IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුදු සසුන බබළවන තලල්ලේ චන්දකිත්ති හිමියෝ

කොළඹ නාරද බෞද්ධ මධ්‍යස්ථානවාසී තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ 34 වැනි පැවිදි සමරුව මෙම 25 වැනි දාට  යෙදී තිබේ

 මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගෙවීගිය ශුභ මුහුර්තයක් කාලයාගේ ඇවෑමෙන් යථාර්ථයෙන් ම සුබ මොහොතක් බවට පත් කරනුයේ සත්පුරුෂ භූමියට පැමිණ උදාරතර මිනිසෙකි. ඉහත කියමන සැබෑවක් කරමින් සිවුතිස්  වසරකට පෙර එනම් සිට බුදු වසින් 2532 (1988) වැන්නෙහි බිනර මස 25 දින උදෑසන  9.45ට මාතර මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනයේදී  බෝධිසත්වගුණෝපේත අති පූජනීය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ  උපාධ්‍යාය  වෑ පූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යත්වයෙන් පැවැදිව  සිරිලක  බුදු සසුන  එකලු කළ වජිරාරාම නම් මහා යතිපරපුරට  දායාද වූ පුර පස සඳ සේ කීර්තිධර  වූ යතීන්ද්‍රයාණ කෙනෙකි.  ගෞරවාචාර්හ තලල්ලේ චන්දකිත්ති හිමිපාණන්. ස්වකීය පුරාකෘත පුණ්‍ය මහිමය මතු කර ගැන්මෙහි ලා තලල්ලේ සීලරතන  ලෙකු  හාමුදුරුවන්ගේ කරුණාබර ඥාත්‍යර්ථ චර්යාව බෙහෙවින් උපස්තම්භක වූ බව උන්වහන්සේ ම සිහිපත් කරනුයේ මහත් වූ ගුරු බැතියෙනි.

දැරිය යුතු විනය සුතබිඳම් තෙවළාව සහ උගත මනා ප්‍රාචීන, ප්‍රතිචීන භාෂා  පිළිබඳව හිමිපාණන් සතුව පවත්නා අනලස් වූ පාණ්ඩිත්‍යයට මහත්ම පිටුබලයක් වුයේ උන්වහන්සේගේම  පූජනීය ගුරු තුමියයි. ව්‍යක්ත විනීත විශාරද බහුශුෑත ධර්මධර ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් සරු භික්ෂු පිරිසක්  තනනු රිසියෙන් ඇරඹි මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය නම් වූ ඒ ගුරු බිමෙහි දී සිය ගුරුදේවයන් වහන්සේලාගේ ද චිත්තාරාධනය කෙරෙමින්  අප කතානායකයාණෝ  ධර්ම ශාස්ත්‍ර ප්‍රාගුණයෙහිත්, ශාසනානුලෝමී වූ - භික්ෂු ආකල්පයෙහිත් මානව පිහිටා ‘‘තරුණ සීල සමාදානය“ නම් සාධු වායාමයෙහි  නියාමකයාණ කෙනකු  ලෙස ලෝ සසුන් වැඩ වසනු පිණිස මූලික අඩිතාලම සකස් කැර ගත්හ. ‘මහණකම හොඳින්  කළොත් නිවන, මහණකම වරදවා කළොත් නිරය, යන මහ ගුරු ඔවදන තරයේම සිතින් ගත් මෙතුමාණෝ අනතිමානීව ස්වකීය නාමයටම ඔබින පුරපස වැඩෙන සඳක්ම වූහ.

තුන් කල් දක්නා නුවණින් පිරපුන්ව සිරිලක නිල නොලත් සඟ රජුසිරින් වැඩ සිටි ගුරු  දෙවි මඩිහේ මහානායක මා හිමිපාණන් වහන්සෙගේත් සිය දෙටු සොයුරු  ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් අපවත්වීමෙන් ලක්දිවටත් ලක් බුදු සසුනටත් සිද වූ  පාඩුව මෙතකැයි කියා ගිණිය නොහැකි වූ කාලයක ශක්ති පමණින් හෝ ඒ අඩුව පුරවාලමියි අදිටන් කොටගත් අප තරුණ යතිවරයාණෝ අම්පියේ  ගුරු දේවයන් වහන්සේ යුහුඹුල් සිරිතින් උගත් අවවාදයට වඩා ආදර්ශය ම උතුම් යැ‘ යන බුදු වදනට ම අනලස් ව අවනත වූහ.

