IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග

(අංජුල මහික වීරරත්න)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

දින දහයක් ඇතුලත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ඒ සමඟම දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කරන්නැයි ද දැනුම් දී තිබේ.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර  ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද (9) සිට ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. 

ජනාධිපතිවරයාගේ  උපදෙස්  පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත අදාල දැනුම් දීම  කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (8)

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග

රසික Monday, 09 October 2023 04:01 PM

ඔය පාලම හදල තවම මහ දවසක් ගියේ නෑනේ. හදපු එවුංගෙ හොරා කෑමේ තරම තමයි ඉතිං. හදපු එවුන්, අනුමත කරපු එවුන්ගෙන් අයකරගන්නෝන ඕවා. දැන් ආයේ හදන්න වියදම් කරහල්ලකො මහජන මුදල්.

:       2       10

samMonday, 09 October 2023 08:10 PM

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත. මම පාලම සාදා වසර 10 පමණ බව කියවේ. එමනිසා වසර 50කට වැඩි කාලයක් පැවතීමට මෙවැනි "මගී පාලම් ගොඩ නැගිය යුතුවේ. මෙම පාලම ගොදනගනා සමාගමෙන් වසර 50ක පමණ 50 year warranty යක් ලබාගත යුතුවේ

:       0       1

UPALITuesday, 10 October 2023 09:13 AM

රසික, මේ රටේ වගවීමක් නැහැ. දේශපාලනඥයන් මෙන් වගකිවයුතු නිලධාරීන් සෑම විටම වින්දිතයින්ට දොස් පවරමින් පලා යනව.

:       0       1

chandima Monday, 09 October 2023 04:08 PM

වන් මෑන් ශෝ සංදර්ශනයක් දාන්න හිතිල වගෙ. පාලම් හදන්න තිරනය කරන්න මුලු දෙපාර්ථමේනතුවක් තියෙද්දි මෙයා ඉන්ජිනෙරු වැඩෙත් කරන්න වගෙ යන්නෙ.

:       7       10

Rata Perata Monday, 09 October 2023 04:36 PM

රටේ පරිපාලනය කොච්චර දුර්වල වෙලාද කියනවා නම් පාලමක් අලුත්වැඩියා කරන්නත් රාජ්‍ය නායකයාගේ නියෝග ඕනෑ... තව ටික දවසකින් වැසිකිළි සුද්ද කරන ඒවාටත් රනිල්ගේ නියෝග එයි.. පිස්සු නැතිනම් හොඳයි.

:       1       11

Nimal Monday, 09 October 2023 04:56 PM

රසික මහතා කිවූ දේ සහතික ඇත්ත... මගේ දැනුමේ තරමට මේ පාලම හදලා වසර 10ක් වත් ගතවී නෑ. කොන්ක්‍රීට් පතුරු ගොස් ඇති සැටි හොඳින් පේනවා. මෙය සැදූ අය ගැන ගෙන්න ගන්න පියවර කුමක්ද? මෙවැනි අන්තරායදායක නිර්මිතයක් නැවත ඉදිකරන්න මාධ්‍ය වලින් පෙන්වන තුරුම සිටිය යුතුද?

:       1       7

chandima Monday, 09 October 2023 08:05 PM

මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. මේ වැඩේට අතදාලා විහින් ටින්කිරි ගාගත්තට, පාලම් පරීක්ෂා කිරීම සේවයේ නියුතු නිලධාරීන්ගේ වගකීමක්. ඒ නිලධාරීන් සිතා සිටින්නේ මාසික වැටුප කාර්යාලයට පැමිණ පුටුව උඩ සිටීමට දෙන දීමනාවක් ලෙසයි. මමත් කලක් රජයේ සේවකයෙක් ලෙස සිටියදී කලේ ඒ දේමයි. එය වරදක්... ඒ සඳහා ස්ථාවර නියෝග පැනවීම ඉහළ නිලධාරීන්ගේ වගකීමක්. ජනාධිපතිතුමනි, මහාමාර්ග, විදුලි බල වැනි ආයතන සියල්ලටම මෙය බලපාන්නේ නෑ... මෙවැනි වැඩපිළිවෙළක් නොතිබීමෙන් ලොව පුරා වූ හානි බොහොමයක්... ගොඩනැගිලිවල පාදමේ යකඩ මළ බැඳීම වරින්වර පරීක්ෂා නොකිරීම නිසා ගොඩනැගිලි කඩා වැටුණා. විශාල වැව් බැමිවල කම්බි නිසිලෙස පරීක්ෂා නොකිරීම නිසා ඒවා බිඳී ගොස් ජීවිත හානි වුණා. මෙවැනි දේට වගකිව යුත්තේ එයිට අදාළ නිලධාරිනුයි. පාලමක් ඉදිකිරීමේදී තත්ව පාලනය නිසිලෙස සිදුකිරීම නිලධාරීන්ගේ වගකීමක්. දේශපාලකයින් ඒ මැදට පැන වරදට වරද දීර්ඝ කාලීනව හරිගස්සනවා වෙනුවට ටින්කිරි ගාගැනීම නොකළ යුතුය.

:       0       1

upali Tuesday, 10 October 2023 08:38 AM

කරුණාකර කොල්ලුපිටිය දුම්රිය පාලම පිළිසකර කර දෙන ලෙස අදාළ පාර්ශ්වවලට උපදෙස් දෙන්න. ස්තුතියි දෙරණට.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1236 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 229 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 276 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 140 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 406 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 155 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site