IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල්  ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.    

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා කීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

ඩොලරයේ අගය සියයට 11කින් පහල දැමීමට හැකිවූ බවද  අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය  ඩොලරයේ වටිනාකම තීරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (24)

බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා

Asank Friday, 22 December 2023 11:03 PM

හලෝ මිස්ටර්, ඔහෙට එහාට පනී මෙහාට පනී.. අපිව මේ සැරේ අන්දන්න ලැබෙන්නේ නැහැ. ඔය ඩොලර් බිලියන 3.6 රනිල් අතින් දාලාද කරන්නේ...? ඔය ඩොලර් රටට ගලාගෙන එන එක කවුරු ජනාධිපති වුනත් රටට ගලාගෙන එනවා. හැබැයි එදා අනුර ජනාධිපති වුනත්, සජිත් ජනාධිපති වුනත් ඔහේගේ රනිල්ට වඩා අද මීට වඩා රට හොඳට තියනවා..!

:       8       21

චන්දිම ෆොන්සේකා Friday, 22 December 2023 11:51 PM

මිනිස්සුන්ට කන්න ජීවත් වෙන්න තියෙන පඩි වැටුප් හූරන් කාලා කන්න තියෙන කෑම ටිකටත් වැට්බදු ගහලා සල්ලි එකතුකරගෙන මහලොකු වීරකමක්, දක්ෂකමක් කළා වගේ පන්පොරි ගහනවා. හැබැයි තමුන්ගේ ගජ මිතුරු ජාවාරමුන්ගෙන් නම් අතින් එක තඹයක් වත් හොල්ලන්නේ නැහැ. ඔය දක්ෂකමට අපිත් නිසි වේලාවට හොඳට සලකන්නම්...!

:       7       20

pakeer Saturday, 23 December 2023 02:34 AM

කිසිම නිෂ්පාදනයක් නොකර, කිසිම ලාබ ලබන ආයෝජනයක් නොකර... ණයවලින් දියුණු වන ලෝකයේ එකම රට. ඔබලා කාටද මේවා කියන්නේ? අනේ නිකන් යන්න. රෙදි ඇඳගෙනද ඔය බොරු කියන්නේ...?

:       5       22

ප්‍රේම කුමාර Saturday, 23 December 2023 03:03 AM

ඔය කාලසීමාවට නොගෙවපු විදෙස් ණය කොපමණද? ලබන අවුරුද්දට ගෙවීමට ඔය සංචිතය ඇතිද?

:       2       14

ගමේ එකාලා Saturday, 23 December 2023 03:51 AM

අපි තමුන්ගේ රඟපෑම් ගැනත් දන්නවා. ඔය කියන විදියට ඉහළ ගියානම් මොනවා කරන්න බැරිද? දේශපාලුවන්ට නම් අවුලක් නැතුව ඇති. ජනතාවට එදාවේලවත් කන්න විදියක් නැතුව ඉන්නේ...

:       1       11

Chandani Saturday, 23 December 2023 05:35 AM

මොනවද මේ දොඩවන්නේ?

:       2       11

Nimal Saturday, 23 December 2023 06:14 AM

මුළු රටම ණයබරින් මිරිකී සිටින අවස්ථාවක තවත් විදෙස් ණය අරගෙන තමයි මේ සංචිත ඩොලර් බිලියන 3.6 කළේ. එයත් සැක සහිතයි. මේවා කියන්නේ කාව මුලා කරන්නද? ඩොලරයේ අගය කවදාවත් පහළ වැටුණේ නැත. වසර කිහිපයකට පෙර රුපියල් 200ට තිබූ එම අගය දැන් රුපියල් 330 ඉක්මවා යයි. මෙවැනි කතාවක් කරන්න ඔබ දන්න ආර්ථික විද්‍යාව කුමක්ද?

:       2       13

Chandima Saturday, 23 December 2023 08:01 AM

පව් අනේ, දහඩිය මහන්සියෙන් ජීවිත කාලයම හම්බ කරපුවා නේද මේ සංචිතයට දාලා තියෙන්නේ...?

:       2       10

Dharmatileke Saturday, 23 December 2023 08:02 AM

බල්ලගේ වැඩේ බූරුවා කරනවා... මේකේ කී දෙනෙක් කියලා තිබ්බද?

:       2       11

Nimal Saturday, 23 December 2023 08:51 AM

සංචිත කිව්වේ ණය නේද? පාරම් බෑවාට ඔබලාගේ ආච්චිද ඕවා ගෙවන්නේ..?

:       2       13

රංබොඩ Saturday, 23 December 2023 09:45 AM

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා. විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩිවෙලා. ඔවුන් එවන මුදල් රටට ලැබෙනවා. මහ බැංකු අධිපතිතුමා ඇතුලු උගතුන් ආර්ථික පරිපාලනය හොඳින් කරගෙන යනවා. කෘෂි නිෂ්පාදන වැඩිවෙලා. ඒ සේරම මෙයාලාගේ ගිණුමට දාගන්නවා.

:       5       8

Asanga Saturday, 23 December 2023 10:02 AM

එතකොට IMF ලෝන් එක ලැබිලාම නැද්ද?

