(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමඟ අයුතු ලෙස ඇතුළුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
අධිකරණ ඇමැතිවරයා මෙසේ පැවසූවේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමා මේ සිද්ධිය හෙළා දකින බවත් එය නොවිය යුතු සිද්ධියක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එම සිද්ධියේ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල් පවුල්වල අය මුහුණ දුන් දුෂ්කරතාව පිළිබඳව තමා කනගාටු වන බවද ඔහු කීවේය.
මේ සිද්ධියට දේශපාලන හෝ ජාතිවාදී අර්ථයක් ලබාදීමට උත්සාහ නොගත යුතු බව පැවසූ අලි සබ්රි මහතා මෙය එවැනි ආකාරයේ සිද්ධියක් නොවන බවද ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන පැවැත්වෙන බවත් මානව හිමිකම් කොමිසමද මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන බවත් ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරයාට අමාත්‍ය ධූරයක් තවදුරටත් දැරීමට ඉඩකඩ නොදෙන බවට රජය සහතිකයක් ලබා දෙන්නේ දැයි විමසා සිටියේය.
එසේම ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට කටයුතු කරන්නේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් යාපනය හා වව්නියාව බන්ධනාගාරවලට යවමින් මැන්ඩෙලා නීතිය රකින බවටද සහතිකයක් ලබා දෙන්නේ දැයි විමසුවේය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර සිද්ධි සොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක්
සිරිබිරිස් Wednesday, 22 September 2021 04:00 PM
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා කතාවකුත් තියෙනවා...
Lalith M Wednesday, 22 September 2021 04:28 PM
ජඩයෙකුගේ වැඩ සුද්ද කරන්න ඕනෑ නෑ. දඬුවම් කරන්න.
C.K.Lankaputhra. Wednesday, 22 September 2021 04:56 PM
ඔය මණ්ඩල වලින් ලැබෙන තීරණය අපිට නං දැන්මම කියන්න පුලුවන්. අදාල අමාත්‍යවරයාගේ වරදක් නැහැ මාධ්‍ය කාරයෝ තමයි වැරදි කාරයෝ ඔන්න තීරනය. කොහොමත් අවසානයේ නීතිය බල්ලට යනවා.
විපරමා Wednesday, 22 September 2021 07:53 PM
පහුගිය කාල පුරාවටම කොමිෂන් නම් ඕන හැටියේ පත්කරපු බව අපි දන්නවා. ලැබුණු ප්‍රතිපල තමා අවුල්.