(සුසිල් ප්‍රියන්ත)
රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවන්ට වරද පිළිගත් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් චන්දනට රුපියල් 27500ක දඩයක් ගෙවන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංස සමරදිවාකර මහතා අද නියම කළේය.
බීමතින් රිය පැදවීමේ චෝදනාවට රුපියල් 25,000ක් ද වලංගු රියදුරු බලත්රයක් ළඟ නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 2500ක දඩයක් ද නියම කෙරෙණි.
අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාරේ මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදි අම්බලන්ගොඩ පොලිසිය ඉකුත් 23 වැනි ද සැකකරු අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති අතර අද දින ඔහු බළපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය.
වලංගු රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බිමතින් අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාරේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී නිමල් චන්දන මහතා අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ පොලිසිය අධිකරණයේ පෙනී සිටිමේ කොන්දේසි යටතේ පොලිස් ඇප මත එදින මුහු හැරිණි.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අම්බලන්ගොඩ අධිකරණයේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී සිටියේය.
ඔහුට එරෙහි චෝදනාව අධිකරණයේදී කියවා දුන් අවස්ථාවේ ඔහු ඊට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම කෙරිණි.
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීමතින් රියපැදවූ හික්කඩුව ප්‍රා.සභා විපක්ෂ නායක දඩ කයි
Mahinda Karunarathna Wednesday, 28 April 2021 11:35 AM
මේ අයට ලයිසන් තියනවද?
WCA Wednesday, 28 April 2021 11:53 AM
බීලා අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති අතර අද දින ඔහු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය. හැමෝටම එහෙමද දන්නේ නෑ. පොඩිමිනිහාට කෙලින්ම ඇල්ලුවා පොලිස් කූඩුවෙන් කෙලින්ම උසාවි... එක රටක් එක නීතියක්...
Puppa Thursday, 29 April 2021 12:09 AM
ඔබේ කතාව සත්‍යයක් නම් මොකක්ද මේ නීතිය..? එකෙකුට එක විදිහක්, බලවතාට තව විදිහක්.. මේ ලොක්කා බලේට අපි ගෙනාවේ ඕක නැති කරන්න නේද?
sharm warnThursday, 29 April 2021 08:59 AM
ඔයා මෙච්චර කල් ලංකාවේ නෙමෙයිද හිටියේ ? නීතියක් තියනවාද නැද්ද කියලා දැක්කෙම නැද්ද? ඔන්න ඔයාලා ගෙනාපු පාලකයෝ.... දැන්වත් වැරැද්ද තේරුම් අරන් හොරු දෙගොල්ලෝ කරන එක නවත්තන්න...
palitha Wednesday, 28 April 2021 05:43 PM
බීමතින් රිය පැදෙව්වාම රියදුරු බලපත්‍රය යම් කාලයකට තාවකාලිකව අත්හිටවන්නේ නැද්ද?
sharm warn Thursday, 29 April 2021 03:49 AM
ආලෝක පුවරුව ළඟදී පොලිස් නිලධාරියෙක් හප්පලා මැරුවාම... එක්කෝ ඕනෑ නැහැ. එව්වා පොඩි ළමයි අතින් වෙන සුලු වැරැදිනේ අප්පා...