IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බදු පැනවීම තොරතුරු තාක්‍ෂණයටත් බලපාලා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපයීමේ ඉලක්කයක් ඇති බවත් හිටිහැටියේ බදු පැනවීම එම ඉලක්කයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පැවසීය.

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් 2024 වසරේ ඩොලර් බිලියන 3 ක ආදායමක් ද, එය 2025 වසරේ ඩොලර් බිලියන 5 ක ඉහළට ගෙන ඒම ඉලකක්ය බව කී හෙට්ටිහේවා මහතා ඩොලර් මිලියන 3 ක් ඉපයීමට තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ලක්‍ෂ 3 ක් ද, ඩොලර් බිලියන 5 කට යෑමට වෘත්තිකයන් ලක්‍ෂ 5 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

එම ඉලක්කයට යෑම සඳහා වසරකට වෘත්තිකයන් 20,000 ක් පමණ අලුතින් එකතු වියයුතු වුවද වර්තමානය වන විට එය වෘත්තිකයන් 9,000 ත් 10,000 ත් අතර අඩු මට්ටමක පවතින බවත් මේ ආකාරයට එකවර බදු පැනවීමෙන් ඉතිරිව සිටින දක්‍ෂ තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන් ද විදේශ රැකියාවලට පිටත්ව යෑම වැලැක්විය නොහැකි බවත් හෙට්ටිහේවා මහතා කීය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ඉහළ වැටුප් ලබන රැකියා වීම නිසා වැටුප මත බදුු සියයට 30 ක් දක්වා ඉහළ දැමීමෙන් විශාල වශයෙන් තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් රට හැර යෑමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙන බව කී හෙට්ටිහේවා මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය ලෙස තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ද බදු ගෙවීමට සූදානම් නමුත් ඒ සඳහා ව්‍යාපාරිකයන්ට කාලය දිය යුතු බවත්ය.

එකවර බදු පැනවීමෙන් දක්‍ෂ තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවන් රට හැර ගියහොත් කර්මාන්තය පවාගෙන යෑමට නොහැකි වනු ඇති බවත් බදුවලින් අධ්‍යාපනය සහ නවෝත්පාදනයට ආයෝජනය නොකර එම මුදල් පාඩු ලබන රාජ්‍ය ආයතනවලට වියදම් කරන්නේ නම් එහි ඵලක් නොමැති බවත් ඒ මහතා කීය.

කොළඹදී පැවැති ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනයේ ‘ශ්‍රී ලංකා ඩිජිටල් ආයෝජන සමුළුව’ ආරම්භ කරමින් හෙට්ටිහේවා මහතා එසේ පැවසීය

 



අදහස් (11)

බදු පැනවීම තොරතුරු තාක්‍ෂණයටත් බලපාලා

Bamunurachchi Monday, 17 October 2022 07:02 AM

බදු ගහන්නේ ආදායම් උපයන නිසා. තොරතුරු තාක්ෂණයෙන් ලබන්නේ කිසිම උත්පාදන වියදමක් නැතුව ලබන ආදායමක්. එය 95% ලාබදායී ව්‍යාපාරයක්. ඉතින් බදු ගසුවාම මොකෝ? තවකෙනෙක් කියයි දොස්ත්රලගෙනුත් බදු ගහනවා ,ලෝයර්ලගෙනුත් බදු ගහනවා කියලා. මොවුන් ලබන්නේ උත්පාදන වියදමක් නැතුව ලබන ආදායම්. දැන් සියලු දෙනාම බදු පෝරමයක් පුරවනවානම් එහි සඳහන් වෙන්න ඕනේ මුදල් ගෙවපු ලෝයස්ලා ,දොස්තරලා. එතකොට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඔවුන් පසුපස යා හැකී .

:       20       5

දිමුත්Monday, 17 October 2022 11:52 AM

ඇයි ටියුෂන් ගුරුවරු?

:       2       4

jayaMonday, 17 October 2022 11:57 AM

ඕනෑම වියාපාරයක් උත්පාදන වියදමක් නැතිව පවත්වාගන යාම නොහැකි බව නොතේරෙන, ජීවිතේට ටොපියක් වත් විකුණා නැති, බැංකුවකින් ව්‍යාපාර ණයක් ගන්නට උත්සාහ කර නැති, තමුන් ස්ව උත්සාහයෙන් හම්බ කර බදු ගෙවා නැති පුද්ගලයෙකුගේ හිතළු.

