(රෝෂන් තුෂාර)
කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද(29) නියෝග කළේය.
බදු නොගෙවා පහර හරින ලදැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා කඩුවෙල කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ රජයට ගෙවීමට ඇති බදු ප්‍රමාණයට සමාන ඇප මත මුදා හරින ලද්දේ ඩබ්ලිව්. රොෂාන් නමැති ඝනකාධිකාරීවරයාය.
2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
සමාගම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බදු ගෙවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විත්තිකාර සමාගම රීට් පෙත්සමක් ගොනු කර ඇති බවය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්