IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බිඳ වැටුණු ෆේස්බුක්, වට්ස්ඇප් යළි යථා තත්ත්වයට

පැය හයක බිඳ වැටීමකට පසු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් යනාදි සමාජ මාධ්‍ය ජාල සහ පණිවුඩ ජාල මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් යනාදී සමාජ මාධ්‍ය සියල්ල ෆේස්බුක් සමාගමට අයත් වන අතර සඳුදා, එනම් ඊයේ (4) පස්වරුවේ බිඳ වැටීම් වාර්තා විය.

ෆේස්බුක් සමාගම එම අවස්ථාවේදී බිඳ වැටීමට හේතුව කුමක්දැයි සඳහන් කර නොතිබුණු අතර බිඳ වැටීමක් සිදු ව ඇතැයි ද සමාජ ජාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ද සඳහන් කර තිබිණි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ මාධ්‍ය ජාල වන අතර මැසෙන්ජර් සහ වට්ස්ඇප්  පණිවුඩ සේවා වේ.

මෙම බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ පරිශීලකයන් බිලියන 3.5කට පමණ එම සේවාවවලට පිවිසීමට නොහැකි විය.

මෙම ෆේස්බුක් සමාගම මුහුණ දුන් විශාලතම බිඳ වැටීම බව ද වාර්තා වේ.

ෆේස්බුක් සමාගමේ ආචාරධාර්මික නොවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම සමාගමේ ම ඉහළ පෙළේ සේවිකාවක් අනාවරණය කිරීමෙන් අනතුරුව සිදු වූ දෙවැනි බිඳ වැටීම මෙය වේ.

ෆේස්බුක් සමාගම වෛරී ප්‍රකාශ හෝ අථත්‍ය තොරතුරු (අසත්‍ය හා ව්‍යාජ තොරතුරු යනාදිය) සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් සමාගම අඛණ්ඩව ලාභ පසුපස යන බවත් එම නිලධාරිනිය අනාවරණය කළාය.

ෆේස්බුක් ජාලයේ බිඳ වැටීමත් සමඟ ලොව බොහෝ දෙනා ට්විටර්, ටික්ටොක් යන සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසියහ.

මෙම බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ කොටස් සියයට 4.9කින් පහළ වැටී ඇති අතර එය ඉකුත් නොවැම්බර් මාසයෙන් පසු සිදු වූ විශාලතම පහළ වැටීම යැයි ද වාර්තා වේ.

 

රොයිටර්ස් 



අදහස් (3)

බිඳ වැටුණු ෆේස්බුක්, වට්ස්ඇප් යළි යථා තත්ත්වයට

සිරිබිරිස් Tuesday, 05 October 2021 08:30 AM

අම්මෝ ඇති යාන්තං. අදත් නැති උනා නං සිය දිවි හානි කරගන්න වෙන්නේ .

:       2       3

Bamunuarachchi Tuesday, 05 October 2021 11:00 AM

ඕක වසංගතයක්. බොරුකාරයින්ට සුර ලොවක්

:       0       0

චන්දන Tuesday, 05 October 2021 05:15 PM

ඒ වුණාට ලැප්ටොප් වල නැවත ඉන්ස්ටෝල් කරන්න වුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 3 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2726 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 659 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1320 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6652 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 917 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site