යමෙක් ධර්මානුශාසනය කෙරේද හෙතෙම අමෘතය දෙන්නේ යැ‘ යන සුගත බුදු වදනින් ආසිරි ලැබ දහම් පවසින් පෙළෙන දෙස් විදෙස් සුදනන්ට  උන්වහන්සේ තුන් යම ඇසෙන පිරිත් ස්වරයක්ම  වූහ. සුපූජනීය පැළෑණේ ෂිරි වජිරඤාණ මාහිමියන්ගෙන් ඇරඹි පැයේ ගුවන් විදුලි ධර්ම දේශනා සම්පදායෙහිත්, අති පූජ්‍ය පියදස්සී මාහිමියන්ගෙන් ඇරඹි රූපවාහිනි ධර්ම දේශනා සම්ප්‍රදායෙහිත් වර්තමාන වජිරාරාම සලකුණක් සේ කිතුමත් වෙමින්  අර්ථ රසයෙහිත් ශබ්ද රසයෙහිත්  මෙතුමාණෝ  සාදු රසායනයම වන්නාහ.  බහුජනප්‍රදාදාවන ගුණයෙන් පිරිපුන්  උන් වහන්සේ දහම් දෙසුමට පමණක් නොව, දහම් ලිවීමට ද එකසේ සමත්ය. පින වචනය සුලලිත බස් වහරකට නඟා බොහෝ උවසුවන්ගේ සැදැහැ සිත හා පැණැස වඩවාලන්නෝය.එමතු නෙව සිය පන්හිදෙන් සප්ත ස්වරයට නිසි වූ හිමිර රැසැයුම් ද රසයමින් ප්‍රසංසිත වූවෝය.

සුශික්ෂිත සිය සාධු චරිතය ලෝකෝපකාරය පිණිසම කැප කරමින්  ධර්ම ද්වීපයක් සඳහා වූ සම්මා වායාමය කුළු ගන්වනු පිණිස  ‘ධම්මදීප‘ නම් සංවිධානයක් පරෝපකාරි සජ්ජනයාටද පුණ්‍ය තීරථයක් ලෙස විවර කළහ.  එහිලා ඔවුනට  රැයද  දහවලකි.  ඔවුහු කුහුඹුවන් සේ කඩිසරය. ඒ රැස් කිරිමට නොව හිස් කිරීමට ය. පාරමිතා පුරණයෙහිලා  පමණක් නොව බෝපැකි දහ් වඩවනු පිණිස  එම පිරිසගේ මාර්ගදේශකයාණෝ ද මෙහිමයෝය.  සිය දෙටු පැවිදි  සොයුරු මහරගම ධම්මසිරි  නාහියන්ගේත්, විදුරුඅරම්පති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියනගේත් නිති පිළිසඳරින් මෙකී සැම සත් පිළිවෙතකටම නොමද දිරිය ද සවිය ද ආශිර්වාදය බල ගැන්වෙන්නේය.

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ උත්ම් මහානායක මාහිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර‘ ගුරු නාමය  සහිත කාරක සංඝ  සභික ධූරයකින් මුන්වහන්සේ  අභිධානිත වූයේ මෙම සාධු චර්තයෙන් සිදුවන  ඉමහත් වූ  ශාසනික  හා සාමාජීය මෙහෙවර සම්මානිත කරනු පිණිස ය. ස්වකීය අකලංක චරිතයෙන් තනතුර බබළවන  මේ පැවිදි හද සැමවිටම හෘදයංගමය, අව්‍යාජය, ප්‍රියශීලිය.

මේ හා සුසාල ශාසනානුලෝමි මෙහෙවරක යෙදෙුණ ද උන් වහන්සේ කිසි විටෙකත් බාහුලික නොවූහ. සාථලික නොවූහ.  ප්‍රකර්ෂ  වීර්යය අත්නොහළහ. පශ්චිම ජනතාව කෙරෙහි අනුකම්පා සිත් ඇත්තෝ. බුදුරජාණන් වහන්සේ පනවා වදාල  කල්‍යාණ වැටෙහි කල්‍යාණකාරීම වූහ. තමන් වහන්සේ2ගේ ශ්‍රේෂ්ඨ සහ පරපුරේ උත්කෘෂ්ට සසුන් පිළවෙතම අප මාහිමියන් වහන්සේ අභිරමණය කරමින් නිදුක්ව නිරෝගී ව දිගාසී ලැබ එකි කලණ දහම් වැටම තව තව ද  තිර කොට සසුනම ඔසොවත්වායි පතමින් පැවිදි දිවියෙහි සදානුස්වරණය මේ මොහොතහි බැති සිත් පෙරටුවම ඔබ වහන්සේ පිණිපා කරන්නට අපට අවසර

සිරි වජිරාරාමවාසී,

පිටිපන සාසනරතන හිමි



අදහස් (4)

බුදු සසුන බබළවන තලල්ලේ චන්දකිත්ති හිමියෝ

Kalpa, matara Sunday, 25 September 2022 07:29 AM

ඔබවහන්සේගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා..! බණ කියල රිවිෂන් දෙන එකම හාමුදුරුවෝ..!

:       5       115

yamuna Monday, 26 September 2022 12:09 PM

නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා...!

:       5       70

පරාක්‍රම රනවීර Saturday, 01 October 2022 12:14 PM

ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය!!

:       0       0

මෙ විමලරතන හිමි Saturday, 01 October 2022 06:24 PM

වත්මන් සමාජයේ දහම් පිපාසයෙන් පෙළන සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවැරදිව දේශණා කරණ නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද වේවා.!

:       5       56

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 6 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 130 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 134 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 369 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 414 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site