(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී අද (22) බන්ධනාගාර වෑන් රථයක් වල් අලියෙකුගෙ ගැටීමෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් ඇතැයි සීගිරිය පොලීිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි කේ.එම්. ප්‍රියන්ත කුලතුංග පෙරේරා (44) හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු බව සීගිරිය පොලිසිය කියයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මඩකලපුව බන්ධනාගාරයට රැඳවුම්කරුවෙකු රැගෙන ගොස් භාර දී නැවත කොළඹ බලා වෑන් රථය ගමන් කර ඇත.
බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ රියදුරු වෑන් රියෙහි සිට ඇත.
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද අලුයම මාර්ගය හරහා අසල සිටි වනඅලියෙකු හැපිපෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ සිමෙන්ති ගඩොල් සහිත තාප්පයක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉදිරි අසුනේ වාඩිවී ගමන්ග බන්ධනාගාර නියාමකවරයා බවත් සෙසු බන්ධනාගාර නියාමකවරයා සහ රියදුරු තුවාල නොලබා ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
දිගම්පතහ ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් ප්‍රධාන මාර්ගයේ ගැවසීම නිසා අනතුරුු රැසක් පසුගිය කාලයේ ද සිදු වූ බව සීගිරිය පොලීිසිය කියයි.
අනතුරින් පසුව ප්‍රදේශ්වාසීන්ගේ සහයෝගය ඇතිව රථයේ සිරවී සිටි බන්ධනාගාර නියාමකවරයා දඹුල්ල මූලික රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබුණු බව දඹුල්ල රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.
මියගිය බන්ධනාගාර නියාමකවරයා ගේ සිරුර දඹුල්ල මූලික රෝහල තැන්පත් කොට ඇති අතර ඒ පිළිබඳව වැඩි වැඩිදුර පරීක්ෂණ සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර වෑන්රිය වන අලියෙකුගේ ගැටී නියාමක මරුට