IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බියගම රෝහල හදන වැඩ ලබන මාසේ ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

බියගම  නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු  ලබන මාසයේදී ආරම්භ කරන  බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බියගම  ආසනයට තවත් එක් ජාතික පාසලක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම තමාගේ  තවත් බලාපොරොත්තුවක් බවද විජයවර්ධන මහතා කීය.

රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන්  පැවති උත්සවයේ දීය.

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක්  සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 6 වැනිදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී  දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය. 

එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින්  ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර සිසු අයිතියට පවරා දීමට කටයුතු කරන බවයි. 

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු බවත්  එකවර සිසුන් 5000කට පමණ එක් රැස් විය හැකි සියලු පහසුකම් වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිත බවත් විජයවර්ධන මහතා කීය.

 

 



අදහස් (3)

බියගම රෝහල හදන වැඩ ලබන මාසේ ඇරැඹෙයි

upali Friday, 08 March 2024 03:03 PM

දේශගුණික විපර්යාස ගැන කියන්න ඔවුන්ගේ තියෙන වෘත්තීමය සුදුසුකම් මොනවාද?

:       1       10

සුන්දරාFriday, 08 March 2024 04:33 PM

ඔහොම අහන්න තියෙන අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් මොනවද?

:       0       5

පිටරටවැසියා Friday, 08 March 2024 06:24 PM

දේශපාලනික විපර්යාස ගැන කියන්න නම් ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 831 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1726 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6160 7

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1815 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site