IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ )

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල්  මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති කාර්යාලයේදී  අද  (8) පෙරවරුවේ  හමුවිය.

මෙය ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි

බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට (2018 – 2020 කාලසීමාව සඳහා)  හිමි විය.  බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව එම කාල සීමාවේදී  දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි

බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී  විය යුතු හෙයින් කලාපයේ  ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහ ලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මහ ලේකම්වරයා සමග පැවැසීය .

බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්පූර්ණ කිරීම මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් වෙනුවෙන් සාමාජික රටවල් අතර විශේෂිත වූ ක්ෂේත්‍ර බෙදාගැනීම සිදු විය යුතු බවත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි මාස කිහිපයේ දී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදයේදී පැවැත්වීමට නොහැකිවූ පස්වන බිම්ස්ටෙක් සමුළුව  ලබන වසරේ මුල් කාර්තුවේදී  පැවැත්වීමට හැකි වෙනු ඇතැයිද  ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාය පළ කළේය.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන හොසෙයින් මොෂාරෆ් , මහිශිනී කොලොන්නේ යන මහත්ම  මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 25 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 575 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 448 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1031 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 512 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2315 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site