IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බැනරයේ ආරවුල මරණයෙන් කෙළවරවෙයි

( අප්සරා යෝසිත් විජේසූරිය )

රත්නපුර වෙරළු ගල්ඇන්ද ප්‍රදේශයේ  පහරදීමකින් මරණයට පත් තරුණයෙකුගේ අවසන් කටයුතු පිළිබදව බැනරයක් සවිකිරීමක යෙදුණු තරුණයන් කීපදෙනෙක් සහ තවත් පිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ආයුධයකින් කළ පහරදීමකින් පසුව  රෝහල්ගතකළ සිව්දෙනෙකුගෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට  පත්ව ඇතිබව පොලිසිය පවසයි.

මෙසේ පහරදීමකට ලක්ව් මරණයට පතවූයේ වෙරළුප ගල්ඇන්ද පදිංචි  කේ.එම්.චන්න නිලංග (28) තරුණයෙකි.

ඉකුත් 06 දින රාත්‍රී 10:30 12:30ත් අතර මේ සිදුවීම සිදුව අතැයි පොලිසිය සදහන් කරයි.

මෙම ආරවුල සිදුවන අවස්ථාවේ තුවාල ලද අනෙක් තරුණයන් තිදෙනා රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල අසාධ්‍ය  තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

මේ ආරවුලදී මරණයට පත් චන්න නිලංග තම එකම පුත්‍රයා බව ඔහුගේ මව පැවසුවාය.

 රෝහල්ගතව සිටින අනෙක් පුද්ගලයන් තිදෙනා සිදුවීමෙන් මරණයට පත්  චන්න නිලංග බැනරය සවිකිරීමට කටයුතු කරමින් සිටියදී ආරවුලට සම්බන්ධ අනෙක් පාර්ශවයේ දෙදෙනකු මාර්ගයේ ගමන්කරමින් සිට ඇතිඅතර, ඔවුන් පැමිණි බැනරය සවිකිරීමට යෙදු නූලක් යතුරුපැදිය මතට වැටීම නිසා දෙපිරිස අතර බහින්බස්වීම දුරදිග යාමෙන් මේ ආරවුල් සිදුව ඇතිබව පොලිස්  පරීක්ෂණ  වලින් අනාවරණයව ඇත.

මේ සිදුවීමෙන් පසුව මේ පිළිබඳව සැකකරුවන් කීපදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

මේ අපරාධ සිදුවීමෙන් ආසන්න පැය කීපයක් තුලදී රත්නපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් විසින් ගල්ඇන්ද ප්‍රදේශයේදීම මේ සැකකරුවන් අත්අඩංගුවට ගනුලැබීය.

මෙම කලහකාරි සිදුවීමෙන් පසුව එම එක් සැකකරුවෙකුගේ නිවස කිසියම් පිරිසක් ගිනිතබා ඇති බවත් මේ සම්බන්ධව විමර්ශන සිදුකරමින් පවතින බවත් පොලිසිය පවසයි .

 



අදහස් (1)

බැනරයේ ආරවුල මරණයෙන් කෙළවරවෙයි

Raveendra Thursday, 07 October 2021 06:00 PM

"නූලක් යතුරුපැදිය මතට වැටීම නිසා දෙපිරිස අතර බහින්බස්වීම දුරදිග යාමෙන් මේ ආරවුල් සිදුව ඇතිබව" හොදින් මද්‍යස්තව හිතමු. ඉතාමත් සුළු කාරණයකට කාමරාගන්න තරමට අපේ සමාජය පිරිහී ඇති බව මනාවට පැහැදිලි වෙනවා නොවේද..? සමහරවිට මෙය අත්වැරදීමක් විය හැකිය. එම අවස්ථාවේ සිනහමුසු මුහුණින් එය අමතකර එතනින් ගියා නම් අදත් මේ තරුණයා ජිවත් වෙනවා නොවේද ? හික්මීමක්, ඉවසීමක් නැතිකම ජිවිතයක් අහිමිකර ඇත. ඉතාම කනගාටුදායක සිදුවීමක්.

:       2       14

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 354 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2162 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 847 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 451 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3252 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2392 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site