(අංජුල මහික වීරරත්න)
වී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත් අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව පවසයි.
දැනට වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැති වීමට ප්‍රධාන හේතුව පෝෂණ ඌනතාවන් නිසා සිදුවන්නක් බවද කන්න කිහිපයක් නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් නිසි පරිදි වී වගාව සඳහා ක්ෂේත්‍රයට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ගොයම් ගසේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ සංඝඨක නොමැතිවීම නිසා ඇතැම් ප්‍රදේශවල වී වගාව පෝෂණ ඌනතාවයට ලක්ව තිබෙන බවද එම නිසා වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත්, අතර පවතින වී වගාවන් සඳහා බන්ඩි පොහොර යෙදීම මගින් මෙම පෝෂණ ඌනතාවය නිසා ගොයම් කහ පැහැතිවීම වලක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දැනට සමස්ත වී වගාවෙන් සියයට 10ක පමණ ප්‍රමාණයක ගොයම් කහ පැහැතිවීම දක්නට ලැබෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සඳහන් කරන පරිදි මෙතෙක් එම සමාගම් විසින් බෙදාහරින බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙතෙක් ගොවීන් වීසින් මිල දී ගෙන තිබෙන්නේ සියයට 10ක් පමණ ප්‍රමාණයකි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’බන්ඩි’’ යෙදීම අනිවාර්ය කරයි
දිමුත් Tuesday, 17 January 2023 03:50 PM
"කාබනික විරුවාගේ" තීරණවලට ගොවීන් තාමත් වන්දි ගෙවන අයුරු.
Lalith M Tuesday, 17 January 2023 04:07 PM
අතන මෙතන රතන හිමි, පාදෙනිය ප්‍රමුඛ අනාගත්ත රජ බලකාය රටට කල විනාශයේ තරම දැන්වත් අවබෝධ වෙනවාද? අනික වී වගාවට විතරද පොහොර භාවිතය. පොල් වතු විනාශ වෙනවා පොහොර භාවිතය නැතිව. ඊළඟට පොල් ආනයනය කරන්න වෙලඳ ඇමති ඉල්ලීම කරයි.