:       0       7

BamunuarachchiTuesday, 18 October 2022 07:13 PM

විදේශයකට තොරතුරු තාක්ෂණයෙ සපයන අයට බස් ගාස්තුව වත් වැයවෙන්නේ නැත. තොරතුරු තාක්ෂණයෙ යෙදෙන බොහෝ අය වැඩ කරන්නේ ගෙදර සිට. ඔවුනට අදාළ උපකරණ සපයන්නේ ඒ විදේශීය සමාගම ඔවුන් ගෙදර සිට වැඩකරනවා. ලොයර්ල ගේ සේවයේ නිෂ්පාදන වියදම මොකක්ද? දොස්තරලාගේ සේවයේ නිෂ්පාදන වියදම මොකක්ද? එකයි 95% ලාබදායි කියලා කිව්වේ. යන්ත්‍ර සුත්‍ර යොදා භාන්ඩ නිෂ්පාදන කරන කර්මාන්ත කරුවන්ට නිෂ්පාදන වියදමක් තිබෙනවා. බාන්ඩ ආනයනය අපනයනය කරන අයට ඒ සඳහා වියදමක් තිබෙනවා. ඒ අයට පාඩු සිදුවෙනවා. ලොයර්ලාට දොස්තරලාට තොරතුරු තාක්ෂණයෙ සපයන අයට වෙන පාඩු මොනවාද?

:       0       0

fairoosMonday, 17 October 2022 11:59 AM

නැට්ට ලඟට එනකල් ගිලිලා ඒත් කඩේ යන්නේ කම්බා හොරුන්ට.

:       0       6

ඩිජිටල්සමරේ Monday, 17 October 2022 08:24 AM

බදු අය කරකොට එක එක අංශ මේ විදියට කොලොප්පන් කරන්න ගියොත් මොනවත් කරන්න බැරිවෙනවා. ඒ නිසා මේ වගේ මොට්ට කතා නිෂ්පල දේවල්. ඔය ඩොලර් කතාව අවුරුදු ගානක් තිස්සේ කියන දෙයක්. පට ෂෝ විතරයි.

:       17       5

චන්දන Monday, 17 October 2022 08:49 AM

මේ බදු පැනවීම ම ඊලග අරගලයට හේතුවක් වනු නිසැකය . ආණ්ඩුව ස්ථිරවම මාර්තු වෙනකොට ගෙදර යැවේවි.

:       3       15

saman Monday, 17 October 2022 09:56 AM

රජයෙන් කියන්නෙ හම්බ කරල අපිට හොරාකන්ඩ දෙන්න කියලනෙ. සහ අතපය හතර තියන නිකම්මො ටිකක්ට කන්ඩ දෙන්න කියලනෙ. එහෙනන් ඉතින් ඔයාලම එව්ව කරගනිල්ල. එහෙනන් කොල්ලො අපි ගියා.

:       2       19

K Rathwatte Monday, 17 October 2022 11:32 AM

සාමාන්‍ය දූපත් වාසීන්ගේ මානසිකත්වය මෙහි කමෙන්ට් වලින් ද දැකිය හැකිය. ගියාට පස්සේ ආයේ මෙහෙ එන්නේ නෑ.

:       0       16

rangana Monday, 17 October 2022 12:20 PM

මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට පඩි ගෙවීම තවදුරටත් කල නොහැකි නිසා ඔවුන්ට පඩි ගෙවීම සඳහා මේ බදු උපයෝගි කර ගනී. එනම් ඔබ බදු ගෙවන්නේ අත පය හතර හොඳට ඇති නිකමෙකුට පින් පඩි ගෙවීම සඳහාය.

:       0       8

Bamunuarachchi Tuesday, 18 October 2022 07:17 PM

ඔබ හරි මම කිසිදිනක බැංකු ණයක් ලබාගෙන නොමැත. මම වෘත්තිකයෙක් නිෂ්පාදන වියදමක් නැත. ඔබලාට ණය ගැනීමට බැංකුවේ මුදල් තැන්පත් කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 403 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1742 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1408 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1355 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 884 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 698 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25601 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site