IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


බඳුම්කර චෝදනාවට රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ්

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී ඊට අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස් දී එලෙස වංචා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 32කින් යුත් අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම බැ`දුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දෙකට එක වශයෙන් බෙදුණු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළත් බෙදුණු තීන්දු දෙකෙන්ම විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කර තිබිණි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන , චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය. මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරිණි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (30)

බඳුම්කර චෝදනාවට රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ්

beau Wednesday, 17 March 2021 12:47 PM

කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඕක තමයි කියන්නේ අනුන්ගේ වස්තුව සොරකම් නොකළ යුතුයි කියලා.

:       8       41

gamunuWednesday, 17 March 2021 08:29 PM

යළිත් කිසිදිනෙක සමාජ සේවයට සම්බන්ධ නොකර ගතයුතු කණ්ඩායමක්...

:       0       2

ඡන්දදායකයා Wednesday, 17 March 2021 12:52 PM

රන්ජන් කරපු වැරැද්දට දීපු දඬුවම දිහා බලනකොට මෙයාට කොහොම දඬුවමක් දිය යුතුද?

:       2       58

Puppa Thursday, 18 March 2021 03:05 AM

රංජන් මිනිස්සුන්ගේ මුදල් හොරා කෑවේ නැහැ. දුක්විඳින මිනිස්සු ගැන කතාකළා. මේ අය මිනිස්සුන්ගේ ලේ උරා බීපු වසලයෝ, හැබැයි තව එකක් කියන්න තරහා අවසර... හොර දෙටුවන් රජ සැප විඳිනවා රජයේ ඉහළම තැනක හිඳගෙන...

:       1       1

thusharaThursday, 18 March 2021 07:48 AM

පේන තරම් මිනිස්සු සුදනන් නොවෙයි. වාහන පර්මිට් විකුණන එකත් මහජන මුදල් ගසා කෑමක් තමයි...

:       0       1

BamunuarachchiThursday, 18 March 2021 11:30 AM

අහවලා මිනිසුන්ගේ මුදල් හොරාකෑවේ නැහැලු.. එක කාර් පර්මිට් එක දෙදෙනෙකුට වික්කා කියලා කතාවෙනවා. ගැහැණු කෙනෙක් නඩුවක් දාලා තිබ්බා බඳින්න පොරොන්දු වෙලා සල්ලි වගයක් ගත්තා කියලා. උසස් වීම දෙන්නම් කියලා නඩුතීන්දු වෙනස් කර නීතිය ඉදිරියේ අහිංසක මිනිස්සු මිනීමරුවන් කිරීම ලේ උරා බීමට වඩා දරුණුයි නේද? එයා ගැන එයාගේම හඬපට සාක්ෂි දෙනවා.. ඔහේ මොනවද අපිට කියලා දෙන්න එන්නේ?

:       0       1

විපරමා Wednesday, 17 March 2021 01:06 PM

තව ඕනෑතරම් ඔය වගේ අය නිදහසේ ඉන්නවා... හිරගෙදරට යවන්න ඕනෑ අයත් රජ කරන රටේ තව කවර කතාද?

:       6       59

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 March 2021 01:25 PM

නම්බුකාරයෙකුගේ විලාශයෙන් වැජඹුණු තවත් එක්තරා භූමිකාවක්... ඒත්.. මන්ද මේ එක් පාර්ශවයක පමණක් වැරදි වලට පමණක් ඉක්මන් දඬුවම්..? ඇයි අනිත් පැත්තේ ඉන්නේ තනිකරම ශුද්ධ වන්තයින්ද? ඔවුන්ගේ කේස් මහ පුදුම ආකාරයටනේ සැඟවෙන්නේ... මෙයද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.. අහෝ නීතියේ දෙව්දුවනි...!!! 

:       4       53

krishantha Wednesday, 17 March 2021 01:26 PM

රවී එදා ඉඳන් හොරෙන් ගත්තත්, සතියකට හරි ඇතුළට ගියාමද කොහේද?

:       0       34

mihira Wednesday, 17 March 2021 01:31 PM

මේවා දඬුවම් නොවේ... බයියන් චූන් කරනවා වගේ ළඟ එන මැතිවරණයට...

:       9       71

මුණසිංහThursday, 18 March 2021 02:11 AM

වැඩක් කළත් නරකයි. නොකළත් නරකයි. චින්තනයේ තියෙන වැරැද්ද. මෙයාට ඔය වැඩේ නොකළා නම් කියන්නේ ඒ දේ කලේ නැහැ කියලා නේද?

:       0       1

Hafeel Wednesday, 17 March 2021 01:51 PM

ආසියාවේ හොඳම මුදල් ඇමතිට වුණු දේ....

:       2       36

බද්රානි Wednesday, 17 March 2021 01:55 PM

අනේ මන්දා, මේ පවතින වාතාවරණයත් එක්ක බැලුවාම, කුලියට හිරේට යන මිනිස්සුන්ගේ සීඝ්‍ර වර්ධනයක් අපේ රටේ ඇති වෙලාද කියලා වෙලාවකට හිතෙනවා... මොනවා වුණත් බන්ධනාගාර රෝහලේ ඇඳන් ප්‍රමාණය ටිකක් වැඩි කළොත් නේද හොඳ? අර හිඟන රෝගීන්ට වගේ රෝහලේ බිම නිදාගන්න පුලුවන්ද අපේ මහත්තුරුන්ට...?

:       1       38

sumudu Wednesday, 17 March 2021 02:18 PM

මාංචු දාලාවත් නෑ. නීතිය එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. 23 වැනිදා උසාවියට ඉදිරිපත් කරන්න අදම කියලා... ඒ කියන්නේ එදාට ඇප..

