(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව නිවේදනය කළ අතර ඔහුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මීට පෙර දැනුම් දීමක් කර තිබිණි.
බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කෙරුණු ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) දිවුරුම් දුන්නේය.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත. ලෆාර් තාහිර් මහතා අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයායි
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී
රම්බොඩ Sunday, 02 February 2025 11:32 PM
හැමතැනටම මාලිමාවේ උදවිය. ඒක දේදේශපාලනීකරණය නෙවෙයි. මාලිමාකරණය.
,ලියනගේ Monday, 03 February 2025 12:08 PM
රම්බොඩ බොට පිස්සු බං... බන්දුල කරුණාරත්න කවුද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවාද?
වසන්ත කලුඅරච්ච් - මොනරාගල Monday, 03 February 2025 10:05 AM
පහුගිය දවස් වල නඩු සෑහෙන්න කල් දැම්මා. අපි උසාවි එන්නේ පුදුම වියදමක් කරලා. ඒ නිසා නඩු ඉතා ඉක්මනින්ම විසදා දෙන කමවේදයක් හිතා බලන්න.විසදල ඉවරයක් කරන්න පුලුවන් නඩුවත් ඉවර කරන්නේ නැහැ. ඒක මහා අපරාධයක්.මිනිස්සුන්ට පව්.මම මගේ ගිය මාස දෙක් මුලු වැටුපම වියදම් කලේ ලෙයෛර්ලාට සහ බස් වලට.අපේ දරැවො නඩුව දාට වඩගින්නේ.අපි ගැනත් ටිකක් හිතන්න.
සෙනෙවිරත්න Tuesday, 04 February 2025 07:02 AM
රම්බොඩට අකුරු බැරිද? ඔතන කොහෙද මාලිමාවක්? තමුන්ලා වගේ වහල් වලව් මානසිකත්වය ඇතිව ඉන්න අයට මාලිමාවේ ජනාධිපති දකිනකොට පස්සෙ ඉත්තෑවෝ දුවනවා වගේ දැනෙනවා ඇති. ඒකට ඉතින් මොනව කරන්නද?