IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


බඳින තුවක්කුව පත්තුවී සය දරු පියා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බදින තුවක්කුවක් පත්තු වී පාදයකට දරුණු තුවාල සිදුව එම ස්ථානයේදිම මරණයට පත්ව සිටි සය දරු පියකුගේ සිරුරක් අද 31 සවස සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි දරුවන් හය දෙනෙකුගේ පියකු වු එස්.එම් විජ්ජා නැමති 69 හැවිරිදි පියකු බව කියයි.

දරුවන් හය දෙනාගේ නිවෙස් වෙත මාරුවෙන් මාරුවට යාම නිසා එම ස්ථාන වල ඇති බව දරුවන් සිතා ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ.

කසිප්පු බිමට බරපතල ලෙස ඇබ්බැහි ව සිටි මෙම තැනැත්තා දින දෙකකට පෙර කසිප්පු සොයා ගමන් කරමින් සිටියදී කිසිවකු ඌරන්ට ඇටවු බදින කද පත්තු වි එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

බදින කද පත්තු වි යාමේන් දකුණු පාදය සම්පුර්ණයෙන් කුඩුවි යාමේන් ඇවිද ගෙන යාමට නොහැකිව අධික ලෙස ලේ වහනය වීමේන් මරණය සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

අදාල තැනැත්තාගෙ සිරුර එම ස්ථානය පසු කරමින් ගවයින් බැදිමට ගමන් කරමින් සිටි අයකු දැක ඇති බවත් ඒ සමගම දරුවන් දැනුවත් කර පොලිසියට දන්වා ඇති බවද පවසයි.

අදාල ස්ථානයට පැමිනි ආණමඩුව වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍ර බන්ඩාර මහතා මෙම සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට ආණමඩුව පොලිසියට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිසිය සමග පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂා කිරීමේ නිලධාරිහු පරික්ෂණ පවත්වති.



අදහස් (0)

බඳින තුවක්කුව පත්තුවී සය දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

දියත

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
2024 නොවැම්බර් මස 22 99 0

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි
2024 නොවැම්බර් මස 22 468 0

රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර


මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල
2024 නොවැම්බර් මස 22 412 0

මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි
2024 නොවැම්බර් මස 22 1599 4

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ



බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 1717 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 469 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 699 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1973 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site