:       1       25

Aruna Shantha Wednesday, 17 March 2021 02:42 PM

තවත් නාටකයක් කියලා...!!! 

:       2       30

කසුන් - ගම්පහ Wednesday, 17 March 2021 03:25 PM

මේ අය මුහුණු වහගෙන යන්නේ ලැජ්ජාවටද? මේ පුංචි දුප්පත් රටේ මිනිස්සුන්ට වංචා කරද්දී නුඹලාට ලැජ්ජා බය දැණුනේ නැද්ද? මේ අයගේ පෞද්ගලික මුදල් වලින් හෝ එම මුදල් ආපහු අරගන්න ඕනෑ..

:       0       25

C.K.Lankaputhra Wednesday, 17 March 2021 03:28 PM

අපේ ගෙවල් වලට දහස් වාරයක් වැඩිය සැප තියන ගෙවල් වලයි මේ ගොල්ලන් නවත්තන්නේ. ඒ ගෙවල්වල තියෙන්නේ සුර සැප. මේවා සංදර්ශන.

:       0       25

Lanka Wednesday, 17 March 2021 03:35 PM

දැන් ඉතින් රවීලාට උණ ගනියි... රිමාන්ඩ් එකේදී කන්න වෙයි කියලා... හොඳටම බයවෙලා...

:       0       1

nushad Wednesday, 17 March 2021 03:41 PM

රිෂාඩ් බදුර්දීන්ට කැලේ හිටවන්න කිව්වා වගේ තීන්දුවක් අන්තිමට ලැබේවි...!!!

:       0       38

KumaraWednesday, 17 March 2021 08:59 PM

සමහරු හදපු මාලිගා වගේ ගෙවල් "අනේ ඒවා අපේ නෙමේ" කීවා වගේ මෙයා "අනේ මේ මගේ සල්ලි නෙමේ" කියල බේරේවි. ගමේ දුප්පත් මිනිහෙක් හොරකම් කරපු කොස් ගෙඩියක් ආපසු දීලා බේරෙන්න පුලුවන්ද?

:       0       1

kapila Wednesday, 17 March 2021 05:34 PM

විජාතිකයකු වන අර්ජුන් මහෙන්ද්‍රන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති බවට පත්කර, මේ වංචාවට භූමිකාව ගොඩනැගූ රනිල් මෙයට වරදකරුවෙකු නොවේද?

:       0       2

සිරිබිරි Wednesday, 17 March 2021 05:54 PM

තවත් නාටකයක් පටන් ගත් වගයි. යහපාලනය කාලේ බැසිල් හිටපු වීදිය මතක් වුණා..

:       0       0

Perera Wednesday, 17 March 2021 05:58 PM

රවී මෙතන නලුවෙක් විතරයි.

:       0       0

indika Wednesday, 17 March 2021 05:58 PM

ඡන්ද ගුණ්ඩු..

:       0       0

ranjith Wednesday, 17 March 2021 11:35 PM

මේ දුප්පත් රටේ මහජන මුදල් අවභාවිතා කරන මොකාට වුණත් හොඳක් සිද්ද වෙන්නේ නැහැ කවදාවත්..

:       0       1

කපුරු හාමි Wednesday, 17 March 2021 11:53 PM

මීට වැඩිය පවුල් පිටින් එකතු වෙලා රටත් කාලා, රටම උගසට තියපු අයත් අද යස අපූරුවට ඉන්නේ...

:       0       0

BamunuarachchiThursday, 18 March 2021 11:45 AM

රට උලා කාපු මිනිස්සු රටටත් සෑහෙන වැඩ කොටසක් කළා පැන්සලක් කොලයක් අරගෙන ලියන්න පටන් ගන්න රනිල් ප්‍රභාකරන්ට දෙන්න ගිය උතුර යුද්ධය දිනලා නවතා ගත්තා.. ලියාගෙන ලියාගෙන ගිහිල්ලා අන්තිමට ලියන්න පාසල් වලට විද්‍යාගාර දුන්නා කියලා. දැන් ලියන්න යහපාලකයෝ ගැන පටන් ගන්න බැංකු හොරකමින්, පාස්කු ප්‍රහාරය ගැන ලියලා රටට කිසිවක් නොකර ට්‍රිලියන 8ක ණය කළා කියලා ඉවර කරන්න. කොහෙද හලෝ ජීවත් වුනේ? ඉපදුනේ ඊයේ පෙරේදාද?.

:       0       1

Buddika Thursday, 18 March 2021 12:28 AM

මේ ගොල්ලෝ එල්ලුවා වගේම, සීනි බදු වංචාවේ මහ හොරුන්ටද දඬුවම් දිය යුතුයි. ඒ සමගම 2015ට පෙර කරන ලද මහාපරිමාණ වංචා හොරකම් දේශපාලන බලයෙන් වසා දැමීමට, මකා දැමීමට ඉඩ නොදිය යුතුයි. අද ඒ හොරුන් වීරයෝ වෙලා.

:       0       0

විජේ Thursday, 18 March 2021 02:55 AM

මේ වගේ උපන්ගෙයි හොරෙක්ව ඇතුළට දාන්න නඩු අහඅහා බොරුවට රඟන්න ඕනේ නෑ. කොහොම හොරෙක්ද කියලා ඕනෙ කෙනෙක් දන්නවනේ... කැලෑ කැපුම යට ගැසීමට කරන තවත් සෙප්පඩ විජ්ජාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       0

sampath Saturday, 20 March 2021 06:58 PM

මේවා මොනවද කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් පළාත් සභා ළඟයි. වැඩේ අමාරුයි යන විදිහට නම්... අපරාදේ රටේ කාලය නාස්තිවෙනවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1419 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 690 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 753 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 403 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1694 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 535 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site