IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බදියුදීන් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (01) නියෝග කළේය.

එම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු තවත් සැකකරුවන් හය දෙනක ද එදින තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණ නියෝග නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද (01) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හත් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියහ.

මෙම සිද්ධියේ හත්වැනි සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සදහා දිනයක් ලබා දෙන ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ එන්. එම්. සහීඩ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වන සැලකිරිම් ඉදිරිපත් කිරිම සදහා ලබන 15 වැනිදා අධිකරණය හමුවේ යළි නඩුව කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් සැකකරුවන් එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

 



අදහස් (3)

බදියුදීන් යළි රිමාන්ඩ්

Shan Wednesday, 01 September 2021 05:51 PM

ඒල්ලුම්ගහ නම් ෂුවර් ඒයාට

:       1       3

කිරිපුතා Wednesday, 01 September 2021 06:22 PM

මේකත් දැන් ඉඩම් නඩුවක් වගේ.

:       0       1

Bamunuarachchi Thursday, 02 September 2021 10:45 AM

අර දොස්තරට තග දැම්ම එකට නැවත රිමාන්ඩ් කරන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 115 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 83 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 300 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 173 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 254 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 430 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 89 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 467 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site