(ඉන්දිකා රාමනායක)
මන්ත්‍රි වරප්‍රසාද යටතේ රැඳවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියලු දේශපාලනඥයින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කතානායකවරයාගේ විශේෂ අවසර ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ලේකම්වරයා මාර්ගයෙන් කතානායකවරයා දැනුවත් කරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
රැඳවියකු බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් බන්ධනාගාර ආඥාපනත ට අනුව මන්ත්‍රිවරප්‍රසාද යටතේ කිසිඳු පරීක්ෂාවකට ලක් නොකරන බවද එම ආරංචි මාර්ග කියයි.
ජාතික සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජින් රාමනායක මහතා බැලීමට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය කළ බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් අනතුරුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කර තිබිණි.
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
බන්ධනාගාරයට පැමිණෙන දේශපාලනඥයින් පරීක්ෂාවට කතානායකවරයාගේ අවසර ඉල්ලයි
Ruhunu Wednesday, 10 March 2021 10:37 AM
එතකොට හිරගෙවල් ඇතුලේ තිබිලා මීට පෙර දුරකථන හම්බ වුණේ දේශපාලකයෝ අරන් ගිහිල්ලද? මොන නීති ගෙනාවත් ජේලර්වරු තමයි මේවට උදව් කරන්නේ.