IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බැදුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ: විත්තියේ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනී

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර් ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) පිළිගත්තේය.

මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

මෙම නඩුව සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වවීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.

දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත  ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සංජීව මොරායස් (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර් ජුන් මහෙන්ද්‍රන් මහතා සහ අජාන් ගාර්දිය පුංචිහේවා මහතා නොමැතිව නඩුව විභාග කිරීමට මෙන්ම ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින්  ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු හැර අනෙකුත් විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර් ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.

2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදු කිරීම, ඒ සඳහා අාධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

නඩුව  විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන මහත්වරුන් මූලික විරෝධතාවක් මතුකරමින් නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෂෙරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

විත්තියේ මුලික විරෝධතාවයට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් විත්තියේ මුලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

නඩුව දෙසැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එදින පැවැත්වීමට නියම කළේය.



අදහස් (6)

බැදුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ: විත්තියේ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනී

fairoos Tuesday, 11 October 2022 07:53 PM

දැන් සැප තමයි. පොහොට්ටුවේ අයටනම් සොභාදහමෙන් දඬුවම් ලැබේවි.

:       0       2

අබිලින් Tuesday, 11 October 2022 08:35 PM

කොස්ගහ කෙස්ගහ වුනාම මොකද කරන්නෙ මෙහිදී සමාගම කියන්නෙ නැතුව සමාගමේ වුනා නම් කෙස්ගහ කොස්ගහ වෙන්න පුළුවන් නේද

:       0       2

Demuni Uduwara Wednesday, 12 October 2022 02:24 AM

ගාස්තු තවමත් සජීවීයි!

:       0       2

Ariyathilaka Wednesday, 12 October 2022 08:33 AM

නීතිපතිවරයාට සහ නීනීතිපති දෙදෙපාර්තමේන්තුවේ නීති විශාරදවරුන්ට වැරදුනාද? දැන වැරැදෙන්න ඉඩ හැරියාද? "නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය." යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් මා වෙත හා සියලු පුරවැසියන් වෙත හිමි වී ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කර දීමට නීතිපතිවරයා උත්සුක නොවීම ජුගුප්සාජනක ය. අප සාධාරණ සැකයෙන් තොරව නඩු ඔප්පු කර ගැනීම කෙසේ වෙත ත් නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව සැක-සංකා නොකර සිටීමට නොනොහැකි බව නොකියාම බැරිය; පැරණි සිංහල කියමකි " යකඩ මල්ල ගුල්ලො ගැසුවා නම් හාල් මල්ල ගැන බැලීමෙන් වැඩක් නැත; විසි කරපිය බැද්දට" යනුවෙනි.

:       0       3

වීරවිජේ Wednesday, 12 October 2022 10:46 AM

දැං අරූට තියෙන්නෙ ආණ්ඩුවට අ....ට විරුද්දව නඩු දාන්න බිලියන 10000000000 ක්විතර ඉල්ලලා. යාලුවානෙ ජනාධිපති. දෙයි ඒකත්..

:       0       2

Bunny Preena Wednesday, 12 October 2022 11:13 AM

මොන නීති ප්‍රතිපාදන හටතේදයට් නඩු දාන්ට ඔනයිකියලා දන්නෙ නැති උඩවිය මෙව සම්බන්ඩව කටයුතු කලොත් වෙන තෙය් එහෙම තමයි. එහෙම නැත්ම් නඩුව විසිවෙන විඩියට උවමනාවෙන්ම මෙවනි දේවල් කරනවා වෙන්ටත් පුලුවන්. එවනි දේවල්ලට සම්බන්ඩ පුඩ්ගලයඉන් එත්තටම ලජ්ජ විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 201 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2072 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2702 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6131 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 941 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24446 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18845 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site