:       1       14

බයියා Saturday, 23 December 2023 10:06 AM

ණය ටික ගෙව්වාම ඒක හරි....!

:       1       11

සිල්වා Saturday, 23 December 2023 10:14 AM

ඇමැතිතුමනි, මෙතරම් මහජනයා තලාපෙලා බදු අයකිරීමක් කරලා බිලියන 3.6ද සංචිතය? වෙන්න බෑ...

:       1       13

Nira Saturday, 23 December 2023 11:00 AM

රටේ හම්බකරන මිනිස්සුන්ගේ සල්ලිනේ...!

:       1       15

Kazi Shajahan Saturday, 23 December 2023 12:03 PM

මාර පොරවල් තමයි...

:       1       12

බද්රානි Saturday, 23 December 2023 02:30 PM

අම්මෝ! එච්චරටම ලංකාවේ ඩොලර් සංචිත වැඩි වෙලාද..? හැකි ඉක්මනින් රට රකින විරුවාට මේ රට බාරදීලා අර කපුටාව මුදල් ඇමැති කරලා, ඔය ඩොලර් සංචිත පිටරට ගිණුමකට බැර කරලා, ලංකාවේ රුපියල් කොළ ගොඩක් අච්චු ගැහුවා නම් අපි ගොඩේ ගොඩ...!!! කන්න නැතත් ඉන්න පුළුවන් රටකුයි මට නම් ඕනෑ...!!! අනික ඉතින් ලංකාවට මහලොකු ආර්ථික විජ්ජා කරන ජනාධිපතිලා ඕනෑ නැහැ. අර පිටරටවල ඉන්න "රට හරක් ටික" එවන ඩොලර් ටික හොරකම් නොකර ඉන්නවා නම් ආයේ කවුරුවත් අමුතුවෙන් ලංකාව ගොඩගන්න ඕනෑ නැහැ.. ඉබේටම ගොඩයනවා.

:       2       11

Kumara Saturday, 23 December 2023 02:43 PM

ණයට අරන් පන්නන්නේ කාට බේරෙන්නද? ආවද මිනිස්සු තවත් අන්දන්න...?

:       0       8

Chamila Fernando Saturday, 23 December 2023 04:43 PM

මොනවද මේ කියන විකාර..? ඔය කාලකණ්ණි දේශපාලකයින් නිසා නොව, රටේ ඉන්න අපි හැම දෙනාම කවදත් සල්ලි යැව්වේ රට වෙනුවෙන්, අවුරුදු 17-18ක් සල්ලි යැව්වේ බැංකු හරහා විතරමයි...!

:       0       5

Janahita Saturday, 23 December 2023 07:29 PM

තවමත් මේ තැන් රට පාලනය කරපු අය ගැන විශ්වාසය තබාගෙන ඉදිරියට යන්න බලාගෙන සිටින අපි වගේ මෝඩ රැළක්...

:       0       7

Sharm Saturday, 23 December 2023 08:41 PM

අනේ පව්... මෙයාට මාර මහන්සි ඇති ඩොලර් එකතු කරලා... අර චීනෙන් ආපු ණය සල්ලි ටිකයි IMF එකෙන් දෙන ළූණු බිකයි... අමුණලා ලෝකෙට පරකාසේ දාන්න එපා.. ඔය ලණු ගිල්ල මිනිස්සු දැන් ටිකටික අඩු වේගෙන එන්නේ.. ඒක ඡන්දෙ දවසට පෙන්නන්නං.. දැන් ඔය බූරු කතා කිය කිය හිටපන්කෝ...!

:       0       0

Bamunuarachchi Saturday, 23 December 2023 09:55 PM

ඕගොල්ලෝ ජෙප්පන්ට හපන්... කාවද මේ ගොනාට අන්දන්නේ? ජෙප්පෝ රාජපක්ෂලාට බැනීම ඡන්දේ ලබා ගැනීමට එකම ක්‍රමය හැටියට සලකනවා. රාජපක්ෂලාට බැනීමෙන් රට දියුණු වේවි කියලා හිතන ගොන් තඩියෝ ජෙප්පන්ට ජයවේවා කියනවා...!

:       0       0

රටහෙළයා Sunday, 24 December 2023 02:19 AM

දැන් මෙතන ණය ගෙව්වේ නෑ නේද? මිනිස්සුන්ට බදු ගහනවා, බඩු මිල වැඩියි, ඇයි තව ණය ගත්තේ කියන අයගෙන් අහන්න තියෙන දේ තමයි බංකොළොත් වූ මොන රටද අසීරුවක් නැතුව ගොඩ ආවේ කියන එක සහ මේ කරන ක්‍රමය හැර වෙන විකල්පයක් තියෙනවාද කියන දේ... එහෙම විකල්පයක් නෑ. ඒ නිසා අඩුපාඩු මැද හෝ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න යන මේ වැඩපිළිවෙළ නිකන් චව් චව් වගේ විවේචනය නොකර, විකල්ප ඉදිරිපත් කරන්න...

:       0       0

සල්ලි Sunday, 24 December 2023 11:37 AM

රට අස්ථාවර කරන්නේ ඔබලාගේ පංතියේ අය... ඒ මතින් යැපෙනවා ඔබලා, කොරපු හරිය හරි සැපයි දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1220 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2174 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 439 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site