(නිමල කොඩිතුවක්කු)
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය රියදුරන් අතිකාල දීමනා ලබාගැනීමේ අරමුණින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීම හිතාමතාම ප්‍රමාදකිරීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත පසුගියදා (8) කළ අනාවරණයෙන් පසු ඒ පිළිබඳ වහාම වාර්තාවක් කැඳවීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.
දුම්රිය ප්‍රමාදය සිදුකිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නාවලපිටිය ප්‍රවාහන අධිකාරී ඩබ්ලිව්. ජී. ඒ කරුණාරත්න මහතාට දැනුම්දී ඇත.
එම වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ලෙන් පස්වරු 5.50ට කොළඹ බලා ධාවනය වන දුම්රිය පස්වරු 7.30ට බණ්ඩාරවෙලට පැමිණීමට නියමිතව තිබුණත් දිනපතාම එම දුම්රිය බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට ලඟා වනවිට රාත්‍රී 8.30 පසුවන බවට මගීහු චෝදනා කළහ.
බදුල්ල සිට බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට කිලොමීටර් 35ක දුරකින් සමන්විත අතර බොහෝ ස්ථානවල දුම්රිය වේග සීමා ඉවත්කර තිබියදීත් මෙලෙස දුම්රිය හිතාමතා ප්‍රමාද කර ධාවනය කර ඇති බවද ඔවුහු සදහන් කරති.
බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයෙන් දුම්රිය රියදුරන් මාරුවන අතර එම රියදුරු සහ සහායක කොළඹින් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙළින් රැගෙන පසුවදා උදෑසන යළි බදුල්ල බලා ධාවනය වීමට නියමිතය.
දුම්රිය ප්‍රමාද වී බණ්ඩාරවෙල බලා රැගෙන එනවිට විට එම දුම්රිය රියදුරුට සහ සහයකට පසුවදා උදෑසන වනතෙක් අතිකාල දීමනා ගෙවන බැවින් ඔවුන් මෙසේ හිතාමතාම දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද වාර්තා වේ.
මේ හේතුවෙන් දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට ප්‍රමාද වන අතර එම මාර්ගයේ සියලුම දුම්රිය වලටත් මෙම ප්‍රමාදය බලපානු ලබයි.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුලු තැපැල් දුම්රියේ ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි
sachith Sunday, 13 September 2020 12:40 PM
තවත් කමිටුවක්, වාර්තාවක්, මගීන්ට වෙන සෙතක් නැහැ. උපරිම මේ කෝච්චි හිතාමතා පරක්කු කරන අය ස්ට්‍රයික් එකක් කරයි.