 2022 07:45 PM

සන්නස්ගල කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයේන්ම උන්මත්තකයේකී..ඔහු සමාජය විකෘති කිරිමට පැමිනී පිලලයක් බව බොහෝ දෙනා දන්නවා.

:       0       0

nandana Sunday, 01 May 2022 01:17 AM

නිසි දඩුවම් ගරු අධිකරනයෙන් බලාපොරොත්තුවෙමු.

:       0       0

මිගා Sunday, 01 May 2022 06:36 AM

පිස්සු පුසෙක්

:       0       0

අනුලා Sunday, 01 May 2022 07:00 AM

මේ රටේ තියෙන වෙනත් ආගමික නායකයෙකුට අපහාස කලානම් මූ තාමත් හිරේ

:       0       0

Bamunuarachchi Sunday, 01 May 2022 07:11 AM

දඟලන කොට මම දැනගත්තා වැඩිකල් නොගොස් කෙලව ගන්න බව.

:       0       0

Bempi Sunday, 01 May 2022 08:17 AM

මේ වගේ අය අරගල භූමියට ගෙන්න ගන්න එපා. මෙයා කොහොමත් ප්‍රසිද්ධිය වෙනුවෙන් ඕනෙම පහත් දෙයක් කරන පුද්ගලයෙක්. මෙවන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න තරුණයන්.

:       0       0

ප්‍රදීප Sunday, 01 May 2022 10:29 AM

මම ඔය කියන බුදුන්ගේ රස්තියාදුව කියන පොත කියවලා නැහැ. නමුත් මෑතකදී සන්නස්ගල ඒක ගැන කෙටි විග්‍රහයක් කළා. ඒක අහලා මට හිතුනේ නම් ගොඩක් අය ඔහුට චෝදනා කරන එක අසාධාරණයි කියලා. ඕනෑම කෙනෙක්ට මේ රටේ ඕනෑම දෙයක් විචාරය කිරීමේ විවේචනය කිරීමේ අයිතිය තියනවා. භාෂණයේ නිදහස තියෙනවා. මම නම් හිතන්නේ සන්නස්ගල පොතක් කියලා බුද්ධාගමට අපහාස කළා කියලා කියනවා නම්, ඊට වඩා බුද්ධාගමට, බුද්ධ ශාසනයට ඒක ඇතුලේ ඉඳන්ම චීවර පොරවාගෙන අකටයුතුකම් කරන ඈයෝ ගොඩයි කියලා! මේ රටේ බුද්ධාගමට වෙන අපහාස ගැන හොයලා බලලා කටයුතු කරන රජයේ බලධාරීන් වෙනත් ආගම් වලටත් මහ දවාලේ ප්‍රසිද්ධ මාධ්‍යවල නොයෙකුත් චීවරධාරීන් සහ දේශපාලඥයින් විසින් කරන අපහාස උපහාස තර්ජන ගර්ජන ගැන හොයලා බැලුවොත් නරකද?

:       3       4

ලක්මාල් Sunday, 01 May 2022 10:55 AM

මූ තමන්ගේ අම්මාට සැලකුවේ නැහැ, එහෙම කරලා අන්තිමට කිව්වා අම්මාව මග හැරුණ කියලා, තමන්ගේ අම්මාට නොසලකපු මේ අමනයා බුදුන්ට අපහාස කිරීම මූටනම් මහ ලොකු දෙයක් නෙවෙයි. මුන් වගේ අමනයන්ට උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       0

බණ්ඩාර Sunday, 01 May 2022 07:25 PM

නින්දිත පාදඩ ගංජා කාරයා පාසැල් දරදරුවන්ගේ මනස විකෘති කරනවා මේ වගේ ටියුෂන් කඩ කාරයන් සමාජයට පිළිලයක් .මේ වගේ උන් සමාජයෙන් අතුගා දැමිය යුතුයි ...

:       0       0

Ravi Sunday, 01 May 2022 08:48 PM

සැබවින්ම දහමකට නිගා කළා නම් ඒ කළ පුද්ගලයා අදහන දහමට අනුව විපාක ලැබේවි...!

:       0       3

Prashanthi alahakoon Sunday, 01 May 2022 09:29 PM

තෙරුවන් සරණයි පින්වත් මහත්මයාණෙනි, ඔබතුමන්ට පින්.. මෙවැනි මැදිහත් වීමක් කළාට... ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් සදහම් ගුණ රැකගන්න කළ මෙහෙවරක්... තවතවත් බොහෝ කලක් ඔබවැනි ජාතියේ පිනට උපන් පුතුන් බිහිවේවා.! ඔබ විසින් ශාසනවත ආරක්ෂා කරන පිනට මිහිපිට මුර දෙවිවරු මතු දෙවිවරු වේවා! යි උපහාර පුදමින් බුදුරජාණන් වහන්සේ වදාල පරිදිම මිනිසත් සිතසුව පිණිස තව බොහෝකල් ධම්ම ගුණ ගලා බසිත්වා...!!

:       1       2

සනුජ සංකල්ප Sunday, 01 May 2022 10:12 PM

මූට මානසික ලෙඩක් තියෙන්නේ එදා ඉදන්ම අනේ හරි තැනකින් බෙහෙත් අරන් දෙමු එක්කෝ පොඩි එකෙකුට බලන්න බැරි චිත්‍රපටි හදනවා හපෝ මුන් වගේ එවුන් හරි වදයක් අප්පා

:       0       0

B.K.Madushani Buddika Monday, 02 May 2022 09:09 AM

ඔහු සැබැවින්ම බුදුපියාණන් වහන්සේට නිගාකළා නම් ඔහු වෙනුවෙන් නඩු අවශ්‍ය වන්නේ නැත. මොකද ඔහු වෙනුවෙන් හිරේටත් වඩා භයානක අපාය බලා ඉන්නවා..

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 64 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 4 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 126 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 467 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 698 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 408 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site